හංස පූට්ටුව

   01                                                                                                                                                  02
 
ත්තරාරාේපිත   යථාර්ථවාදී සාහිත්‍යයේ කැරට් අලය පසුපස දිව ගිය සාහිත්‍ය සමාජයක් එම උත්තරාරාේපිත
ආකාරයට ම පරංගියා කෝට්ටේ ගියා මෙන් හිස වටා අත දමා නාහේ ඇල්ලුවා මෙන් මාර්කෝගේ,සිංගර්ගේ සහ කුන්දේරාගේ වතතෙන් හෑරූ කැරට් අස්වැන්න පසුපස හඹා යන්නට පටන් ගනිද්දී  හංස පූට්ටුව කිසිවෙකු නාඳුනන කටුවල අලයක් පරිදි සාහිත්‍ය බක්කියක ඇස නොගැටී වේලි වේලි තිබිණ.
                                 60 දශකයේ නූතනවාදී නවකථාව තුළ සිරිල් බී. පෙරේරාගේ  හා ටෙනිසන් පෙරේරාගේ
ද අජිත් තිලකසේනගේ ද විශිෂ්ට දායකත්වය පේරාදෙනි සාහිත්‍යයේ ඊනියා විඥානධාරා සන්දර්බය මගින් යටපත් කර දැමුවේද මේ අාකාරයට මය.
                                 ලාංකීය පොලොවෙන් පැන නැගී ගලා ආ සංකල්පවේදීමය පද්ධතියක් වෙනුවට ආයතනික සංකල්ප වේදයකින් හංස පූට්ටුව වන් කෘතීන් ග්‍රහණය කළ නොහැකිය. සයිමන් නවගත්තේගමගේ කෘතීන් ශුන්‍යවාදී හා තන්ත්‍රවාදී සීතාම්බර පට වලින් වහන්තරා කරමින් ප්‍රදර්ශනය කරනු ලබන විචාරක නෂ්ට කාමය මගින්ද හංස පූට්ටුව හසු කර ගත නොහැක.
                                             -කේ.කේ සමන් කුමාර.
                                                              
ප්‍රථම මුද්‍රණය     ;1991                                       
ප්‍රකාශණය         ; සෞම්‍යා කුමාරි                   
කවර නිර්මාණය; ගිවන්ත අර්ථසාද්

දෙවන මුද්‍රණය   ; 2000
ප්‍රකාශණය         ; සංහිඳ ප්‍රකාශන
කවර නිර්මාණය; දිනිඳු සිරිවර්ධන


Powered by Blogger.