තොප කුමක් කියන්නෙහිද?

තොප කුමක් කියන්නෙහිද?

            

ඒඩ්ස් රෝගය යුගලන පවුල සහ ඒක යුගලන ලිංගික සංස්කෘතිය සදාකාලික බව සිතීමට පවතින ක්‍රමයට ආශීර්වාදයක් විය. පොදු පවුල ඔවුනට කරදරයක් වන්නේ කොමිනියුස්ට් වාදීන් පවතින යුගලන පවුල අහෝසි වන බව සූත්‍ර ගත ආකාරයට ඉදිරිපත් කර ඇති නිසාය. කොන්ඩම් ලිංගික සංස්කෘතිය සහ ලිංගික සහකරුවන්ගේ විශ්වාසවන්ත බව දෙසමින් සියලු ආගමික මත වාද සහ පවතින ක්‍රමයේ දාස දාර්ශනිකයෝද යුගලන පවුලේ සහ ඒක යුගලන සංස්කෘතියේ ලිංගික තහංචිවල සදාකාලිකත්වය ගැන ඒඩ්ස් රෝගයෙන් පසු එක දිගටම තලු මරමින් උදම් අනන්නට විය. අද කොරෝනා වෛරසය සියලු වසංගත අභිබවා මිනිස් ලිංගික සංස්කෘතිය උඩු යටිකුරු කර තිබේ. නව වෛරසයක් මතු වූ විට විද්‍යාවන්ගේ අර්බුදය ඉතිහාසයේ පුර්වාදර්ශ ඔස්සේ සාමාන්‍යක් සේ ගත හැකිය. එහෙත් යුගලන පවුලටත් ඉන් ඔබ්බට පොදු පවුලේ යුතෝපියාවටත් කොරෝනා වෛරසය මහා අර්බුදයක් නිර්මාණය කර තිබේ. කොරෝනාව පැතිරීම මර්දනය කළද එය සියලු විද්‍යාවන්ට තර්ජනාත්මකව දබරඟිල දික්කර අවසානය.

        මීටරයක දුරස්ත බව කෙතෙක් කල් කෙසේ ඉවසිය යුතුද යන්න කොරෝනා සංස්කෘතියට නව අර්තයන් ඒකතු කරමින් මිනිස් ආශාවන් මරණය සමග පොරබැදීම මිනිසුන් විසින් ජීවිතය බවට පත්කර ගැනීමද අනිවාර්යකි. පවුලේ සම්වභය සහ එහි දේශපාලන ගමන් මග පිළිඹඳව මහන්සි වූ සහ ඒ ඔස්සේ අනාගත අනාවැකි පැවසූ දාර්ශනිකයන්ගේ මත කොන්දේසි විරහිතව හිස් මුදුනින් අදහන අංකුර දාර්ශනික විද්වතුන්ගෙන් අපට දැන් මෙසේ අසන්නට සිදුවී තිබේ. සියලු විද්‍යාවන්ගේ විද්‍යාව ලෙස දර්ශනය පිළිගත් ඔලුවෙන් සිටගෙන සිටි විද්‍යාව දෙපයින් සිටවූ බව දෙසන තොප දැන් යුගලන සහ පොදු පවුලේ අනාගතය පිළිඹඳව සැබෑව අනුදකිමින් කුමක් කියන්නෙහිද? එකම විද්‍යාවක් මත විශ්වාසය තබා ඒදෙස බලාසිටීමෙන් විද්‍යාවන්ගේ විද්‍යාව දන්නා තොපට තව දුරටත් අවලාදයක් නොවන්නේද? ඖෂධයක් සෙවීම අද කොරෝනාවට යම් විසඳුම විය හැකිය. එහෙත් හෙට ඊටත් වඩා බරපතල වෛරස් බිහිවීම ගැන කොරෝනා නිවේදනය කර හමාරය. ඒක අපි ඒ වෙලාවට බලාගමු වැනි සීසර් පන්නයේ මගහැරීමට කිසිදු දාර්ශනික අංකුරයකට තවදුරටත් අයිතියක් නැත.

ජගත් මාරසිංහ
20 05 2020


1 comments:

කාට හරි මේක තේරුනාද කියාපල්ලකො


Powered by Blogger.