මේ පිරිමින්ට නියඟලා අල කන්න වෙන කාලයයි

මේ පිරිමින්ට නියඟලා අල කන්න වෙන කාලයයි


                             ලංකා බණ්ඩාරනයක යනු මම කවුද කියා දැනගෙන හිටියේ මාධ්‍ය වලින් පමණි. ඒත් කේ.කේ සමන් හෙවත් සර්පයාගේ පොතකට මේ කෙල්ල මාර විචාරයක් දෙනවා .සර්පයා සොඳුරු දඩයක්කාරයා කරනවා. නමුත් මම සර්පයාට කියනවා මේකිගේත් තියෙන්නේ පරණ ස්ත්‍රිවාදයමයි කියා. කෙසේ හෝ ලංකාගේ කෙටි චිත්‍රපටිය මට බලන්න ලැබෙනවා. මාරයි. අද නැති කලාව කියන එක ඒකේ මම දකිනවා. කිසලොව්ස්කිව බර්ග්මාන්ලාව ඒකි බෙල්ලෙන්ම අල්ලා ලංකේය සිනමාවට බද්ධ කරනවා.

පිරිමින්ව නිරුවත් කරනවා. සුර ඉනේ දාන් කක්කුස්සි කටේ සිට පිරිමි කතා කරනවා නියම කෝණයකින් රූප අරන්. නුඹ මාරයි ලංකා. ලංකාවේ පිරිමින්ගේ දෙබිඩ්ඩ තමා අනෙකා චන්ඩියා වීම. කොටින්ම පිරිමියා ගැහැණු චන්ඩියාවිම. තමන්ගේ කෙටි සිනමා කාලයකින් ඒකි ඒක හමාර කරනවා වගේ.

අනිත් අතින් කාරණය මේ කාලයේ කරන දේවල් බලන් ඉන්න බැහැ. මළ විකාර දර්ශන. ඒ ආර්ට් නෙවේ. වෙන මොනවද මගුල්. නුඹ ජීවිතය කැමරාවට ගන්නවා සමහර තැන් වල අර ලෙස්ටර් වගේ ඔනවට වඩා සිංහල නුවර වියේ මගුල් ගත්තට නූතන ශිලිපිනියක් විදිහට මා නුඹව අගේ කරනවා. අලුත් දෙයක් . නුඹ රූපයක් වර්ණ උෂ්ණත්වයෙන් කියවීම නියමෙට තේරුන් අරන්. ඒක වර්ණ වැඩක් කරණවනම් ඕනමනේ. මම ඒක තමයි කිව්වේ ලාංකේය කිසලොව්ස්කිය කියා. කිසලොව්ස්කි සිනමාවට ආවේ වාර්තා සිනමාව හරහා. නමුත් මරුනේ.මොකද දිවිය කෙටියෙන්ම තේරෙනවා.

කලාවක කෙටි දිග නැහැ නේද? ඒක නිවැරදිව නුඹ වටහාගෙන තියනවා. ඒත් ලස්සනම තැන තමා පිරිමියාගේ තියන බොරු පිරිමිකම මරා දැමීම. ලංකා. නුඹ ලංකාවේ මරු ගැහැනියක්. ඒත් පිල්ම් එක මිනිස්සුන්ට බලන්න නැතිව මට මීට වඩා කතා කළ නොහැකියි. කොටින්ම මගේ දෙවැනි වතාවටත් මා තුළ සිටි පර පිරිමියා ට එන ගේට්ටු වැහුවා

එක් තැනක පිරිමියා වැසිකිලියක නිරුවත් කර සර්වාංගයෙන් කරන දෙබස් වලට වඩා ඒ රූප කාය මරු නෙවේ මරේ මරු. කොටින්ම නුඹ ලාංකේය පිරිමි චන්චියාව ඉවර කරන්න පටන් ගන්නවා.

ආදරෙයි ලංකා. මෙය විචාරයක් නෙවේ වගේ පෙනුනාට විචාරයක්ම තමයි. රහසක් කියන්නම්. දන්නවාද මීට මීට වඩා දේ ලියන්න තියනවා. ඒ කෙටි සිනමාව වෙබ් වලට හෝ වෙන ආකාරයකින් ප්‍රසිද්ධ කලාට පසු ඉතිරිය ලියන්නම්. කෙටි කෑල්ලක් විතරක් මෙතන තියනවා. ජයවේවා ලංකා කියා මා කියන් නැහැ. මේක ලාංකේය ගැහැණුන්ගේ ජයග්‍රහණයේ පියවරක් කියා කියනවා.

මට මතකයි සනත් බාලසුරිය ලියනවා. මේ යාපනයට නියගලා මල් පිපෙන කාලයයි කියා ලිපියක්. මට දැනුනා මේක බලපුවාම මේ ලාංකේය කියන කලාපයේ සියලු පිරිමින්ට නියගලා අල කන්න වෙන කාලයයි කියා.

ජගත් මාරසිංහ


Powered by Blogger.