අපාලිත ‌නොවූ පාලිත













මම දන්න විදිහට පාලිත ‌‌ ත‌ේනුවරත් අසූව දශකයේ නාකි ‌නොවන ‌කොල්ලෙක්. මම ජනප්‍රිය භාෂාවෙන් කිව්වොත් සුගත් අයියව හමුවෙන්න ඒ කාලේ රත්මලානට යද්දි එයා සුගත්ගේ දුව වනමලීට ලව්. අපිත් ගිය හැම ‌මොහොතකම එයත් එහේ. අපි ‌නොදන්නවද අනේ ආදරයේ මිහිර. ඒත් මටනම් ලංකීයව නැගීඑන ආසියාතික පවුල්වාදය ගැන ගැටලු තියනවා . ඔව් බණ්ඩාරණායක පවුල ගැන ‌හෝ රාජපක්ෂපවුල ගෑන පමණක්නොවේ. ශුද්‍ර ‌දේශපාලන සිද්ධාන්ත වලට සාපේක්ෂකව සරත්චනුද්‍ර පවුල. ‌තේනුවර පවුල, ගුරුගේ පවුල, අම්මෝ තව ‌ගොඩයී. සූජීව රත්නායකලා කියන්නෙත් ඒවගේම පවුලක් කියලා හිතෙනවා. අවශ්‍යනම් ඒවා ‌‌‌‌‌ඉතිහාසයේ තියලා විස්තර කරන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒ පවුල්සංස්ථා පශ්චාත් නූතනත්වයේ ‌දේශපාලනිකව බලයක් විහිදීම ‌වෙනම කතා කළ යුතු කාරණයක්. ඒ පවුල් තුළ මාර ඉදිරිගාමී අහිංසක චරිතත් ඉන්නවානේ. ඒ චරිත වලින් මාර ආදරනීය චරිතක් තමා පාලිත ‌තේනුවර. මම ‌ලේක් හවුස් එකේ එයත් එක්ක එකට වැඩ කළා. මම ඒ කාලේ නවබිම කියලා පිටුවක් කරනවා . ඒක හදාගන්න ඒයාගාවට ගියාම කිසි කතාවක් නැහැ. යාලුකම් පැත්තක. වැඩේ වැඩේ විදහට කරලා ‌දෙනවා. ඒ වගේමයි මම බයිපාස් කරලා නවලෝක ‌රෝහලේ ඉන්නවා. මාව බලන්න ඇතුලට එන්න ‌දෙන්නේ විෂබීජ නසලා ‌එයාලගේ ඇදුමක් අන්දවලා. අනේ ‌මෙන්න පාලිත ‌තේනුවර ඒතන. ඊට වඩා වැදගත් අපි ඒ අවස්ථාවෙත් එදා වගේම කලාව ගැන කතාකරන එකයි. ඇත්තටම එතනදි ‌නොසිිතූ ‌ලෙස පාලිත ‌‌තේනුවර දැක්කම මට තවත් කාලයක් ජීවත්වෙන්න හිතෙනවා. හරිම ආදරණීය චරිතයක්. යක්කඩුවේ හාමුදුරුවෝ කියලා තියන කතාවක්
මට මතක් වුනා. එයා කියනවා "කරතොත් කරපන් හරියට බැරිනම් පලයන් අහකට" කියලා ඒ කතාව අකුරටම ඉෂ්ට කරන ‌කෙනෙක් තමා පාලිත ‌තේනුවර. ‌මේදවස්වවල මම ලියන්නේ ‌බෝධිසත්ව ‌ගුණෝපේත තත්වයන්ට ආසන්න මිනිස්සු ගැන ලිපි. ඔයාටත් ‌මේ ටික කිව්වේ නැතිනම් මාරෙගෙන් වැඩක් නැහැ‌ෙනේ. ඔයාගේ දැක්කම තවත් ආදරේ වැඩිවුනා වගේ. ආදරෙයි කියලා විතරයි කියන්න තියෙන්නේ මචන්.
ජගත් මාරසිංහ
22 002 2020


Powered by Blogger.