ගිරි අභයද?-අභය ගිරියද?

ගිරි අභයද?-අභය ගිරියද?
       ටියුෂන් ඇතිවුනේ අපි ඒන් සී ජී කරන කාලේ(1975). ඒ කියන්නේ පරචලිත වෙන්න ගත්තේ. උසස්පෙලට ඒද්දි මාර වුනා. කොටින්ම මගේ හොඳම ගුරුවරයා කියලා හදවතේ රැඳිලා තියෙන්නේ රාජා අල්විස් සර්. පාසැලෙන් මහාමේරුවක් කළ ගණිතය එයා තුන්මාසෙක රිවිෂන් ඒකකින් ජීවිතය බවට පත්කළා. තව ලිව්වොත් කඳුලු ඒනවා. අද ඉන්න ටියුෂන් ගුරුවරු විෂයට පිටින් දරුවන්ට දේශපාලනයකුත් ඒකතු කරනවා. ඒ සමහර විට ජාතික වාදය, මාක්ස් වාදය, විප්ලව වාදය, පශ්චාත් නූතනවාදය, නැත්නම් ඒ නම්වලින් නව ලිබරල් වාදය කියන අච්චාරුව. ඒත් ඒතනින් පිටවෙන වැඩිලකුණු ගත්කොල්ලෝ උසස් අධ්‍යාපනයට යනවා. ඒත් අර සාමාජීය දැනුම සහ ජීවිතය නිසා වැඩිපුර කට්ටියක් කුමක් හෝ වමේ දේශපාලනයක් කරනවා. ඒකෙන් වැඩිම වැඩි පිරිසක් ඊට පස්සේ වීදුරු කාඹරවලට යනවා. ඊට පස්සේ ඒයාලට ඒ සියල්ල අමතක වෙනවා. විභාගවලින් ලකුණු මදිවුන පිරිස චාලි චැප්ලිල්ගේ මොඩන්ස් ටයිම් පිල්ම් එකේ රත්තරන් හොයන්යනවා වගේ පෝලිම් පිටින් ඒන්න ගන්නවා කොළඹට. අර සුද්දාගෙන් පසු ධනේශ්වරය ඇතිවුන කාලේ වතු බිහිවුනා වගේ මෙන්න අළුත් කල්ට් හැදෙනවා. ඒවායේ වෙන්නේත් නව දේශපාලන කතිකාවන්. මගේ අම්බේ මාක්ස්වාදී කණ්ඩායම් කොච්චරනම් තියනවාද? මාර කල්ට් හැදිලා. මීඩියා කල්ට් ඒක, ආර්ට් කල්ට් එ‍ක, ඇඩ්වටයිසින් කල්ට් ඒක, පශ්චාත් නූතන කල්ට් එක, ඒවල නිකායන් ගොඩයි. මේ සියල්ල අතර පරංගි වම ගැන මම කෙලින් කතා කර තිබෙනවා. පක්ෂ කල්ට් ගැන මම කියන්න යන්නේ නැහැ. ඒවට දැන් වයස පනහක් හෝ පනහ පසුවෙලා. ඒවායින් වෙච්ච ගොඩක් දේවල් තියනවා. ජනතාවට කෙලවුන තැන් ඊට වැඩී.

     මෙවන් මොහොතක මගේ ගමේ මිතුරෙක් වූ පණ්ඩුල සන්ථාගාරය කියලා සංස්කෘතික කේන්දරයක් පටන් ගන්නවා. මම හතනවා ඒ කාලේ ඒ සාමාජීය දැනුමට විභවිය ආලෝකයක් උනා. ඒත් විවේචනයක් තියනවා. ඒ සියල්ල මැඩගෙන සන්ථාගාර වගේ ස්කෘතික කේන්දර ලංකාව පුරා ඇතිවිය යුතුය් කියන කතන්දරයයි මගේනම් අදහස. හැබැයි මට හිතෙන්නේ මෙයාලා අභයගිරි කල්ට් ඒක අමතක කරනවාද කියලා. තාම ඒක මරුනේ. ගාන්දි කිව්වෙත් ඒකමද මන්දා. අභය ගිරිය හැම දර්ශනයකටම දොරවල් ඇරියා. ඔව් ජාතික වාදය, මාක්ස් වාදය, ටොස්කිවාදය, පශ්චාත් නූතනවාදය, වගේ හැම වාදයකටම දොරවල් විවෘත සංස්කෘතික කේන්දරයක අවශ්‍ය තාවය මතුවෙලා ඉවරයි. ඉතින් පණ්ඩුලල වගේ අය මේ වගේ දේ වලට සවිඥ්ඥානික නොවුනහොත් ඉතා කෙටි කලකින් සන්තාගාරයත් යම් දෘෂ්ටිවාදයක හිරවෙනවා අනිවා. ඒකේ අවසානය අනිවාර්යෙන්ම යම් මහා‌ෙ ද්ශපාලනයක් ඒක ගිල ගැනීම පමණයි. සන්ථාගාරය එසේ නොවේවා යන්න මගේ නොව සැබෑ මිනිසුන්ගේ පැතුම විය හැකියි. ඉතින් සන්ථාගාරයට පමණක් නොවේ සියලු සංස්කෘතික කේන්දර වලට රතු ඒලියක් මෙයින් වැටෙයි. නමුත් කවුරුන් හෝ කොල එළිය පත්තු කරනවා නියතයි.(කොළ එළිය කිව්වේ පක්ෂ පාට වලින් නෙවේ.) ඒක විය යුතු නියමයකටත් වඩා පරත්‍යක්ෂයක්.

ජගත් මාරසිංහ‍‍
24 08 2020


 


Powered by Blogger.