කවුද ආදරයට ආදරේ නැත්තේ.

කවුද ආදරයට ආදරේ නැත්තේ.


           
කෙල්ලෙකුට කොල්ලෙකුගේ හරි, ගෑනියෙකුට මිනිහෙකුගේ හරි. වයසක මිනිහෙකුට වයසක ගැහැනියකගේ හරි ඇඟිල්ලක් ආදරයෙන් අල්ල ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවේ. සල්ලි වලට ඕන තරම් පුලුවන්. ඒත් ආදරය කියන්නේ මානවීය පැවැත්මක්. ඒක කොහොමද අහසෙන් කියන්නේ. මාරසටත් දැන් සාපේක්ෂ වශයෙන් වයසයි. නමුත් ඒක කොමන්ට් ලයික් නැති මාරස කිව්වම තමා වඩා හොඳ. කොහොම හරි කීයක් හරි හම්බකරගන්න වෙබ් බ්ලොක් නොකර හේතුවාදයටද විරුද්ධ නොවෙමින් අහසේ මානවිය ග්‍රහචාරය අපෝහකයට එකඟයි කියන්න මාරස උත්සාහ කළා. ඒක සාර්ථක අසාර්තක උනත් කාරි නැහැ. මාරස පටන්ගද්දිම කිව්වා මේක ඇඟේ අමාරුවට කරන වැඩක් කියලා. දැන් ඉතින් මාරසට න්‍යායික ගුහාවෙන් ඒළියට බහින්න කාලේ හරි. එතනදි ආරම්භයක් වශයෙන් අපි කියනවා ආදරයේ ඇඟිල්ල අල්ලා ගැනීමට ඔබ්බෙන් ඒ ඇඟිල්ල දිගු කරන විදිහ ගැන මිනිසුන් විසින් අහසටත් බද්ද කරලා අහසින් පොළවට හිතලා තියනවා කියලා. ඒ ගැන කියන්න වෙන කවුරුත් මොකටද? සිකුරුගෙයි කුජගෙයි ගමන ගැන තමන්ගේ ජීවිතෙත් ඒක්ක හිතුවනම් එච්චරයි. මොන දෘෂ්ටි වාදද? ජීවිතය කියන්නේ පැවැත්මක්. කවුද ආදරයට ආදරේ නැත්තේ.මොනවටද ආදරයේ සාරයක්. අපි හැම දේකම සාරයටත් ආදරෙයිනේ.

ජගත් මාරසිංහ‍
21 06 2020



Powered by Blogger.