අනුලාවන් මිය යන්නේද අප මළ දාටය

අනුලාවන් මිය යන්නේද අප මළ දාටය


 ගච්චන්ති සබ්බේ මරණං අහංච........!

ගච්චන්ති සබ්බේ -මරණං අහංච කියලා හිත හදා ගන්න බැරි අවස්ථාවල් තියනවා. මම දන්න විදිහට ඔයා මට වඩා වසර දහයකට පොඩ්ඩක් වැඩිමල්. ඒත් දයානන්ද ගුණවර්ධනයන් මට අහම්බෙන් හමුවුණ දවසක කියනවා නෙයිනගේ සූුදුව සින්දුුුව මම ගොඩක් වතාවල් ලිව්වා කියලා. ඒත් ඒක කරන්න පුලුවන් නිළිය ඔයා කියලා. මේකෙන් අනිත් නාටක වලට අපාසයක් වෙන්නේ නැහැ. ඇයි දන්නවාද. වේදිකාව තුළ වරක ඔයා අපට අමමෙක් උනා දුවක් වුනා පෙම්වතියක් වුනා කියලා ලියන්න මාරස කැමති නැහැ. කෙලින්ම ලියනවා ඔබ මහ පොළව ආධ්යාත්මිකව අවබෝධ කරගත් නිළියක් කියලා. තව ලියන්න ගොඩක් දේවල් තියනවා. මාරස මේ බ්ලොග් කරු කවදාවත් ඔබට අත දීලා නැහැ. කිසිම දවසක වර්ණා කරලා නැහැ. කටහඬත් රූපයත් රංගනයත් අගේ කරන්න ලිපි ලියලා නැහැ. ඒත් හදවතේ තියාගන්න ඇති. ඒ කඳුලයි මේ ලියන්නේ. මම දන්නේ නැහැ කියන්නේ වෙනත් පැත්තකින්. මම කාගෙන්වත් අහන්නේ නැහැ ඇයි මේ විශිෂ්ඨයෝ ඉක්මනට යන්න යන්නේ කියලා. කරපු දේ තිබ්බත් භෞතිකව යනවා. ඒක අනිවාර්යක්. ඔයත් ගියා යන්නම යන්න. මම දන්නේ නැහැ සංකල්පීය තලයෙන් මිස ඔයාට භෞතිකව ප්රාර්තනයක් තිබ්බද කියලා. ඒ කෙසේ වෙතත් මාරස මෙහෙම කියන්නම්. ඔබ ලංකාවේ කලා ලෝකයේ විශිෂ්ට කාන්තාවක්. අපිව මැරෙනකන් ඔබේ ඒ රංගන පමණක් නෙවේ ඔබවත් අමතක නැහැ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඒක කොච්චරද කියනවනම් කියන්න බැරි තරම් කියලා කියන්නම්. මාරස ඔයාට නිවන් සුව පතන්නේ නැහැ. ඇයි දන්නවාද? ඔයා වේදිකාවේ රහත් වුන සැබෑ කාන්තාවක්.
ආදරෙයි අනුලා ගොඩාරියක්.
ජගත් මාරසිංහ
16 10 2020


Powered by Blogger.