හාදුවේ අයිතිය


හාදුවේ අයිතිය 
 ආහාර කුස පුරවනවා සේ හාදුව ඔබේ හිත පුරවන අතර දෙදෙනෙකුගේ ඒකත්වයේ භෞතික ප්‍රකාශන අතර හාදුවද ප්‍රධාන වන බව සැබෑවකි.හාදුවේදීද කාල අවකාශය මොහොතකට සූන්‍යත්වයට පත්වීම සලාද සදාචාරයට ගැටලුවක් වූවාට මිහිපිට වසන කිසිදු මිනිසෙකුට කිසිදා ගැටලුවක් විය නොහැක. හාදුවටද පරිමාවක් තිබේ. එහි ප්‍රමාණය දන්නේ හාදුව දෙන්නා හා ලබන්නා විනා රහසේ හිල්මරන්නන් නොවේ. හාදුවේ පරිමාව ඒ මොහොතේ ඒ දෙදෙනාට පමණක් සීමා වන්නක්ද නොවේ. මන්ද ඒ දෙදෙනා මොහොතින් මොහොත යලි යලිත් ඉපදී ඒ දෙදෙනාගේ මානව සබඳතාද මොහොතින් මොහොත නැවුම්කරණය වී ජීවන ධාරිතාව පුළුල් වන බැවිනි. එහෙයින් හාදුව වනාහී ජීවිතයේ නොසලකා හැරිය නොහැකි ක්‍රියාවක් වේ. කුඩා කල කාටත් පාහේ හිමිවන තොත්තුවේ උණුසුම ක්‍රමයෙන් හාද්ද හෙවත් කිස් එක දක්වා විකාශනය වන්නේ දුක් විපත් පවා කළමනාකරනය කරමින් බව අවබෝධ කරගත හැක්කේ හාදුවට බිය නැති ආදරවන්තයන් පමණි. හාදු දීමට නොව බිය විය යුත්තේ හාදු නොදී සිටීමටය. මන්ද ජීවිතයට හාදු තිබෙනවාටත් වඩා වැඩියෙන් හාදුවකට ජීවිතයක් තිබෙන නිසාය. මරණයෙන් පසුව හාදුව මිත්‍යාවක් ලෙස ඇතැමුන් සලකන නමුත් ඒ අදහසේ ජීව ගුණය මිත්‍යාවද අපහසුවට පත්කරයි. හාදුවේ විකාශනය සලකා මේ මොහොත සලාද සදාචාරයට හිනා විය යුතු කාලයි. ඒ සිනහව වනාහී සලාද සදාචාරයේ මළගමේ මල්වඩමේ මල් සුවඳම මෙන් දැනිය යුත්තන්ට දැනී යනු.


ජගත් මාරසිංහ
10/18/2016

1 comments:

හාදුවක් දෙන එක මැජික් එකක් නොවුණනම් හරි.
සමහර කල්ට් වල හාදුව අවුලක් නෑ. සම්හර තැන්වල අපරාධයක් කළා වගේ


Powered by Blogger.