ඇටයට හිවිඩ්ඩට නැත් බ්ලොග් පොජ්ජකි මේක

                                 ඇටයට හිවිඩ්ඩට නැත් බ්ලොග් පොජ්ජකි මේක

     ''මා රස'' යනු අමා රසය බව පත පොතේ ලියවී තිබේ. අතිශයින්ම ප්‍රනීත දෙවියන්ගේ භෝජනය ඔබටත් දිව්‍යය   භෝජනයක් වේවා සිතා ලියා ඵල කරන්නේ ඔබට රස  විඳීමටය. එහෙත් අපි අතිරසත් තිත්ත වන අවධියක ජීවත්වෙන බව  දනිමු.  මා ඔබෙන් බැනුම් අසන පලා නොලියන අකුරු ලියන කෝකියෙකු වෙමි. වෙනසකට තිබෙන්නේ ඔබ ඉල්ලන දේ මා දෙන්නට සූදානම් නැති කමය. මා ඊට කැමති වූවානම් බොහෝ දේවල් කරගත හැකි මාධ්‍ය ආයතන වලින් මා ඉවත් වන්නේ නැත. තමන් ගැන ස්වයං විවේචනයක් ඇති අනිකාට ඇහුන්කම් දෙන සැබෑ සමාජ සංවිධාන හමුවූවා නම් ගෙදරට වී බ්ලොග් ලියමින් කාලෙ කන්නේද නැත. කෙසේ  නමුත් දෙවියන් නම් පාඨක ඔබය. හිතෙන දේ හිතේ හැටියට ලියන කෝකියා මමය. ඔබට අවැසිනම් වෙන බ්ලොග් කඩයක් තෝරා ගත හැක. මන්ද මෙය කඩයක් නොව දන්සැලකි. එහෙත් අවසානයේදී දන්සලද කඩයක් වන බවත් සැබෑවකි. ඒ තත්ත්වය මේ සමාජ ක්‍රමයේ සිරිතක් වී තිබේ. මේ නිමේශයේ ඒ තත්ත්වය අප කොදෙව්වට පමණක් සීමා වූවක්ද නොවේ. අන්තර් ජාල ප්‍රාග්ධන හිමියන්ට අප  පිං අනවශ්‍ය බව සැබෑවකි. ඒ අයට ලියන්නාගේ ශ්‍රම කාලයත්, සම්බන්ධතා ගාස්තුවත්, කියවන්නාගේ ගාස්තුවත් හොඳටෝම ප්‍රමාණවත්ය. එහෙත් ඔවුන්ගේ රාජකාරිය අපේ ප්‍රකාශන ආයතන වලට සාපේක්ෂකව බොහෝ උසස්ය. එයද දියුණු ධනේශ්වරයේ හේතුවක් බව පිලිගැනීමට කතන්දර ගෙතීම නිර්මාන පාලුවන්ගේ වාසියට සිදුවන්නක් බව පෙනේ. කාව්‍ය ශාස්ත්‍රයේ රස දැක අමෘතය දිව්‍ය ලෝකයට පැන ගිය බව සංස්කෘත මහා කවියෙක් ලියා තිබෙන බව මට මතක තිබේ. විශ්ණු දෙවියන්ටත් සෙනසුරා බට කොල කැවූ නමුත් කිසිවෙකුට වසවර්ති මාරයා  එසේ නොකරනු ඇත. මන්ද මාරයා සිටින්නේ වෙන කොහේවත් පිටස්තර ලෝකයක නොව 
ඔබේම 
ඔලුගෙඩියේ නිසාය.



Powered by Blogger.