දැනුම්දීම්,

" මාරස " අතිරේකය මේ දෙපල වෙනුවෙන් සටහනක් තබන්නේ ආදරය වෙනුවෙන්ම බවද සටහන් කළ යුතුය.

    මිනුවන්ගොඩ වෑලිය ගම්මානය එකල රබර් වතු වලින් වටවූ දුෂ්කර ගම්මානයකි. 1933 වසරේ උපන් පියදාස ප්‍රනාන්දු මහතා තරුන වයසේම ගම්මුන්ගේ නමින් පියදාස සහෝදරයා විය. වාමාංශිත ව්‍යාපාරයට නැඹුරු වූ මොහු සිය එකම පුතු වාමාංශික දේශපාලනයේ නිරත වන විට මතවාදී තලයක සිට විරුද්ධ වූ නමුත් මොනවා වුනත් මගේ පුතා වාමාංශිකයෙක් කියමින් සතුටු විය.කෙසේ වුවද බීෂණ සමයේ සිය පුතු අතුරුදහන් වූවන්ගේ ලයිස්තුවට එකතු වූ පසු තවදුරටත් වාමාංශික දේශපාලනයට ආදරය කළ මොහු අවුරුදු 84ක් පමණ දිවි ගෙවා තමාගේ මතකය පමණක් ගම්මුන් හට ඉතිරි කරමින් ඊයේ 2017 පෙබරවාරි 24 දින සදහටම සිතීම නවතා දැමීය. කුමණ දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනීසිටියද පියදාස ප්‍රනාන්දු මහතා සහ සිය පුතු වූ සුදත් කුමාරසිරි යන දෙපල මනුෂ්‍යත්වය පිළිඹ‍්ඳ අසීමිත ආදරයකින් කටයුතු කළ බව දන්නෝ දනිති.සත පහක්වත් තමන් වෙනුවෙන් ඉතිරි කර නොගත් මේ දෙපල ආදරය යනු කුමක්දැයි ජීවිතයෙන්ම පසක් කළ බව සැබෑවකි. " මාරස " අතිරේකය මේ දෙපල වෙනුවෙන් සටහනක් තබන්නේ ආදරය වෙනුවෙන්ම බවද සටහන් කළ යුතුය.පොදු කටයුතු වෙනුවෙන්ම සිය කාලය සහ ශ්‍රමය කැපකල මේ දෙපල ගැන වෑලිය ගම්මානයේ නව පරපුර දැන ගත යුතු දේ බොහෝ ඇති බවද ලියා තැබිය යුතුමය.(අවසන් කටයුතු 2017 පෙබරවාරි 26 දා වෑලිය ගම්මානයේ සිදුකිරීමට නියමිතය.)

ජගත් මාරසිංහ


Powered by Blogger.