සබීන් කාන්තාවන් දූෂණය කිරීම


සබීන් කාන්තාවන්
    
       රෝමයේ පිරිමින් විසින් කලාපයේ අනෙකුත් නගරවලින් තරුණියන් සමූහ වශයෙන් පැහැරගෙන ‌ගොස් දූෂණය කිරීම, සබීන් කාන්තාවන් පැහැර ගැනීම හෝ සබීන් කාන්තාවන් දූෂණය කිරීම යනුවෙන්ද හැඳින්වේ.රෝම ඉතිහාසයේ සටහ් වන ආකාරයට ක්‍රි.පූ 8 වන සියවසේ මැද භාගයේ රෝමයේ ආරම්භයෙන් ටික කලකට පසුව ‌මෙය සිදුවන බව ලියවී තිබේ. අසල්වැසි රටවලට සාපේක්ෂව රෝමය එතරම් ස්ථාවර වේගයකින් වර්ධනය වීමත් සමඟ නගර ශක්තිය පවත්වා ගැනීම කෙරෙහි රොමුලස් සැලකිලිමත් විය. ඔහුගේ ප්‍රධානතම කාරණය වූයේ කිසිදු කාන්තා වැසියෙකු නොමැතිව ඔවුන්ට නගරයේ ජනගහනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවස්ථාවක් නොමැති වීමය. සෙනෙට් සභාවේ උපදෙස් පරිදි රෝමවරු පවුල් පිහිටුවා ගැනීම සඳහා භාර්යාවන් සෙවීම සඳහා අවට ප්‍රදේශවලට පිටත් වූහ. රෝමවරු සබීන්වරුන් ද ඇතුළුව ඔවුන් ඉල්ලා සිටි සියලු ජනයා සමඟ සාකච්ඡා කළහ, අසල්වැසි ප්‍රදේශවල ජනතාව සබීන්වරු ප්‍රතිවාදී සමාජයක් බිහිවීමට බිය වූ අතර ඔවුන්ගේ කාන්තාවන්ට රෝමවරුන් විවාහ කර ගැනීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළහ. එහි ප්‍රතිපලයක් වශයෙන් රෝමවරු නෙප්චූන් අශ්වාරෝහක උත්සවයේදී සබීන් කාන්තාවන් පැහැර ගැනීමට සැලැස්මක් සකස් කළහ . ඔවුන් අවට ඇති සියලුම නගර වලින් මිනිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රීඩා උත්සවයක් සැලසුම් කර ප්‍රකාශයට පත් කළහ. ඒ අනුවබොහෝ මිනිසුන් සබීන්වරුන් සමඟ උත්සවයට සහභාගී වූ අතර, උත්සවයේදී, රෝමානුවන් සබීන් කාන්තාවන් අල්ලා ගැනීමට සබීන් පිරිමින්ට එරෙහිව සටන් කළහ.අවසානයේරෝමවරුන් විසින් සබීන් කාන්තාවන් තිස් දෙනෙකු පැහැර ගනු ලැබීය. මෙම උත්සවයේදී පැහැරගත් සියලුම කාන්තාවන් කන්‍යා සොහොයුරියන් යැයි කියනු ලැබේ. ‌මෙම සිද්දිය අරමුණු ‌කොට නිර්මාණය වී ඇති ‌මෙම ප්‍රතිමාව නිමක් නැති චිත්ත ‌වේගයන්ගේ සුන්දරත්වයක්ද දනවයි.
ජගත මාරසිංහ
2020 16 04

2 comments

මතකයට එක් කර ගත්තා! ස්තූතියි!!


Powered by Blogger.