නන්දා කියන්නේත් යුගයක්


 

       අද නන්දා මාලිනීගේ උපන් දිනය කියලා හැම තැනම ලියවෙනවා. මට මම හදාරණ විෂයවන ජ්‍යෝතිෂය සමග නන්දට ලියන්න ඒ පැත්තෙන් කිසිත් නැහැ. විචාරාත්මකව නන්දගේ කලාව විග්ගරහ කළොත් ඉතින් අර මල් පත්තර වල තියන හඬ මරු කියන කතන්දර කියන්න මාරසට බැහැ. නන්දාකියන්නෙත් යුගයක්. දේශපාලනිකව විචාරය කළොත් පිපුණු මලේ රුව එමල දකීදෝ ගීතයනම් මාරයි කියලා එතන ඉඳන් තුන් හෙළේ කැලෑ තුල සිංහපැටව් වලින් නවත්තලා හිත් රිද්දන්නත් ඉඩ තියනවා.

    උපන්දිනය උපන්වෙලාව උපන්පලාත අන්තර්ජාලය තුල මාක්ස්, එංගල්ස්ගේ , ටොර්ස්කිගෙත් තියනවා. ලෝකයේ සියළු විශිෂ්ටයන්ගේ තියනවා. අපේ රටේ ගාමිණී පොන්සේකා සහ මර්සලින් ජයකොඩිගේ පියනමගේ පමණයි හරියට තියෙන්නේ. හැබැයි ඒදෙන්නා ඒ ගැනත් හරියට දැනගෙන හිටියා කියලා දන්නවා. රාජ්‍ය නායකයන්ගෙගේ උපන් වෙලාවන් කොහොමත් හොයා දාන කොම්පැනි තියනවා. අර මාරස කලින්ම කියා ඇති 56න් පසු සිංහල රාජ්‍ය භාෂාව උනත් ඒ හරහා හේතුවාදයත් සමග බිහිවූ නව සිවිල් සමාජයක් විදිහට සංවර්ධනය නොවූ හේතුව නිසා වෙන්නත් හැකියි එයාලගේ ආගම සහ සම්පරධාය අපරදිග විද්‍යාව වෙනවා. ඒකට විශේෂ කතිිකාවක් ඇති කළ යුත්තේ වම. නමුත් ඒක ඒයාලාට කරන්න බැරිවෙන්න ඇත්තේ දයලෙක්තිකය සහ හේතුවාදය පටලවාගත් නිසා වෙන්න ඇති. නැත්නම් රසල් හරහා මාක්ස් දිහා බලන්න ගිය නිසා වෙන්න ඇති කිව්වම සරලයි.
‍‍
‍    තක්කඩි යෝතිෂ කාරයන්ව පැත්තකින් තියන්න. අවශ්‍යනම් මාවත් ඒ ගොඩට දාගන්න. ඒත් අහසේ සිට පො ළවේ ඉන්න කාදෙසත් බැලිය හැකි කරමවේදයටද ආදරය කරන්න. නන්දා මාලනියට මගෙන් උපන් දින තෑග්ගක් ඇවැසි නැහැ. ඒවා ලියන්න තනි වචන වලින් බැහැ. මහ ගොඩක් කියන්න තියනවා. හැබැයි ඔය කියන දුප්පත් පන්තියෙන් ඇවිත් මහා ගායිකාවක් උනා වගේ කතන්දර නෙවේ කියා නැවත කියනවා. හැකිනම් ඔබේ උපන් දිනයට මට නෙවේ ලෝකයට තෑග්ගක් ලෙස උපේ උපන්දිනයයි වෙලාවයි උපන් තැනයි දෙන්න. අනිත් ලෝක ගායිකාවන්ට වගේම නන්දාගේ අහස් සටහන මේකයි කියලා ලෝකයට ඒ පැත්තෙන් යමක් හොයන අයට පේන්න දාන්න.

        මම ඔයාට දීර්ඝායුෂ පතන්නේ නැහැ නන්දා. මම දන්නවා යම් දේක විශිෂ්ටයෝ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. එයාලව මැරෙන්නේ පෘථිවිය මළ දවසට. පෘතිවිය මැරෙන්නේ ඉර මැරෙන දවසට කියලා උපකල්පනය කළොත් ඒංගල්ස් කිව්වා වගේ ඉරටත් දැන් සෑහෙන වයසයි කියන ඒකත් කවුරු කවුරුත් හොඳින් මතක තබා ගත යුතුයි.

ජගත් මාරසිංහ

23 08 2020


Powered by Blogger.