තෙ ඇස
ඔහු බලන්නේ ඇය දෙස නොවන බව පෙනේ. එහෙත් ඔහුගේ හිස මත ඇය සිටින වග දැනේ. ජීවිතාවබෝධයෙන් පරිනත වූ පිරිමින්ට ගැහැණු ඉදිරිපිටදී තෙවෙනි ඇසක් මතුවන්නේ කෙසේද යන්න තමන්වත් නොදන්නා බව සැබෑවකි. ස්ත්‍රීන්ද මෙය නොදන්නවා විය නොහැක. එසේ නම් සිදුවන්නේ නොදන්නවා ලෙස රඟපෑමය.
පරවේණි ත්‍රි කෝණී
පරවේණි ත්‍රි කෝණී
ජගත් මාරසිංහ
2016 මැයි 18
අමතක තැනක්
"අත්හරින්න යන තනි වචනයේ සංකල්පීය අදහස ඔබ වහන්සේ දෙසූූ ධර්මයේ ප්‍රධාන ප්‍රායෝගික තර්කයක් බව සරලව වටහා ගත හැක. නමුත් අන් බොහෝ දෙනා මෙන් මා ඉපදීී දකින පනස් පස් වන වෙසක් දිනය වන විට ඔබ වහන්සේගේ ධර්මයේ අත්හරින්න යන්න අනෙකුන් මෙන් මාද අතහැර තිබෙණ බව දනිමි. ආධ්‍යාත්මික සියලු දේ මාධ්‍ය භාවිතාවේ පසුගමිත්වය විසින් වසා දමා තිබේ. තමාගේ හෝ තම සංවිධානයේ නැතහොත් තම සමාගමේ බලය මතුකර ගැනීමට ඔබ වහන්සේගේ ධර්මය පාස්සා අහිංසක මිනිසුන්ව ඇන්ඳවීීම අද විලාසිතාවකි. ඔබ වහන්සේ මතු කරගත් ධර්මය දිවි පරදුවට තබා රැක බලා ගත්තේ සංගයා වහන්සේලා විසින් බවට විවාදයක් නැත. එහෙත් තවත් පසෙකින් උන්වහන්සේලාව රැක බලා ගත්තේ අහිංසක ගිහි මිනිසුන් විසින් බව මේ බුද්ධ වර්ෂයෙන් පසුව හෝ ඊනියා බුද්ධි වාදියෝ දැන ගත යුතුය ."
ජගත් මාරසිංහ
2016 මැයි 15
මා රස වෙනස
සීමා රහිත ලිපියක ආරම්බයකි-
ඡායාරූප+
" සියුම් ආලෝක කදම්බ කීපයකින් නිර්මාණය වූ ඕනෑම අරමුණක සංකල්ප රූපයක් අප සිත විසින් දුටු සැනින් අල්ලා ගනී. ඉක්බිතිව සිතිවිලි සිතිවිලි හැප්පෙමින් තමන්ගේ කැමැත්තට හේතු සොයා වෙහෙසෙන රසිකයා සිය අරමුණ රඳා පවතින්නේ ආලෝකය මත බව අමතක කරයි. එහෙත් ආලෝකය අහිමි නෙත් අඳ මිනිසුන්ටද සිතිවිලි සිතිවිලි ගැටුම සාධාරණය. මේ අප දකින්නේ ආලෝකයේ සොබාවයක ප්රතිබිම්බයේත් ප්රතිබිම්බයේ චායාවක් පමණි. ආලෝකයෙන් තොරව පවතින සිතිවිලි ගැන නොදන්නා මිනිසුන් භාවනාව මිත්‍යාවක් ලෙස දකින්නේ නෙත් අඳ නිසා නොව ආලෝකයේ භූමිකාව පිලිබඳ අවබෝදයක් නැති නිසාය. මිනිසුන්ට යාවත්කාලීන නොවූ ආධ්‍යාත්මික ක්‍රමවේද විද්‍යාවක් ලෙස නැවත කියවීමක අවශ්‍යතාවය මතු කිරීම වෙනුවෙන් පෙනී සිටීම මා රසේ එක් කටයුත්තක් පමණි..........?"
ජගත් මාරසිංහ
මනුස්සා භය තජ්ජිතා | The men who fear
2+
මනුස්සා භය තජ්ජිතා | The men who fear
"තමාද මරණයට පත් වන වග දැනගත් දා සිට තමාගේ අනෙකා තමා මිය යන දිනය සෙවීම ආරම්බ කරයි. ලෝකයේ මෝඩයන් ලෙස සලකන මිනිසුන් කොටසකගේ සිට දාර්ශනිකයන් ලෙස සලකන මිනිසුන් දක්වා වූූ සියලු මිනිසුන්ට මෙය පොදු ධර්මතාවයකි. තමා මිය යන මොහොතේ පවා සිහියෙන් සිටිනවා නම් තමාගේ එම අරමුණ වෙනස් නොවේ. මෙය මිනිසාගේ මානසික බීතිකාවේම ස්වභාවයකි. අනෙකුත් සියලු අරමුණු මේ බියට යටත් වූූවා සේය. මනුස්සා භය තජ්ජිතා යනුවෙන් බුදුනුවන්ද වදාලා තිබේ. මේ බිය කළමනාකරණය කිරීමට හැක්කේ මිනිස් මනසේ ආධ්‍යාත්මික අර්ධය අවධි කිරීමෙන් බව සැබෑවකි. කර්මපල වාදයේ ජනක කර්මය සහ උභය කර්මය ඔස්සේ මේ පිළිඹද බොහෝ දේ විමසා තිබේ. ග්‍රහ තාරකා සහ සාමුද්‍රිකා ක්‍රමවේදයේ මේ පිළිඹදව සාකච්ඡා කිරීමට ඉඩ දී තිබෙන්නේ ආධ්‍යාත්මික පොහොසත් බවක් ඇති පුද්ගලයන් සමග පමණි. අනෙකුන් සමග මේවා ගැන කතා බහ කිරීීම ඔවුනට නැති මානසික රෝගයක් ඇති කිරීීමේ උත්සාහයක් වීමට ඉඩ තිබේ. කටකයෙන් උපන් සිද්ධාර්ථයන් පමණක් නොව කුම්භයෙන් උපන් කාල් මාක්ස්ද නක්ෂත්රයේ ගණිත කර්ම වලට එකගව සිය ජීීවිතයෙන් සමුගත් බව සැබෑවකි. (නිදසුන්- මා රස මැකීගිය තරු රටා) මේවා ගැඹුරු ආධ්‍යාත්මික කාරනා ඔස්සේ දැකිය යුතු දේවල් නමුත් අද ජනප්‍රියත්වය තකා මිනිසුන්ට මරණ දඩුවම දීමට ඊනියා සාස්තර කාරයන් පෙරමුණ ගෙන සිටීී. අශාවන් සංකීර්ණ වූූ වෙළද අවකාශයක රාජිනීස් නැමති ආධ්‍යාත්මික වේදියා කීවාක් මෙන් ආධ්‍යාත්මික දේ විද්‍යාවක් ලෙසින් නැවත කියවීීම අනිවාර්ය වී තිබෙන්නේ ඒ නිසාය. කාරනා කෙසේ වූූවත් මිනිසාගේ අනිකා සෑම මොහොතකම දින ගණින්නේ තමා මිය යන මොහොත සොයා ගැනීමටය. එය කිසිදා තමාටම කළ නොහැකි වන්නේ මිනිසා මිය යන්නට තිබෙන දැඩි අකමැත්ත නිසාමය. කොටින්ම ජීවන තෘෂ්නාව නිසාය. බොහෝ විට සමහර මරාගෙන මැරෙන මිනිස් බෝම්බ කරුවන්ගේ පුහුණුවට තම ඇදහීම් හරහා මරණින් මතු ආත්මයක් තහවුරු කරීම අනිවාර්ය වීී තිබීමටද මේ හේතුව බලපා තිබේ......."
ජගත් මාරසිංහ
2016 මැයි 07