මම සහ අනිකා

                    

                                           හු මා පසු පස එයි. සමහර විට මම ඔහු පසු පස යමි. වරෙක මගේ අතින් අල්ලාගෙන මා සමග ගමන් කරන ඔහු තවත් වරෙක මගේ කර වටා අතක් දමා ගෙන තොදොල් වෙමින් ගමන් කරයි. මට වෙහෙස බව දැන ගත් වහාම ඔහු මගේ කර මතට පැන දෑතින්ම මගේ හිස බදා ගනී. එහෙත් ඒ කවුද යයි මට ඔබට තේරුම් කර දිය නොහැක. එසේ තේරුම් කරන්නට යාමද මා ඔබව අවමානයට ලක් කිරීමකි. පාඨකයා ලේඛකයාගේ වහල් බවින් මිදීමට කාලය එළැඹ තිබේ. පීඩිතයාව පීඩකයාගේ වහල් බවින් මුදවා ගැනීමට අරගල කළ යුතු ආකාරය ගැන ලියවී ඇති ලේඛණ තුලත් අති දැවැන්ත පීඩකයෙක් සැගවී සිටී. මේ තත්ත්වය සැබෑවටම බේදවාචකයකි. ලේඛකයා පාඨකයාව සිය චිංතනයේ බලයෙන් මුදා ගත යුතු  කාලය එළැඹ තිබේ. කොටින්ම පාඨකයා ලේඛකයාගේ වහලෙක් නොවිය යුතුය.බලය සම්බන්දව සලකන විට කෘෘර අධිරාජ්‍ය  පාලකයන්ටත් වඩා ඉදිරියෙන් ලේඛකයෝ සිටිති. එහෙත් බුද්ධිමය මට සිලිටි වචන කලමනාකරණය කරමින්   ඔව්හු ඒ බව සගවා ගනිත්. එහෙයින්ම මම නොදන්නා මේ අමුත්තාව හදුනා ගැනීමට  මම ඔබට නිදහස දීමට සිතුවෙමි. සැබෑවටම එය මගේ යුතු  කමකි. එහෙත් මේ අමුත්තා මම සිතින් නිර්මාණය කරගත් මගේම ප්‍රතිරූපයක් නොවන බව මම තදින්ම ඔබට දන්වා  සිටිමි. කාරණා එසේ නම් මේ අමුත්තා කවුරුන් විය හැකිද?                   


                     ඒකාන්තයෙන්ම ඔහු මනුෂ්‍යයෙක්ද නොවේ. මනුෂ්‍යයකු නොවන්නේද නොවේ. අමනුෂ්‍යයෙකුද නොවේ. අමනුෂ්‍යයෙකු නොවන්නේද නොවේ. දුගියෙක් හෝ පාදඩයෙක්ද නොවේ. එහෙත් ඒ බව ස්තීරවම කියන්නට මට අයිතියක්ද නැත. ඔහු අවලස්සන මිනිසෙකුද නොවේ. කියන්නට තරම් ලස්සනක්ද නැත. සුන්දර මධුලෝලියෙකු නමුත් බේබද්දෙකු ලෙස වර්ග කිරීමට හැකියාවක්ද නැත. ගෞතම සිද්ධාර්ථයන් පිළිඹද ඔහුගේ දැනුම පුදුමාකාරය. එහෙයින්ම බුදුන් යනු ඔහුට තවත් එක් මනුෂ්‍යයෙකු පමණි. 



                   එහෙත් බුදුන් ඉදිරියේ හතර ගාතයෙන් වැඳ  වැටෙන ඔහු පන්සලකට යාමටද කැමති නැත. එසේනම් මල් පහන් පුද පූජා ගැන කතා කර පලක් අැත්තේම නැත. එහෙයින් කෙසේවත් ඔහු බෞද්ධයෙකු ලෙස වර්ග කරගත නොහැක.තවත් විශේෂයක් වන්නේ ඔහුට ජාතියක්  ජන්මයක් නොමැති වීමය.ඔහුගේ ලිංග බේදය පවා මට නම් අවිනිශ්චිතය. එහෙත් හැඩි දැඩි පිරිමියෙකුගේ ලක්ෂණ ඔහු සතුව පවතී. සිංහල භාෂාව මනා ලෙස හසුරවන නමුත් කිසිසේත්ම ඔහු සිංහලයෙකු ලෙස වර්ග කිරීමටද නොහැක. සැබෑවටම ඔහු වනාහී ගුප්ත සත්වයෙකි. රටක්, ජාතියක්, ආගමක් වර්ගයක්, කුලයක් ගැන සිතා ගැනීමටවත් නොහැකි මොහු ඉතා ඉහලින් දෙවියන්ගේ පිහිට විශ්වාස කරයි. එහෙත් ඒ කුමන දෙවියෙක්ද යන්න මට නම් උභතෝකෝටික ගැටළුවක් බවද ඔබ දැනගත යුතුය.
                     

                   මා කෙටි කථාවක් හෝ නවකථාවක් හෝ කුමන හෝ නිර්මාණයක් ලියන්නට යනවා යන හැඟීමක් ඔබට පහල වූයේ නම් එයද මහත් මුලාවක් බව සදහන් කළ යුතුය. මා මේ කියන මිනිසා භෞතිකව මා ඉදිරියේ පෙනී සිටින මිනිසෙකි. ඔබද හදුනන, ඔබ ලගද ගැවසෙන කාබනික සත්වයෙකි. වරක් මම ඔහුව තේරුම් ගැනීමට ඔහු අදහන දේවතාවා සම්බන්ද විශ්වාසය විමසන්නට තීරණය කලෙමි. ඔහු අදහන දේවතාවා ව්‍යාධදේව බව ඔහු කිසිදු පැකිලීමකින් තොරව මට පැවසුවේ මහා ගාම්භීර තත්ත්වයක් මවා ගනිමිණි. ප්‍රාග්  බෞද්ධ ලංකාවේ දඩයම් කරුවන්ට සහ ව්‍යාධි වලට අධිපති  ව්‍යාධ දේවයන්ව අදහන මට හමුවූ එකම මිනිසා සැබෑවටම ඔහු පමණි. ව්‍යාධ දේව වනාහි දඩයම් කරුවන්ගේ දේවතාවා නොව නිෂ්පාදනයන්ගේ දේවතාවා බව ඔහු පවසයි. සමාජ කොදේසි මත විවිධ අකාරයට වේශ නිරූපණය වී දේවතා හමුදාවක් බවට පත් වී අැත්තේ ව්‍යාධදේවම බව ඔහුගේ අදහසයි. එසේම එය මගේද අදහස බවද පැවසිය යුතුය. ව්‍යාධදේවගේ දෑත් මත තැවරී තිබුෙණ් දඩයම් රුධිරය නොව නිෂ්පාදන බලමහිමයේ දහදිය බවද ඔහු පවසයි.  
                    
                        බෞද්ධාගමනයෙන් පසු අපේ කොදෙවේ සියලු දෙවි වරුන් බුදුන්ට යටත් කර දේව ගණයේ සංස්ථිතිය ගොඩ නගා ගෙන ඇත්තේ දෙවියෝ බුදුන් මෙන් කෙලෙස් නොනැසූ පිරිසක් නිසා බව ඔහු මට අවබෝධ වන්නට ඉඩ දුන්නේය. එහෙත් ප්‍රාග් බෞද්ධ ව්‍යාධදේවට කෙලෙස් යන සංකල්පය ආගන්තුක බව ඔහු සදහන් කරන්නේ කට කොනකින් දත් විලිස්සා මද සිනාවක් ද පාමිණි. දේව ගණයේ සංථිතියේ පහලින් ව්‍යාධදේවලාව තැබීම පිළිඹද යම් සංශය අදහස් මා සිත තුල වැඩෙන්නට වී.
                       
                      සමාජ විද්‍යාව යනු සමාජ බලයේම ප්‍රකාශණයකි. කළ යුත්ත බලය විසින් අකුරටම ඉටු කර  තිබේ. ව්‍යාධ දේවලා, පශ්චිම රාජිනීලා, ස්වර්ණමාලිලා යන ස්වදේශික දේව ගණයාව නොසලකා හැරියා සේය.  ඒ නම් එදා ඒ මොහොෙත් දේශපාලනයයි. ඒ නිමේශය  වංශ කථා වල පාරම් බාන තරම් සුන්දර විය නොහැක. මම මගේ නොදන්නා  ගමන්   සගයාගෙන් එ් බව තේරුම් ගතිමි.
                            

                     කාලයක් සැගවීසිටි ඔහු දැන් නැවත මා සමග එහේ  මෙහේ යාමට පටන් ගෙන තිබේ. මගේ ජීවිතයේ වැඩිම කලක් මා ලගින්ම සිටි මිනිසා  ව්‍යාධය. එහෙත් අවාසනාව නම්  මට ඔහුව අවබෝධ කර ගැනීමට ප්‍රඥාවක් නැති වීමය. සමහර විට ඔහුටද මා පිළිඹද  අැත්තේ එවැනිම හැගීමක් වීමටද පුලුවන. එහෙත් මම නිතරම ඔහුව අවබෝධ කර ගැනීමට උත්සාහ කළමි. භව ගණනකට පෙර මා ඔහුව හදුනාගන්නට ගත් උත්සාහය තුල බුදුන් වහන්දස්වද මට හමුවන්නට ඇත. ඉක්බිති කාල් මාක්ස්ලා හදුනා ගන්නට ලැබුනේ ඒ හිදැස තුල වීමට පුලුවන. කෙසේ හෝ  මට නම් තවමත් ඔහුව හදුනා ගන්නට නොහැකි  වී තිබේ. මාර්ටින් වික්‍රමසිංහගේ කලුනික සෙවීමත්, විරාගයේ අරවින්දගේ  රත්තරන් සිහිනයත් මතකයට නැගේ.සඳ  තවම පායා නැත. එහෙත් කොහේට හෝ හඳ පායා තිබිය යුතුය.
                            

                        මා ව්‍යාධගේ ගෙදරටද ගොස් තිබේ.  මගේ බි රිදත් ඔහුගේ බිරිදත් ගජ මිතුරියෝය. මගේ දරුවන් ඔහුගේ දරුවන් සමග කෙලි දෙලෙන් කල් ‍ගත කරත් එහෙත් වරෙක සියල්ල සිහිනයක් දැයි සැක සිතේ. මේ සමීප සගයා මට කොතරම් සමීප වී තිබේද යත් එපමනටම ඔහු කෙරෙහි මට අවිස්වාසයකුත් ජනිත වී තිබේ. ළගපාත සමීප ප්‍රශ්ණ  වලින් ඔහුව වටහා ගැනීමට නොහැකි බව වටහා ගත් මම දිනක් ඔහුගෙන් ;ඔබ දෙවියන් පිළිගන්නවාදැයි දුර ප්‍රශ්නයක් ඇසූවෙමි. සංගාරව නම් මානවයා බුදුන් ගෙන් ඇසූ ප්‍රශ්නය නැවත මගෙන් අසන්නේ මන්දයයි අසමින් ඔහු මට නියවන්නට විය. මා දෙස බො හෝ වේලාවක ඔරවාගෙන සිට අනතුරුව කරුණු වශයෙන් සලකන විට දෙවියන් ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි ඔහු මා සමග පැවසුවේය. 
               

               'නර ලොව දෙන පුදට  - රිසිවන දොරින් දොර සිට.
                සුරනැයි යෙනු කුමට  - දූගී යාචකයිනට එනිවට.'
                                       

                        වීදාගම හිමියන්ගේ   කව් පද වලට හිනැහෙමින් ඔහු මා සමග දිගින් දිගටම තර්ක කරන්නට විය. බුද්ධ  ධම්ම  සංඝ යන ත්‍රිවිධ රත්නය ජීවමානව වැඩ සිටින කල දේවතාවුන් ගැන සිතීමත් විහිලුවක් නොවේ දැයි මම ඔහුගෙන් නැවත ප්‍රශ්න කලෙමි. කරුණු වශයෙන් සලකන විට දෙවියන් සිටිත් යයි පැවසීම බොරුවක් නොවේදැයි බුදුන් වහන්සේගෙන් සංගාරව එදාද ප්‍රශ්න කර ඇති බව කියමින් ඔහු උඩ පැන පැන සිනහවන්නට විය.  
                      කරුණු  අනුව සළකන විට දෙවී යෝ සිටිත් යයි පැවසූ විට එයින් නුවනැත්තෙකුට පිළිගත  හැක්කේ දෙවියන් ඇති බවයයි බුදුන් වහන්සේ දේශණාකළ  අයුරු ඔහු මහා හිමි නමක් මෙන් මට පහදා දුන්නේය.
                           

                           MARAYA




                      
First


Powered by Blogger.