දොර නාරින් අමල් බිසෝ" ( කොළමක් තමා. කොන්දේසි විරහිතයි.)

*දොර නාරින් අමල් බිසෝ" ( කොළමක් තමා. කොන්දේසි විරහිතයි.)
Image may contain: one or more people and text
ආදර ඉන්ටනේට් ඩේටා සපයන්නෙනි. අපේ මැදපන්තියේයැයි කියන ජීවිතය සයිබරය සමග ජීවත්වෙන්නට පටන් ගත්තේ ඒ කාලයේදීමය. මුලින්ම ඉන්ටනේට් ඒක්ස්ප්රෝලා වලින්ද පසුව යාහෝ වලින්ද ඊටත් පසුව අපට ගොඩක් දේවල් නිකන් දෙන සහ ඒත් අපේ දක්ත ඒයාලා ගන්නා බව කියන ගූූූූූගල් බ්ව්සරයෙන් අපි ඉන්ටනේට් යමු. කවුරුන් කෙසේ කීවත් අපට තාම විශ්වාසය රජයය. ඒ කියන්නේ ටෙලිකොම්ය. මොබිටේල් එකද ඊට අනුබද්ධ වූවායින් පසු අපි සැනසුම් සුසුම් හෙළුවේ තිලංග සුමතිපාල ටෙිලිකොම් ඒක ගොඩ දාන බව දන්නා නිසාය. අනෙකුත් සියලු දක්ත ජාලයන් කුලියට දී ඇත්තේ ටෙලිකොම් එකය. ඒත් දියුණු තාක්ෂණික උපායන් අතින්ව තරංග කුලියට ගත් එයාලා පොහොසත්ය. ඒ නිසා ඩයලොග් රවුටරයක් ගතිමි. අහෝ බලා සිටිද්දීී ඩේඩා යන්නේ මීටර් සියය දුවනවා වැනිය. ඒ හොරෙන් කපා ගැනීමක් නොව ස්පීඩි කියන කතාන්දරයත් සමග වෙන විද්‍යාත්මක දෙයක් වශයෙන්ද අපට විග්‍රහ කරගැනීමට මොළයක් තිබේ. මොබිටේල් මරුය. හරි අහංකාරය. ටිකක් ගානත් වැඩී වගේය. තවත් ඩේඩා විකුනන කොම්පැනි තිබේ. ඒවා පලාතෙන් පලාතට සිග්නල් කියන කතන්දරය අමල් බිසෝ ළමා කතාන්දරය මතක් කරන්නේය. එයාලා කියන්නේ දොර නාරින් අමල් බිසෝ කියලාය. මේ කොළම ලියන්නට ගත්තේ දේශපාලනික මොහොතකය. පන්ති දේශපාලනයක් අද නැත කියා මා විශ්වාස කරන්නේ නැත . අද එවන්නක් නැත, ඇත, ඇත්තේත් නැත නැත්තේත් නැත කියන නලින් සිල්වා නැවත ගොඩගත් චතුස්කෝටිකයද මට අද දැනෙන්නේ නැත. මට අද දැනෙන්නේ සියල්ල සම්ප්‍රය්‍රක්ත වී බොරු කියනවා වගේය.බොරුව සාපේකෂයි කියා මම හිතන්නේ නැත. අයින්ස්ටයින් පොරක් වන්නේ සාපේක්ෂ මගුලක් නිසා නොව, පැවතුන අපරදිග භෞතික විද්‍යාවට අභියෝගයක් කර ආතල් ඒකේ රබීන්ද්‍රනාත් තාගෝර්ලා වැනි පෙරදිග අය සමග දේශපාලනිකව යුද්ධයට විරුද්ධව පොරවල් වූ නිසාය.
ලතින් ඇමරිකානු විප්ලවය ගැන අපේ මනසට මහා බලපෑම් කළ දයාන් ජයතිලකගේ අද තත්ත්වය ගැන ලිපියක් බලන්නට අපි ආසාවෙන් සිටිමු. මා දේශපාලනිකව හෝ තවමත් දශමක් හෝ ආදරය කරන දයාපාල තිරානගමගෙනුත් නිර්මාල් රංජිත්ගෙනුත් මේ මොහොතේ සැබෑ දේශපාලනික ශාශ්ත්‍රිය ලිපි බලාපොරොත්තුවෙමි. උනට විරුද්ධව ඒන අළතු කොල්ලන් කෙල්ලන් මරේ මරුය. අපරදිග හෝ පෙරදිග වේවා තමන්ගේ බලයක් හදාගැනීමට හෝ වේවා ඒ කොල්ලන් නැතිනම් සැබෑ දෙයක් කිසිම තැනක ඉතිහාසයේ සිදුවී නැත. උන්ගේ විවේචන එතරම් තියුනුය. ඒ ගැන වෙනම කතා කළ යුතුය.
එලෙසම ජයදේව උයන්ගොඩගෙනුත් එසේ මේ අද තත්වය ගැන ලිියනවා යැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබේ බරසාර ලිපි අප පරපුරට තවම කඩපාඩම්ය. මක්නිසාද එයාලා ලිව්වාට පසු අපට ගොඩක් දේ කියන්නට මාර්ගයක් විවෘතවෙන නිසාය. දීප්ති කුමාරගෙනුත් බලාපොරොත්තු වෙමි. මම කිසිදු පක්ෂ දේශපාලනික සම්බන්ධයකට පක්ෂ නැත.නමුත් දේශපාලනයක් නැති මැස්සෙක්වත් අද නැති බව ඇත්තය. පන්ති දේශපාලනය මා තවමත් පිළිගනිිිිමි. ඒ අපේ තරුණ කාලයේ පන්ති තියා වාමාංශිකයන් කියන ලද යට සායේ සහ උඩ සායේ පන්ති දේශපාලනය නොවේමය. ප්‍රගතිශීලි යයි කියන දියාරු අච්චාරු වචනයෙන් ඔය කියන සාපේක්ෂ වැඩකොටසක් කරගැනීමට මෙවර මැතිවරණයෙන් වෙන්නේ කුමක්ද යන්නට සාස්තර කීමට අව්‍යය තාවක් මට නැත. කුජ සිකුරුලා දැමා කිව්වම සැබෑ දැනුමක් ඇති මාක්ස්වාදී මහත්වරුන්ට තේරුනත් සිවිල් පොරවල් වීමට පොරකන අපරදිග විද්‍යාව ආගම කරගත් කිසිවෙකුට එය තේරෙන්නේ නැත. එංගල්ස් අයිසෙක් නිව්ටන්ගේ පල්ලියාම ගැන කියපුදේවල් කිව්වත් කිසිත් වැඩක් නොවනු ඇත.එය කවුරු කවුරුත් දනිති. නමුත් මට දැන් වයස හැටකි. ඒ හැටේ ඉසව්වේ මට දිනන පක්ෂයටත් පරදින පක්ෂයටත කඩේ යන එක මාරයැයි මම නොසිතමි. පරදින පක්ෂයට කඩේ යන ඒක මරේ මරුය වගේ පෙනේ. ඒ අනාගත සිවිල් බලයේ ආයෝජනයක් ඒ ගමනේ ඇති නිසාය.ඔව් සමහර විට පරදින පක්ෂ වලට කඩේ යන අය පරදිනවා උනත් මතු යම් දිනක් ලේක්හවුස් වැනි මහා ආයතන වල සභාපති දූර හොබවනු ඇත. අවැසිනම් නම් වශයෙන් කිව හැකිය. ඒත් ඉක්මන් වීම වයසේ මොකක්ද මගුලක් නිසා අපට දැන් ස්වභාවයා තහනම් කර ඇත. අපට එවන් පත්තරයක ලිපියක් දමා ගැනීමටවත් එවිට හැකි වනු ඇත. ඉතා පැරණි තරුණ භාෂාවක කෑල්ලක් වූ අනේ හුකේ කියා මේ කොළම හෙවත් කෝළම අවසාන කරමි. අළුත් භාෂාවෙන් ඒ තත්ත්වයට කියන්නට වචනයක් මගේ ශබ්දකෝෂයෙ ලියවි නැත.

ජගත් මාරසිංහ
10 07 2020
 07 2020 




Powered by Blogger.