ගණිත ලෝකයේ ආදරය සහ කසාදය

ගණිත ලෝකයේ ආදරය සහ කසාදය
*ගණිත ලෝකයේ ආදරය සහ කසාදය*

ඔත්තේ ඉරට්ටේ සංඛ්යා ගණිත නගරයේ ස්ත්රී පුරුෂයෝ ය යි ආදී චීන්නු සිතූ හ. 1 සංඛ්යාවක් නොව සංඛ්යා ජනනය කරන්නී වශයෙන් සංධ්යා මාතා වූවාය. එහෙයින් ප්රථම පුරුෂයා වූ 3ත් ප්රථම ස්ත්රිය වූ 2ත් අතර බන්ධනයෙන් ලද 5 විවාහයේ ලකුණ වූ බව පනාගොඩ නැමති ගුරුන්ටත් ගුරුවූ මියුසියස් අභ්යාස විද්යාලයාධිපතිව සිටි ගණිතවේදියා 1949 දී ගුරුවරුන්ට කියාදෙන්නේ සිංහල සාහිත්ය වංශකතාවේ උදාරණද සමගය.
කසාදය සුළුපටු දෙයක් නොවන වගත් එය පුද්ගලයන් දෙදෙනෙකු ඇතිවීමට හෝ නැතිවීමට හේතුවන සිද්ධියක් බවත් ඔහු සරළ ගණිත සංකල්ප වලින්ම එකල පවසා තිබේ. එසේම ස්ත්රී පුරුෂ දෙදෙනාගේ බන්ධනයේ ප්රතිඵලය දරු පරම්පරාවක් බව නොදන්නා පොඩි එකෙක්වත් අද පවා සිටිය නොහැක. සංඛ්යා ස්ත්රී පුරුෂයන්ගේද ඊට සාධනීය දේ ග්රහ තාරකා ගණිතයේද තිබේ.
වටිනාම අදහසක් වන්නේ සංඛ්යා සංඛ්යාවෝ විවාහ වන්නේ ගැහැනියන් සමග පුරුෂයන් පමණක් නොවීමයි. කොටින්ම ගණිත දේශයේ සමහර මිනිස් රටවල නැති සිරිතක් තිබේ‍‍. ඒ ගණිතයේදී සංඛ්යා විවාහ වන්නේ් ගැහැනියක පිරිමියකු සමග පමණක් නොවීමය. කොටින්ම ගණිත ලෝකයේ ගැහැනුන්ට ගැහැනුන් සමගත් පිරිමින්ට පිරිමින් සමගත් විවාහ විය හැක. පුදුමය වන්නේ ඉනුත් දරුවෝ උපදිති. ඒ දරුවන් අතාත්වික ලෙස අර්ථදැක්විය හැකි උවත් ගණිතයේදී අතාත්විකත්වයට පමණක් නොව සූන්යයටත් විශාලත්වයක් සහ වටිනාකමක් තිබේ. අහක දමන්නා වූ කිසිවක් නොමැත. කොටින්ම බහුභාර්යා සහ බහු පුරුෂ සේවනය ගණිත දේශයේ නීතියෙන් වලංගු කර තිබේ. කසාදයද නොයෙක් විදිහෙන් සිදුවෙයි. දික්කසාදයට වටිනාකමක් තිබෙන්නේ් ගණිතයේදී දික්කසාදය වනාහී අති වටිනාකමකින් යුත් තවත් ගණිත ප්රවණතා බිහිකළ නිසාය. දික්කසාදය වනාහී ගණිත ලෝකයේ අති වටිනාකමක් ගන්නා දෙයකි.
මෙබඳු ස්වභාව ධර්මයේ න්යායන් ගණිතය සංකල්පීයව රටාගත කර සැබෑවට ආසන්න වන විශ්මිත අනාවැකිද ඇති බව සමහරුන්ට විශ්මිත නොවන්නේ අංක ගණිතයේ නොදැනුමදැයි සැකයක්ද ඇතිවේ. ගණිතයෙන් සිතීමට හැකි අති දක්ෂ දරුවන් අංගණිතය වරදවා ගැනීමෙන් ගණිත විෂයෙන් අසමත් වේ. කොටින්ම බාල කාලයේ හරිහමන් අංක ගණිත ගුරුවරයෙක් හමුවූ සියල්ල ගණියෙන් මහා දුර ගිය බව සැබෑවකි. ගණිතය අසමත් වීමේ සතුරන් වන්නේ අදක්ෂ හෝ රාජකාරිය මග හරින අංක ගණිත ගුරු භවතුන්ය.
එක්තරා අවස්තාවක මා සමග උපදේශන කතිකාවකට මවක් සිය පුතෙකු සමග ආවාය. පුතු විවාහ වීමට කැමති නැති බවත් පුතුට හිමි යම දේපල වස්තුද තිබෙන බවත් ඇය කීවාය. කියමින් මව පරසක්වල ගසන්නට වූවාය. මම කාලයට මට හිමි මිළ පසක තබා දක්ත නිරීක්ෂනද පසක තබා නිහඬව සිටියෙමි. මට කිසිත් පැවසිය නොහැකි බව පැවසුවෙමි. මව මග හැර ඔහු නැවතත් මා අසලට පැමිණ මා කුමක් කළ යුතුදැයි ඇසුවේය. සමලිංගිකත්වය නීතිගත රටකට යන එක වඩා යහපත් බව මම කීවෙමි. අපි දෙදෙනාම මහ හඬින් සිනා සුනෙමු . මොහොතකිින් සැහැල්ලූ වූ පසුව ඔහු අංකල් කියා මා අමතමින් ඔහුගේ ජීවිත කතාව කියන්නට විය.
ජීවිත වල ස්වරූපය විවිධය. එහෙත් ඒ ස්වරූපයන්ගේ නිළය අල්ලා ගැනීමට ගණිතය බොහෝ වැදගත්ය. ජ්යෝතිෂය හෝ මනෝ විද්යාව සහ ආධ්යාත්මිකත්වය ගැනද කිසිත් නොදන්නා අංක ගණිතයේ මූලික සිද්ධාන්ත පමණක් කදිමට දන්නා ඇසූ පිරූ තැන් ඇති මිනිසුන් විශ්මිත අනාවැකි කියන්නේ මන්දැයි විමසිලිමත් වන්න. සියළු මහා ගණිත කර්මයන් අංක ගණිතයෙන් අවසාන වේ. මහාවීර හැඟෙව්වා සේ අවසානයක් නැති ආරම්භයක්ද නැත. ඇත්නම් ඒ මුුලක් මැදක් අගක් නැති වෙනත් සීතීමේ ගමනක ආරම්භයක් පමණි. ගණිතය අද බහුමානිකය. ඒ විතරක් නොවේ බහුමානික වූ ගණිතය බහුමාණික සර්පිලාකාර මගක බහුමාණිකව ගමන් කරයි. ඒ ගමනේ කෙලවරක් නැත. එහෙත් අප අල්ලා ගත යුත්තේ අපට මේ නිමේෂයට අවශ්ය කටයුත්තේ ගණිතමය නිලයයි.
අංක ගණිතය ගැන අවබෝධයක් නැති කිසිවෙකුට යමක් අවබෝධ කිරීම පහසු කටයුත්තක් නොවේ. වරක් මාක්ස්- එංගල්ස් පැවසුවාක් මෙන් ගණිතය යනු විශාලත්වයන්ගේ විද්යාවක් ලෙසද ගත හැක. විශාලත්වයන්ගෙනන් තොරව ඔබට එකද වචනයක්වත් කතා කළ නොහැක.
ජගත් මාරසිංහ
16 10 2020






Like
Comment

 


Powered by Blogger.