අහස් ගොනාගේ කතාන්දරය
මාරස
2017 කලාපයට.....
-අහස් ගොනාගේ කතාන්දරය-
“අහසේ සිටින ගවයා මිනිසාගේ ඔලුගෙඩියේ නැත. මිනිසාගේ ඔලුගෙඩියේ සිටින ගවයා අහසේ ඇත. අහසත් පොළවත් වෙන්කළ නොහැක. ගවයා හෙවත් වෘෂභයාගේ නමින් වර්ග කරගත් රාශියේ අධිපතියා ස්ත්‍රියක් ලෙස වර්ග කරගත් සිකුරාය. සිකුරා කීවාට සිකුරියගේ සංකේතය ලෝකයේ ස්ත්‍රී සංකේතයක් වූයේ කෙසේද? එයම ආදරයේ සංකේතය වන්නේ කෙසේද. ඊට පැටලෙන පුරුෂ සංකේතය කුජ හෙවත් අඟහරුගේ සංකේතය වූයේ කෙසේද? වෘෂභ රාජිනිය ආදරය බෙදෙන උල්පත ලෙස ගත් මිනිස් අත්දැකීම වන්නේ මුසාවක් නොවන්නේ මන්ද? එසේනම් ආදරය කිරීම ගොනුන්ට සමගාමී වන්නේ මන්ද? අහසේ දේශපාලනය අතහැර ආධ්‍යාත්මික විද්‍යාවක අඩුව පිරවිමට මිනිසාට නොහැකි වන්නේ මන්ද? එන්න ඇයට හෝ ඔහුට ආදරය කිරීමට පෙර අහසට සහ ඉන් ඔබ්බට ආදරය කර විශ්වයේ චලිතයේ නිදහස සුරකින්න. අහසේ සීමා නැවත ලකුනු කිරීමට පෙර ඒවා ගලවා දැමීම ආරම්බ කිරීමට සිතීමට අපි 2017ට කල් තබමු.“

12/19/2016


Powered by Blogger.