තවත් බෝධි සත්වයෙක්

                                                තවත් බෝධි සත්වයෙක්

මේ ඉන්නේ අජිත් තිලකසේන. ඇත්තටම අජිත්ලලව සහ සයිමන්ලව හොල්ලන්න බැරිවෙන්න බලයක් හැදුවේ 80 කේ කේලා සහ දීප්තිලා කියල සාධනය කළ හැකියි. මම මෙයාව අදුන ගන්නේ වයස අවුරුදු දහඅටේදි විතර ගම්පහ කෝරලේ ආරච්චිලාගේ ගෙදර සාදයකදී. මතක විදිහට ඒයාලාගේ අයියා ඒ කාලේ කැලනි කැම්පස් එකේ. ඒ අයියලා මෙයා ගැන කියනවා මම අහන් ඉන්නවා. පස්සේ මම මෙයා ගැන හොයලා මම අයියා වෙනවා.
දන්න විදිහට හේතුවාදය සංවාදය ලියන්නේ මෙයා. ධනුද මන්දා ලග්නය. අජිත් ගැන කතා කරන්න ලේසි නැහැ. පොඩ්ඩ වැරදුනොත් කෙලින්ම ආපහුඒනවා. නමුත් මම කියනවා මට හිතෙන හැටි. මට අනුව අජිත් තිලකසේන කියන්නේ සිංහල බෞද්ධයෙක්. හේතුවාදියෙක් නෙවේ. මතක තියා ගන්න ඒ මට අනුව කියලා.
දිග කුඩයක් අරන් සරමක් වගේ ඔහේ කලිසමක් ඇඳගෙන සාමාන්ය ගැමියෙකු වශයෙන් මහා සම්මන්ත්රන වලටත් ගිහින් හිටි ගමන් අතුරුදහන්වෙන ඒත් විශ්වය ගැනම වෙනම විදිහකට ලියන කියන අජිත්. නොමැරෙන පාරදිගේ ලියපු පාරදිගේ අජිත්.
යුද්දේ වෙලේ මට ඇල්කොහොලික් අසනීපේ අනන්තෙට ගිහින්. මම අජිත්ගෙන් අහනවා මක් වෙයිද කියලා. යකෝ සාස්තර කාරයෙක් වගේ කියනවා අනිවාර්යෙන්ම හෙට අනිද්දා මාරේ එයාල පරදිනවා කියලා. ඒ වගේ සංවිධාන ගැන දීපු උත්තරය පුදුම සහගතයි. ඒත් සංවිධාන ගැන තියා මොන මගුලක් සමගවත් කතා කරන්න හෝ එයාගේ නම ලියනවාටත් එයා කැමති නැහැ. ඒයා ගැන වැරදි දෙයක් කේ කේ සමන් අතින් කියවෙලා ලේක් හවුසියටත් ගිහින් එයා නිවැරදි කළ බවත් ඇත්තක්. ඒක ගැටුමක් වුනා. මම හිතන්නේ අජිත් ගැන ලියපු දේ දැන් කේ කේ ලියන එක නවත්තලාද මන්දා. කේ කේ කියනවාලු මම ආයේ අජිත් ගැන ලියන්නේ මට ඉස්සරලා අජිත් මළාට පස්සේ එකක්ද මන්දා
මම කියන්නේ අජිත්ගේ සිංහල බෞද්ධ දේශපාලනයක් හෝ අභිතාත්විකවාදී සාහිත්ය කලාව ගැන නෙවේ. පුදුම විදිහට දේශපාලන අනාවැකි කියනවා කියන කතාවයි. මේ වෙනකන් ලංකාවේ සිදුවෙච්ච හැම දේශපාලන වෙනසක්ම දුරකතනයෙන් මම එයාගේ කටින් අහගෙන ඉඳලා තියනවා. ඒත් මම දැන් කතා කරනවා අඩුයි. මොකද කතා කරපු ගමන් අහන්නේ මාරේ අසනීප කෝමද? නෝනා දරුවෝ කෝමද? මොකුත් ලියන්න ගත්තද? පුදුම තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මැරුන දවසින් පසුව දවසක මම නිකන් කතා කළා. කියාගෙන ගිය දේවල් සමග මාව අතරමංවුනා. එයා මට දුන්න එකම උපදේශය බීල තමා ලංකාවේ ගොඩක් වැඩක් කරන්න හිටපු අය නැතිවුනේ කියලා. ඒක ඉතා තදින් කිව්වේ අර පාරදිගේ නැවත පෙන්නපු තැනකදි. කොටින්ම බොන එක නතර කරනවාට වඩා මට ඇත්තේ සිරා කවුද කියලා හොයන්න උනා. ඉතින් අජිත් සර්

හීනෙන් දැකලා පාන්දර ලියන්න ඇති. ඔයාට දීර්ගායුෂ පතන්න මම බය වෙන්නේ මොකටද? මට අනුව ඔයත් බෝධසත්වයෙක්.

ජගත් මාරසිංහ
31 12 2020


පාර දිගේගේ

1 comments:

https://lankacitizens.com/art/තවත්-බෝධි-සත්වයෙක්/


Powered by Blogger.