විනෝදයේ ආදරය

විනෝදයේ ආදරය



සැබෑවටම මගේ තරුණ කළ හමුවූ එකම රසිකයා ඔහුයි. ඒ ගාමිණී වන්නි ආරච්චි. ඇත්තටම එයා තමා මට ලෝක සිනමාවේ දිග පලල සහ උසට වඩා තවත් මාන තියනවා කියලා ඉගෙන ගන්න මග ‌පෙන්වන්නේ. හරිම ආදරනීය දැඩි චරිතයක්. අදත් අපි දෙන්නගෙ විසංවාද ගොඩයි. තරහාවෙනවා යාලුවෙනවා විතරක් නෙවේ කෙලින්ම එකිනෙකා අතහැරලා වෙනත් තැනකින් අල්ල ගන්නවා. මම ලියන්න ගන්නේ ගාමිණී අයියා ගැන නෙවේ. මේ නොබෝදා නැවත අපි අපි දෙන්නා හමුවුන අවස්තාවක කතාකළ දෙයක් සම්බන්ධව. එයා එදා කිව්වා ජිජැග් ‌ලියපු එයා කියවලා තියන කතාවක් ගැන. ඔව් සෝවියට් රුසියාව හැම දෙයක්ම නිෂ්පාදනය කළා. ඒත් විනෝදය නිෂ්පාදනය කිරීමට අසමත් වුනා කියා. ඒක තමා සෝවිට් රුසියාවේ බිඳ වැටීම කියා. ඒ කතාව මරු කතාවක්.
අපි ‌දෙන්න ඒක ගැන පට්ට විදිහට කතාකළා කියමුකො. අනික ඒක අපි දන්නෙ 77 සිරිමගෙන් ජේ ආර් ට ආණ්ඩුව වෙනස් වීම දක්වා සජීවී අත්දැකීම් වලින්. එතනින් එහාටත් එදා සිට අද දක්වා මේ දෙස බලා සිටින අපට මේවා අංජනම් වගේ දැන් පේනවා.ඒක වයසත් එක්ක සිදුවෙන ‌දෙයක්. ‌කොටින්ම ලාං‌කේය සිවිල් යුද්ධ කාලෙදිත් මේ දේ ගැන සජීවී අත්දැකීම් ලියන්න ඔ්න තරම් කරුණු අප සතුව තියනවා. නමුත් අද තියන ගැටලුව ‌මේකයි. ‌ගෝටා නැමති ජනප්‍රිය සංකල්පයෙන් මේ විනෝදය අවිඥ්ඤාණිකව මිනිසුන් බලාපොරොත්තු උනාද කියන එකයි. ඇත්තටම ඔව්. ‌ අපි කැමති උනත් අකමැති උනත් ‌ගෝටා කියන්නේ ‌මේ ‌මොහොතේ මිනිස්සුන්ගේ විශාල බලාපොරොත්තුවක්. මගේ දැක්මට අනුව තාම ඒ බලාපොරොත්තු ඉටු වෙන්න පටන් අරන්වත් නැහැ. ‌කෙනෙකුට කියන්න හැකියි තාම පටන් ගත්තා විතරයි කියලා. ඒත් අපි දන්නවා ‌පොඩි කාලේ ඉඳලම ඇරඹුම මනානම් අඩක් සපිරුණාවේ කියන කතාව.
‌‌ මේ ලියන මම කිසිදු දේශපාලන කොම්පැනියක සාමාජිකයෙක් ‌නොවන වග ඇත්තක්. ඒක නිසා දැනෙන ‌දේ ‌කෙලින්ම කියන්න පුළුවන්. අපට විධිමත් භාවය වගේම විනෝදයත් අවැසියි. විදිහත් බාවය ගැන ඇන් ඇම්ලා සිරිමලා හැත්තෑව හැත්තෑහත දක්වා කළ ආණ්ඩුව කළ ‌දේවල් වලට අලගු තියන්නවත් කාටවත් තාම බැරි වුනා. ‌නමුත්  එදත් මිනිස්සු හිටියේ ‌කොතනද කියන එක අටට බැහැල තිබ්බ එජාපේ ‌ජේ ආර් ඉතා ‌හොඳින් දැක්කා. ඒයා හැත්තෑ හතේ මැතිවරණ ව්‍යාපාරය විනෝද සාගරයක් කළා. ගායකයෝ නළුනිලියෝ ඒ ‌වේදිකාවල යතාර්තය කතා කළේ නැහැ. නමුත් යථාර්තය සාධනය වුනා. ‌‌හැත්තෑවෙ ආණ්ඩුව නැතිවුනේ එයාල කළ සියළු සැබෑ වැඩ විනාශ කරමින්. ඒකත් උනේ රුසියාව බිඳ වැටීමට සාපේක්ෂකවම තමා.
ගෝට ගැන තිබ්බ බලාපොරොත්තු ඉබි ගමනින් යන්නේ චීනයේ ආර්තිකය ‌නොසිතූ ‌ලෙස බිඳ වැටීම නිසා කියලා ‌කෙනෙකුට තර්ක කරන්න හැකියි. ඒකත් ප්‍රධාන‍ සාධකයක් තමා. නමුත් ‌ඒවයින් අත පිහදාගන්න ‌දේශපාලකයන්ට ඉතිහාසය විසින් ඉඩ දීල නැහැ. අද චීනය අන්දමන්ද වූ කොරෝනා වෙරසය ගැන ඇරමරිකානු ජීව විද්‍යාත්මක ප්‍රහාරයක්ද කියන කතාවත් සැබෑවක් ‌ලෙස කදිමට මතුවෙනවා. අනික හිටපු ගමන් ට්‍රම්ප් ආසියාවට භෞතිකවම පැමිනෙන්නට තීරනය කිරීම පිටුපසත් මාර දේශපාලන සැලසුමක අනාවැකියක් තියනවා. කිසිසේත්ම ඒවා සංචාරක ගමන් විය ‌නොහැකියි.අධිරාජ්‍යක් බිඳ වැටෙන එක ‌මොහොතකින් සිදුවෙන ‌දෙයක් ‌නෙවේ. ඒවා භයානක උනත් ලස්සන චිත්‍රපට.
‌‌ගෝටා බලයට පත්කරන්න ‌පෙරමුණ ගත් ජාතික බලවේග වලට
‍ගොඩක් දේවල් කරන්න තියන අවස්ථාව තමා ‌මේ ‌මොහොත. මහා මැතිවරණයෙන් පස්සේ කිසිදා ඒ බලවේග වලට කළ හැකි ‌වෙනසක් නැහැ. ඊ‌ට පස්සෙ එයාලට ‌වෙන්නේ තමන් ශුද්ද ‌වෙන්න තියරි හදාගන්න. ඔව් ලාං‌කේය අළුත් කළා සංස්කෘතික වැඩ පිළිවෙලට ග්‍රන්ථ ධුර සහ විදර්ශනා දුර ආරක්ෂා කිරීම පමණක් විකාරයක්. ඊට ප්‍රතිපක්ෂව තිබූ රැල්ලට ප්‍රායෝගිකව ආදර උත්තරයක් ජාතික ව්‍යාපාර වලට දෙන්න තියෙන එකම සහ අවසාන අවස්ථාව මෙය බව නලින්ල ගෙවිඳුල‌ නොදන්නවා ‌නෙවේ. ‌ගෙවිඳු ගැන මමත් ඉතා ‌හොඳින් දන්නවා. එයා කතා ‌නොකලට කලාව සම්බන්ධ නව ජ්‍යාතන්තර ප්‍රවනතා ගැන ඉවක් තියනවා කියන එකත් ‌කාට රහසක් උනත් අපට රහසක් ‌විය ‌නොහැකියි. එහෙම දැනුමක් නැති වුනත් ප්‍රතිවාදින්ගෙ සැබෑ මත ගැන අවදියෙන් නැවත ආපසු බැලිය යුතුයි. අඩුම වශයෙන් වාරණය ‌වෙනුවට චිත්‍රපට ශ්‍රෙණිගත කිරීමක් වගේ ‌දෙයක්වත් එයාලට කරන්න තියන ‌අවස්ථව තමා ‌‌මේ තරක කරමින් ‌‌ගෙවා දමන්නේ. ජාතික බලවේග වලට දැන් මතවාද තර්ක පැත්තකින් තියලා වැඩකරන්න කාලය ඇවිත් කියන එක ඇත්තටම එයාලට අමතක ‌වෙලා. දැන් මිනිස්සුන්ට ‌ලොකු දර්ශණ අවැසි නැහැ. අවශ්‍ය ‌වෙන්නේ පරිභෝජනයේ සාධරණත්වයක් විතරයි කිව්වත් සාධාරණයි. අඩුගානේ අද මිනිසුන්ට අවශ්‍යම ‌වෙලා තියන රක්ෂණ තත්වයන් ගැනවත් ‌මෙයාලා දැනුවත් නිසා ‌ලොකු වැඩ ‌කොටසක් කළ හැකියි. මටන් ‌පේන්නේ තාම කට්ටිය  මතවාදී තරක වල හිරවෙලා. ඒක වමේ පුරුද්දක්.
කල කිරීම කියන විකාරය අසූව දශකයේ තරුණ විය ‌ගෙවලා ‌බෝනස් එකට ජීවත්වෙලා ඉන්න අපට උරුම ‌දෙයක් ‌නෙවේ. අද මට මගේ මතකයට එන්නේ අසූවේ ජේ ආර්ගේ ජනප්‍රිය පද ‌පෙලක්. ඔව් ජේ ආර් ඒ කාලේ කියනවා අහසින් යන හමුදාම ඉන්නවා- බිමින් යන හමුදාව ඉන්නවා-. මුහුදෙන් යන හමුදාව ඉන්නවා කියලා . රටත් සංවර්ධනය වෙනවා කියලා.ඒත් සිස්සයෝ පාරට බැහැලා කියලා. මට තේරෙන්නේ නැහැ කියලා. ඒ කතාව තුළ කපටි කමට අමතරව ඇත්තකුත් තිබ්බා. ‌
එයාලට තේරුනේ නැහැ තමා. ඒ ඉතිහාසය අමතක කරලා කිසිදෙයක් අළුතින් කරන්න බැහැ.‌ ‌‌ලොකුම හමුදාව මිනිස්සු බව නැවත කියන්න අවැසි නැහැනේ.
මෙම වර්ෂය තුළ සූරයග්‍රහන දෙකක් සහ චන්ද්‍ර ගහන දෙකක්ද යෙදී තියන නිසා මිනිස් ග්‍රහසංකල්ප ඇසුරිනුත් යම් ‌ යම් ‌කේදවාචක සිදුවිය හැකි බව ‌පේනවා. ඒවල සැබෑව පැත්තකින් තියලා ‌දේශපාලන වාසිය තකා ජ්‍යෝතිර් තක්කඩියොත් ඒ වෙලාවට එක එක විදිහට ගොංපාට් දමාවි. අළුත් බලා පොරොත්තුවකට කවුරුත් ආදරෙයි. ඉතින් ආදරණීය බලයේ සිටින නායකයෙනි. තාම ලෝකයේම වගේම අපෙත් පහලම පන්තියක් තියනවා. මට නම් ‌පේනේනේ පන්ති ‌දෙකයි. ජනප්‍රිය මැද පන්තිය තමා අද පහලම පන්තිය. එයාලට තමා ඇත්තටම ජනතාව කියන්නේ. එයාලා ගෝත්‍රික නැහැ. අහිංසකයි වගේ හිටියට අහිංසක නැහැ. එයාලට තමා විනෝදයත් ‌ගොඩක් අවැසි. මොන කොරෝනද? යුරෝපයෙන් තුනෙන් ‌දෙකකට ආසන්න ජනගහනයක් විනාශ කළ මහාමාරියට පස්සේ තමා විද්‍යාත්මක චින්තනය බිහිවෙලා ‌ලොවක් ගොඩ දැම්‌‌මේ.
ජගත් මාරසිංහ‍love politic art සඳහා පින්තුර ප්‍රතිඵල
26 02 2020


Powered by Blogger.