මම නොවන මම


Image may contain: one or more people

            මට මතකයි තන්තයානයේ කතාවක්. වරක් ඕිෂෝ කියලා තිබ්බා. ඒ කියන්නේ තමන්ට ඒන ආවේගය හයියෙන් කෑ ගහලා තනියම කියන්න. ඒක එයාගේ අභ්‍යාසයක් වෙනවා මම දැකලා තියනවා. මධු ලෝලියෝ මේ කතන්දරය දන්නවා. එයාලා ඒක දන්නේ අත්දැකීමෙන්. තමන්ගෙගේ මනසට ඒන පීඩණය එයාලා ඒ වෙලේම පිටකරලා දානවා. සැහැල්ලුවෙනවා. පහුවදාට ඒයාලට තියෙන්නේ පශ්චාත් සංවේදනය විතරයි. හිත සැහැල්ලුයි. ඒත් පශ්චාත් සංවේදනයට නැවත බොනවා. මෙන්න ඇබ්බැහිය පටන්ගන්න තවත් තැනක්. ඇබ්බැහිට කියන්නේ මත්පැන් මත් දව්‍ය වලටම උරුම දෙයක් නෙවේ. කොටින්ම ආදරය කියන්නෙත් ටිකක් කල් යද්දි ඇබ්බැහියක් වෙනවා. මගේ ගෑනි කියන ඒකත් ඇබ්බැහියක් වටා ගොඩ නැගුණ පිරිමි කතා වගයක්. ඒක හරියට විස්තර කළොත් මගෙ ආදර ගෑනි කියන්නේ තනිකරම වහලියක් කියලත් ගන්න පුළුවන්. ලිංගික වහල්කමත් විස්තර කළොත් තව කතන්දරය දිග්ගැහෙනවා. ඉගෙන ගන්න ඒකත් ඇබ්බැහියක්. ඉගෙනීම ඉවරයක් නැහැ ඒ ඉගෙන ගැනීමට ඇබ්බැහි වුන කට්ටියට. පොත් කියවීම පමණක් නොවේ කලාව රස විඳීමත් ඇබ්බැහියේ තියලා කතා කරන්න පුළුවන්.
මාරස මේ දවස්ටිකේ අර වගේ කෑ ගහලා මොනවද දේවල් ලිව්වා.නිදහස්වුනා. ඒවා සැර වැඩී කියලා හිතලා මා පිළිනොගන්නා සදාචාරයෙන් ඔන්ලි මී කරපු අවස්ථා එමටයි. දැන් මාරස නිදහස් සැහැල්ලු මනසකින් අළුත් පැත්තකින් තවත් මතක ලියන්නයි හදන්නේ. ඒකේ පළමු මතකය වශයෙන් ඊ ගාවට මම ලියන්නේ ඉන්දුලංකා ගිවිසුම, සමාජවාදය සහ දේශපාලන සිරකඳවුරක ඇති ආදරය ගැන. නමුත් ඊට පෙර මට හිතුනා ශී ලංකාවේ රජයේ රෝහල්වල තියන ආදරය කතා කරන්න. ඇත්තටම මම රෝහල් 48ක පතිකාර අරගත්ත අයෙක්. වයස තිස්පපහට පෙර මම පරිවෙනාචාර්ය වරයෙකු වශයෙන් පිරිවෙන් වල භික්ෂූන්වහන්සේලට ගණිතය, විද්‍යාව උගන්වලා සහ තවත් බොහෝ දේ කරලා විශ්රාම ගත්තාා ඔව් මම හිතන විදිහට ඇල්කොහොලික් රෝගියෙක් වශයෙන් පිරිවෙන් ගුරුවරයෙක් ගත්ත පළමු විශ්රාමය වෙන්න ඇති. කැත කතුන්පොතේ ඒ ගැන ලිව්වා. කොහොම නමුත් ඒ විශ්රාම ගන්නෙත් සෞඛ්‍ය හේතුන් මත.
    මේ මොන කතන්දරය තිබ්බත් තාම ලංකාවේ රජයේ රෝහල් කාර්යමණ්ඩලයට වැදගත් වෙන්නේ රෝගියා. මම පුද්ගලික රෝහල් වලත් ඉඳලා තියනවා. මම නියමයි මාරයි කියලා දකින්නේ තාම රජයේ රෝහල්. පහසුකම් කතාවට වඩා මම මේ කියන්නේ රෝගියාව පන්තිබේදයකින් තොරව වැදගත්කොට සලකන එක ගැන වෙනම කතාන්දරයක්. ඇත්තටම රෝගියා වාට්ටුවට දාපු ගමන් එයාලා වටවෙලා පතිකාර පටන් ගන්නවා. ඒව මතක්වෙනකොට කඳුලු ඒනවා. ඒ රෝගී කේන්දීය වැඩපිළිවෙලේ තියන ආදරය මම දෙවැනි වරට ලියන්න හිතා ගත්තා. අනිත් මතකත් වරින් වර ඉඩ තිබෙන විදිහට ලියන්නම්. මේ මුට්ටිය දාලා බැලුවේ. ඔබේ අදහස් මොනවද කියලා දැනගන්නයි. මම ඒගැන ලියන්න හිතෙන පළමු කතාව තමා "වසම මිසී තමා හොඳම මිසී" කියලා.

ජගත් මාරසිංහ
21 08 2020
General Hospital Colombo | Mapio.net


Powered by Blogger.