දේශපාලනය නිසා අහිමිවන ආදරය


                            දේශපාලනය නිසා අහිමිවන ආදරය

මම හංසපූට්ටුව පොත ලියලා ඒකේ පිටපතක් මගේ මිත්‍ර දීප්තිට දෙනවා. ඒක බලලා එයා කියන කතාවේ මතක හිටින්නේ මට එක අදහසයි. ඒ කියන්නේ තවත් මගේ නිර්මාණ ස්වත්‍රන්ත්‍රවිය විය යුතුයි කියන එකමයි වගේ හැගීමක්. අසූවේ මුල හැමදාම වගේ අපේ සන්ද්‍යාකාලය ගෙවෙන්නෙ කොහේ හරි කලාව හෝ දේශපාලනය සම්බන්ධ තැනක. එතන අසූව දශකයේ යම් ශුවිශේෂ කල්ට් එකක් හැදෙනවා. එකේ අමතක කළ නොහැකි චරිතයක් තමා දීප්ති කුමාර ගුණරත්න. මේ සටහනට එයාගේ මේ මොහොතේ දේශපාලනය මට අදාල නැහැ කියන කාරණය මුලින්ම කියන්න වෙනවා. මම කතා කරන්නේ අපට දේශපාලනය නිසා අහිමිවුන දීප්ති කුමාර නැමැති කව්‍යක්කාරයා ගැන.
ඇත්තටම 80 මුල මට දීප්තිගේ කලාව අගයන්නේ කේ. කේ සමන් හෙවත් සර්පයා. මට බලන්න ලැබුනේ නැහැ එයාගේ මුල් කෙටි චිත්‍රපටය. එයා මුලින්ම කරනව “රාම රාජ්‍යය” කියලා කෙටි චිත්‍රපටයක්. සර්පයා යම් කලා කෘතියක් ගැන කියාගෙන යන විදිහ ඒක බලනවාට වඩා වෙන එකක්. මම තාම ආසයි ගජමන් පුවත බලනවාට වඩා කේ කේ සමන් එක්ක ගජමන් පුවත නාටකය ගැන කතා කරන්න. ඉතින් මම රාම රාජ්‍ය එදා බලන්නේ සර්පයාගේ දෘෂ්ටි විතානයට පින්සිද්ධ වෙන්න. කොහොම උනත් දීප්ති කියන්නේ ලාංකේය දේශපාලන තලයේ වැදගත් කාර්ය භාරයක් කළ අයෙක්. ඒක නිසා නෙවේ අපි රාම රාජ්‍ය නැවත බලන්න නව පරපුරට නිදහස් කරන්න කියනනේ. දීප්තිගේ කලාව සම්බන්ධ තිබ්බ මගුලකට මම ලව් නිසයි.

අතිත මිනිසුන් සමකාලිනකයන් ගැන නිහඬව සිටියා වගේ අසූවේ අපට ඒක කරන්න අයිතියක් නැහැ. දීප්තිගේ "ඊඩන් උයන” කියන කෙටි කතා පොත මට ගෙනත් දෙන්නෙත් සර්පයාමයි. ඒක මාර විදිහට මට පත්තියම් වෙනවා. ඇත්තටම මගේ සමකාලිනකයෙකුගේ කෙටිකතාවක් මගේ ආදර ගීතයක් බවට පත්වෙනවා කියන එක මාර ආදරයක්.
පස්සේ දීප්ති “නිරුවත් නමින් “ මාර ස්වතන්ත්‍ර නාට්‍යයක් කරනවා. ඔව් විරාගයේ අරවින්දවයි පිටස්තරයා පොතේ මර්සර්වයි විද්‍යුත් විච්චේදනය කරනවා. බ්‍රෙෂ්ට්ගේ දුරස්තකරන සිද්ධාන්ත සමග පින්තූර රාමු වේදිකාව අතික්ක්‍රමණය කලේ සිද්ධාන්ත වශයෙන් ලෙත්තමිකීගේ පුන්තිලා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒත් ලාංකේය ආධ්‍යාත්මික ලකුණ ඉක්මවමින් දීප්ති අපේ අධ්‍යාත්මික ලෝකයේ පින්තූර රාමු වේදිකාව නිරුවත් නාටකටයන් ඉවර කර දානවා. මට මතක විදිහට එදා නවරත්න ගමගේ නැමති පොඩි කොල්ලා සංගීතයෙන්ද යම් සලකුණක් තබනවා.
ඔව් එතනින් පස්සේ දීප්ති ගොඩෝ ඒනකන් - නැතිනම් ගොඩෝ උන්නැහේ එනකම් කියන සැමුවල් බෙකට්ගේ නාටකයේ අනුවර්තනයක් වේදිකාවට ගේනවා. තව දුරටත් දීප්තිගේ කලාව ගැන තිබි ප්‍රතිභාව වනනවාට වඩා මම එයාට මල්මිටක් දෙන එක වඩා නිවැරදියි.
වාමාංශික දේශපාලනය නිසා අපට හොඳ වෙද්‍යවරයෙක් වෙන්න තිබ්බ විජේවීර නැතිවුනා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ වගේමයි හොඳ ඉන්ජිනේරුවෙක් වෙන්න තිබ්බ චම්පික රණවකත්. වික්‍රමභාහු කරුණාරත්න ගැන කතාකරලා වැඩක් නැහැ. මට දැනෙන විදිහට ටික කාලයකට පෙර ලස්සන බ්ලොග් සහ පොත් ලියපු කරුණාරත්න පරණවිතානත් මතකයට එනවා. දීප්ති ගැනත් ඒ ටිකම කියන්න වෙන ඒකක් නැහැ.මොකද මේක දැක්කට පස්සේ එයා ආයෙත් නිර්මාණයක් නැවත කරාවි කියලා දැනෙන නිසා.
සටහන
ජගත් මාරසිංහ
13 02 2020 

15 comments

මම දැනගෙන හිටියේ නැහැ මේ විස්තර . දීප්ති මගේ මුල් පොත ට පෙරවදනක් ලිව්වා. දෙවෙනි පොත එලි දක්වන දවසේ ඇවිත් කතා කළා. මම දේශපාලන හා කලා විචාරකයෙක් හැටියට ඉතා අගයන චරිතයක්. මගේ තුන්වන පොත ලිව්වේ දීප්ති ගේ අදහස අරගෙන. හැබැයි දීප්ති ඒකටා මුකුත් කිව්වේ නැහැ . මේකේ ලින්ක් එක දීප්තිට යැව්වද

අජිත් ධර්ම කියන්නේ දීප්ති සමග යම්කිසි ඇසුරක නිරත වූ අයෙක්. එම නිසා අජිත්ගේ පවුල් ජිවිතයට පවා බලපෑම් එල්ල උනා. දීප්ති එම නිසයි කීවේ ඔහු සමග පිරිමින් පවත්වන ඇසුර,එම පිරිමින්ගේ භාර්ය්‍යාවන්ට ගැටළුවක් වන බව. අජිත්ගේ දීප්තිට ඇති අසාවත් එයමයි.

ලෝන්ග් ඩිස්ටන්ස් එකක් වෙන්නැති , කොළඹ - ලන්ඩන් , තව තියනවද බං අපහාස

පහත ඇති රාවයේ පලවූ ලිපියේ අජිත් ධර්මා ගැන මැනවින් සදහන් කර තිබෙනවා දීප්ති. සති දෙකක් ලිපිය පල වුවා. දීප්තිට වහල් වූ පිරිමින්ගේ භාර්යාවන් දීප්තිට බැන වදිනා අන්දමත් එහි සදහන්.

මම ගෙම්බා අනිත් අය ගෝනුස්සෝ - දීප්ති කුමාර ගුණරත්න

ජගත් මාරසිංහ ලියපු ලිපිය ගැන කතා කරපන් බන් . මම ගැන කතා කරලා වැඩක් නැහැ . මම ලන්ඩන් ඉන්න එකෙක්. ඔය වගේ චිප් ෂොට් හරියයි ලංකාවේ බුවෙකුට . පිරිමි ඇසුර වගේ දේ කියල අපහාස කරන්නේ ලංකාවේ මෝඩ පිරිමි . හොරෙන් ඒ වගේ දේ ගැන හිතන් එවුන්.

පිරිමි ඇසුර ගැන සදහන් කරමින් අපහාස කිරීමක් ඉහත කොහෙත්ම සිදුකර නැත. දීප්ති කියා ඇති දේ පමණක් සදහන් කර ඇත. දීප්තිට සමග කසාද පිරිමින් පවත්වන ඇසුර නිසා එම පිරිමින්ගේ බිරින්දෑවරුන් දීප්තිට බැන වදිනා බව කියන්නේ දීප්තිය.

කෙසේ වෙතත් අජිත් ධර්මා නම් සමරිසි පිරිමින් දෙදෙනකු ගේ සිප වැළඳ ගැනීමක් දැක ඔවුන්ට ආමන්ත්‍රනය කෙරු අයුරු අපට මතකය. අජිත් ධර්මා එසේ කරේ ඔහුත් ලංකාවේ මෝඩ පිරිමියෙක් වෙන්නට ඇත. එසේම ඔහුත් හොරෙන් ඒ ගැන හිතනා නිසාද වන්නට ඇත.

ආ මේ අරයනේ , මේ ටික දැක්කහම අඳුර ගත්තේ . බ්ලොග් මහත්මය කණගාටුයි වෙන පැත්තකට ඇදීම ගැන මේ කතාව.
1. කෝ ඔය දීප්ති කිව්වයි කියන කතාව ? ලිපිය?
2. මගේ භාර්යාවට එහෙම ප්‍රශ්නයක් වෙන්න එයා දීප්ති කියන්නේ කවුද කියලවත් දන්නේ නැහැ. එකක් දීප්ති ගැන ටිකක් හරි දන්නේ ලංකාවේ අය විතරයි. දෙක දීප්ති ජාත්‍යන්තරව ප්‍රසිද්ධ කෙනෙක් නෙමේ. අඩුම ගානේ ජිජැක් කියන්නේ කවුද කියල බිරිඳට කියල දුන්නෙත් මම .
සමහරවිර එහෙමෙ පිරිමි ඉන්නවද මම දන්නේ නැහැ. ඒක අදාළත් නැහැ
3. හොරෙන් එහෙම හිතන්න අවශ්‍ය තාවයක් නැහැ. ලංකාවේ නේ පන්සල් ඇතුලේ පල්ලි ඇතුලේ ඕව හොරෙන් වෙන්නේ. එංගලන්තේ අවශ්‍ය නම් කරගන්න තහනමක් නැහැනේ . කොහොමත් මේක තේරුමක් ඇති කතාවක් කියල මම හිතන්නේ නැහැ ඔහේ අපහාස කිරීමට හියුමිලේට් කිරීමට කියන කතාවක් මිස,

දීප්ති ගැන බැලුවොත් මම ඔහු ලියන දේ කියවන්න කැමතියි . එතනින් එහාට දිප්ටි සුදුද කළුද කියන එක අදාල නැහැ . මගේම යහළුවෝ සමහර අය දීප්ති ගැන එතරම් පැහැදීමක් නැහැ. සමහරුන්ට දීප්ති ලියන දේ තේරෙන්නේ නැහැ. දීප්ති අඳුන්වා දුන් දේ තියනවා මම ජිජැක් ගැන වැඩිපුර හොයන්න පුරුදු වුනේ ලැකානියානු මනෝ විශේලශනය ආදිය දැන ගත්තේ කියවන්න ගත්තේ ඔවුන් නිසා . ලංකාවේ ඔය අනිත් එවුන් වගේ ඒක නොකිය සියල්ල දත් වගේ පෙනී ඉන්න තරම් මම කුහක නැහැ. එපමණයි වෙනස.
අනිත් අයගේ කුහක කම් පේනවා. එනිසාම ඔවුන් දීප්ති ගැන කතා කරන එවුන් විවේචනය කරනවා. ඕක තමයි ඇත්ත . දීප්ති කියන්නේ මම කියවන ජාතියේ ලිපි ලියන තවත් කෙනෙක්.

අජිත් මහත්තයා සමලිංගිකද? ජීජැක් ගැනවත් දන්නේ නැති නෝනාව කසාඳ බැන්දේ විසා එක නිසාද?

This comment has been removed by the author.
This comment has been removed by the author.

හා හා හා , මම මේ සති අන්තයේ ගෙදර උදවිය සමග නිවාඩුවෙන් ගත කරලා පැත්තේ සෝෂල් මීඩියා පැත්තේ ආවේ . මේ ට්‍රොලා තවම මෙතන නේද? දැන් බලහන් ට්‍රොලෝ උඹ පිරිමියෙක්ද ? උඹ වගේ උන්ට මම කියන නමක් ඉස්සර තිබුන පොයන්නෙන්, දැන් කියන්නේ නැහැ මගේ ලංකාවේ යාලුවෝ කිව්වා ඒක සම ලිංගික ප්‍රජාවට නින්දා කිරීමට භාවිතා කරන එකක් කියල. මම හිතුවේ කොන්ද පණ නැති උඹ වගේ පෙන්දන්ට කියන්නේ කියල. ඉතින් පෙන්දෝ , පඟර නැට්ටෝ දැන් මෙතැන පිරිමියා කවුද? සැබෑ නමින් පෙනී හිටින, බුකියේත් ඒ නමින්ම ඉන්න , ප්‍රතිචාර ඒ විධිහටම ඒ නමින්ම පල කරන මමද උඹද ? සැබෑ පිරිමියෙක් කවදාවත් සුළුතරයට හිංසා කරන්නේ හෙම නැහැ. ඒ ගැන එපමණයි.
මගේ ජීවිතය කාලයක් ගත වුනේසුන්දර සෝවියට් දේශයේ නිසා මෙන්න මේ පොතේ හොඳ විස්තරයක් තියනව. අරන් කියවන්න.
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ

මම ලන්ඩන් ඉස්සෙලම ආවේ 1984, උඹ මචෝ ගුගල් ඇනෝ හැංගිලා අනිත් උන්ට ගල් ගහන්න බලන පෙන්දෙක් නිසා නිකන් උඹව තවඅප්සෙට් කරන්න මේක ලියන්නේ. මේවා ගුගල් වල නැහැ ඒ දවස් වල තිබුන කොමෙන්වෙල්ත් යන්ග් පාර්සන්ස් විසා කියල ස්කීම් එකක් . බ්‍රිතාන්‍ය ආණ්ඩුව අනූ ගණන්වල ඒක නැති කරා . ඒක ලේගල් ලූප් හෝල් එකක්. එකයි එකයි දෙකයි එකතු කරගන්න පුළුවන්නේ. එනිසා මචන් උඹට ඇත්තටම පව් . ඕක මානසික ලෙඩක් , මනෝ වෛද්‍යවරයෙක් හම්බ වුනා නම් හොඳයි.

දීප්ති ගේ අලුත්ම ලිපිය
ම්කිසි පුද්ගලයෙකු පොදු සංකේත චර්යා ධර්ම (සාරධර්ම, ගුණධර්ම, පුරුෂාර්ථ) නො-ඉගෙන ගෙන සමාජයට මුක්ත වුවහොත් එවැනි චරිත අයත් වන්නේ, ‘රිප්ලි’ වර්ගයටම ය. ලංකාවේ බහුතර සංස්ථාපිතයන් බිමට කඩා වැටී ඇත්තේ, මෙවැනි පරිකල්පනීය පුද්ගලයන් එම ආයතන වල ප්‍රධානීන් වීම නිසා ය. සමාජ ක්ෂේත්‍රය තුළ හැසිරෙන පුද්ගලයන්ගේ සමාජ හැසිරීම රඳා පවතින්නේ, සංකේත මහා අනෙකාගේ සාරාත්මක බව අප පිළිගන්නා පරාසය තුළයි. විදුලිය, ජලය, ඉන්ධන වගේ මූලික සමාජ ගැටලුවල ඉඳලා ‘ශිෂැක්’ වගේ අමාරිස් ප්‍රශ්න දක්වා පරාසය සමාජ උමතුභාවයේ ප්‍රතිඵලයක් ය. නමුත් ගැටලුවේ මූලය ගැටලුවට විසඳුම ලෙස අප බාර ගන්නවා. වෝල්ටර් බෙන්ජමින් කියනවා වගේ ප්‍රාදේශීය කතුවරු රටේ බුද්ධිමතුන් වෙනවා. සංකේත නීතිය යනු කුමක්ද යන්නත්, එය අභ්‍යන්තරීයකරණය නොවීම සමාජ ගැටලුවක් වන ආකාරයත් දැන් ඔබට පැහැදිලි ඇති. මෙම තත්ත්වය රාජ්‍ය පාලනය දක්වා දිගු වූ විට ගැටලු රැසක් බිහි වෙයි.

මා මුලින් සිතුවේ අජිත් ධර්මා මෙහි මෝඩ ආතල් එකක් ගන්නවා කියායි. දැන් නම් අජිත් ධර්මාට මානසික ව්‍යාධියක් ඇති බව සැබවින්ම සිතේ. පව් !

මම හිතන්නේ මෝඩ ආතල් එකක් ගන්න හැදුවේ ඔහේ.//අජිත් ධර්ම කියන්නේ දීප්ති සමග යම්කිසි ඇසුරක නිරත වූ අයෙක්. එම නිසා අජිත්ගේ පවුල් ජිවිතයට පවා බලපෑම් එල්ල උනා. දීප්ති එම නිසයි කීවේ ඔහු සමග පිරිමින් පවත්වන ඇසුර,එම පිරිමින්ගේ භාර්ය්‍යාවන්ට ගැටළුවක් වන බව. අජිත්ගේ දීප්තිට ඇති අසාවත් එයම// දන්න රෙද්දක් කියන්නේ නැතිව තමන්ගේ හිතළු ඇත්ත බව හිතමින් ලියන්නේ උඹ වගේ කොන්ද පන නැති පෙන්දන්. මෙතන තම සැබෑ ස්වරූපයෙන් පෙනී හිටින්නේ මම මිසක් නුඹ නෙමෙයි. මිනිසුන්ට නිර්නාමික ලෙස අන්තර්ජාලයේ පෙනී හිටින්න්න නොයෙකුත් හේතු තිබෙනවා. උසස් රැකියාවක නිරත අයෙක් හෝ යම් දේශපාලනික පුද්ගලයෙක් එහෙම කරනවා. නමුත් ඒ අය ට්‍රොල් ලා නෙමේ නුඹ වගේ. තමන්ගේ අදහස නිර්නාමික බ්ලොග් වල ඉදිරිපත් කරනවා විතරයි. . ඔය මගේ දීප්තිට ඇති මොකද්ද එක ගැන කියන්නේ උඹට හිතෙන්නේ නැහැ මම දීප්ති ලියන ආකාරයේ වගේ ලිපි කියවනවා හෝ පොත් කියවනවා කියා. තමන් පොරක් කියා හිතන් ඉන්න මානසිකත්වයක් උඹට තිබුනත් තමන්ගේ සැබෑ ස්වරුපයෙන් පෙනී ඉන්න නුඹ බයයි. තමන්ගේ ඇත්ත අනන්‍යතාවය බොරුවක් නිසා. නුඹ මම යන බ්ලොග් පසුපස යමින් ගිහින් මම ලියපුව අල්ල ගන්නවා. ඒ කියන්නේ උඹ මට වහ වැටිලා.නුඹට මගෙන් තොර බ්ලොග් ලෝකයක් නැති තරමට. එනිසා උඹ ලෙඩෙක්. මම ඒක ලිව්වහම උඹ හිතනවා මටම ඒකෙන් දමල ගහන්න. හොඳට හිතල බලන්න මෙහෙම. ඔය ෆේස්බුක් එකේ බොරු එකවුන්ට් වලින් පෙනී ඉන්න රතු වාමාංශික මල්ලිලා, එතකොට ජාතිවාදී සෙට් එක, සමහර යුඇන්පී ශ්‍රී ලංකා කාරයෝ. උන් බුකියේ වීරයෝ වගේ හැසිරෙනවා. නමුත් තනිවම මිනිහෙකුට මුහුණ දෙන්න බයයි. තර්ක පරදී කියල බයයි. (එහෙම නැති කනිෂ්ක චාමින්ද, රුවන් වගේ අය ඉන්නව.) බ්ලොග් වල ට්‍රොල් කරන උඹත් අර පුහු වීරයෝ වගේ.ලෝකෙට මුහුණ දෙන්න බයයි. තමන් ගැන හෙලිවුනොත් කියල.
සමහර විට උඹ ගෑනිට බය ඇති. වැඩ කරන තැන බයෙන් හොරෙන් ඉන්නවා ඇති. පිටරටක අමාරුවෙන් ඉන්නව ඇති. නමුත් මෙතැන ඒ බය නැතිව කාට හරි අපහාසයක් කරලා වීරයෙක් වෙන්න පුළුවන්.මේ වර්චුවල් වීරත්වය මුලාවක්. එහෙම දෙයක් නැහැ. මොකද උඹ ඇත්තට නැති නිසා. ඉන්නේ කවුරුත් නොහඳුනන ට්‍රොලෙක් විතරයි. උදාහරනයක් වශයෙන් බ්ලොග් ලියන මට, මේ බ්ලොගයේ හිමිකරු මාරසිංහ මහත්මයට, බ්ලොග් ලියල ලියල දැන් ප්‍රජා කියල වෙබ් අඩවියක් කරන අජිත් පැරකුම් වගේ අයට ඒ වගේ ප්‍රශ්න නැහැ. අපේ සැබෑ ස්වාරුපය සමග අපි ජිවත් වෙන්නේ සැබෑ ලෝකයේ. දැන් තේරෙනවද?, උඹට වෙලා තියෙන්නේ මම වගේ එකෙක්ට අහුවුණාම එතනත් ඇන ගන්න එක. ඒකෙන් උඹ ඉච්ඡා භංගත්වයට පත්වෙනවා. උඹට තවම සිය දිවි නසා ගන්න හිතුනේ නැත්ද ? තමන්ගේ ජිවිතේ ගැනම හිතල. ඉතින් උඹම කියනවා මට මානසික ව්‍යාධියක් තියනව කියල. හොඳට හිතපන් කාටද ඇත්තටම තියෙන්නේ ඒක කියල. උඹට. මටත් පව් කියල හිතිලා තමයි මෙපමන වෙලාවක් නාස්ති කලේ. උඹ මනෝ වෛද්‍යවරයෙක් හමුවුනා නම් හොඳයි. කොහොමත් මේ අවසාන ප්‍රතිචාරය. බ්ලොග් එකේ ඊළඟ ලිපිය ලියන්න තිබෙන නිසා.


Powered by Blogger.