2020 සංවත්සර ‌‌කේන්ද්‍ර සටහන

2020 සංවත්සර ‌‌කේන්ද්‍ර   සටහන

ප්‍රභවාදි ශෂ්ටියේ විෂ්ණු විංශතියට අයත් පීතර යුග පඤ්චාබ්දයෙහි සිව්වන අනුවත්සර හ‍ේදනාමධාරී බ්‍රහ්ම ‌‌දේවාධිපත් ගාර්වරී නම් සංවත්සරය 2020 අප්‍රේල් මස  13 ‌වෙනි සඳු දින ලංකා සම්මත ඔරලෝසු ‌වේලාවෙන් අපර භාග 08 පසුවී මිනිත්තු 23ට ආරම්භ වන්නේය.
****************************************
මෙම වර්ෂය කුජ හිමි වෘශ්චික ලග්නයේ සඳු හිමි කටක නවාංශකයෙන් ආරම්භ වන අතර 2020 අප්‍රියල් 12 වනතෙක් පවතින්නේ සඳු හිමි කටක ලග්නයයි.

ආපෝ ( ජල ) රාශි - කටක, මීන, වෘශ්චික
තේජෝ ( අග්නි ) රාශි - සිංහ, ධනු, මේෂ
වායෝ ( වායු ) රාශි - කුම්භ, මිථුන, තුලා
පඨවි ( පෘථිවි ) රාශි - වෘෂභ, මකර, කන්‍යා
කටකය සහ වෘශ්චචිකය ජල රාශි වන බැවින් ජලයට කැමති ආගන්තුකයන් වූ ක්‍රිමියන් ගැන තව දුරටත් සැක මතුවුවත් සූර්යා මීනය වූ ජල රාශියේ සිට අග්නි ‌හෙවත් ගිනි (උෂ්ණ) රාශියක් වූ ‌මේෂ රාශියට ගමන් කිරීමෙන් පමණක් පවතින තත්ත්වය සම්බන්ධව ‌යහපත් ‌වෙනස්කම් ඇතිවීමේ තත්ත්වයක් ඇතිවන බව නිවේදනය ‌වේ.
වසර පුරාම ‌සෙනසුරු ඒරාෂ්ටකයක් පවතින බැවින් රටතුළ ගැටලුකාරී තත්වයන් නිවේදනය වුවද ‌වෙනසකට ලක්වන අග්නි වපසරිය මත සිසිලට කැමැත්තක් දක්වන ඇසට ‌නොපෙනෙන ජීවීන් (පනුවන්) ‌හෙවත් ක්‍රිමියන් ස්වභාවයෙන් සහ ක්‍රියාවෙන් අඩපණ වන තත්ත්වයක් උදාවන වග නිවේදනය ‌‌වන බවද දැකිය හැක.
පියවි ඇසට පැහැදිලිව ‌පෙනෙන ජීවීන් ‌මෙන්ම පියවි ඇසට පැහැදිලිව ‌නොපෙනෙන ජීවින්ද අවට පරිසරයේ සිටින වග අප දනිමු. ඇසට ‌නොපෙනෙන ජීවීන් චරක සංහිතාව වැනි පැරණි ‌වෙද්‍යය ග්‍රන්ථ වළ සඳහන් වී ඇත්තේ ක්‍රිමි යන නාමයෙනි.

ජගත් මාරසිංහ
10 04 2020


Powered by Blogger.