“තුලාවේ“ නූතන කාල රූප-

සමාවෙන්න !

“තුලාවේ“ නූතන කාල රූප-


“සමබරව කිරා බෙදා දෙනවා යනු අපහසු කාර්යකි. ඒ තරාදියේ දෝෂයක් නොව මිනිස් සිතේ දෝෂයකි. තමන්ගේ දෙයක් තමන් කිරාගන්නා විටද තමන් සහ තමන්ගේම අනිකා තමන්ගේම හිස තුළ මාරාන්තික සටනක නිරත වේ. බොහෝ කලක සිට යමක බර කිරාගත්තේ තරාදියෙනි. තරාදිය හෙවත් තුලාව ගැහැනියකගේ අතට දුන් පසු එය සාධාරනත්වයේ සංකේතයක් වූයේ කෙසේද? මේ කතන්දරය දිගම දිග දේශපාලන ආගමික ඉතිහාසයකි. එහෙත් එය ආගමික වන්නේ අවිද්යාත්මක විකාර හරහා නොව දාර්ශනික ගතානුගතිකත්වය මතය. එසේම ලෝක නීතියේ සාධාරණ සංකේතයක් වීමටද තරාදියට සහ ගැහැනියට හැකි විය. එයද අසාධාරණ තේරීමක් විය නොහැක. මන්ද, ගැහැනුන් කිරන්නට ගිය විට කිරිල්ලේ කෙලවරක් නැති නිසාය. ගැහැණු සිත යමක් කියවන්නේද ස්වභාවයෙන්ම දෙකට බෙදාගනෙ කිරා මැන බලාය. කොටින්ම ඔවුන් බහුමාණයත් දෙකට බෙදා ගන්නා බැවින් අපේ රටේ ගැහැණු ළමුන්ටද ගණිතය අරහංය. එයාලාගේ මහලොකු ආදරයද දෙකට බෙදී යන බව වැඩිපුරම දන්නේ ගැහැනුන්ටත් වඩා පිරිමිය. අහෝ එහෙත් නොදන්නවා මෙන් බණ දෙසන්නේද පිරිමිය. අවන් හලකට ගොස් පිරිමින් සමග කතා බහ කිරීමෙන් අවැසිනම් වැඩි විස්තර සමහර කවි ලියන අයට සොයාගත හැක.
ආදරයද පලමුව දෙකට බෙදෙන්නේ ස්වාමියාට දාව ගැහැනිය දරුවකු ප්රසූත කළ පසුවය. ඉක්බිති කලක් ගතවූ පසු හොර සැමියාට සහ නිලබල ඇති සැමියාට වශයෙන් ආදරයද දෙකට බෙදෙන තත්ත්වයත් අද ඊයේ කතාවක් නොවේ. ඒක ලිංගික යුගල පවුල දේශපාලනිකව නිර්මානය කර ගත්තේ කවදාද එදා සිට පවුලට අලුත් සාමාජිකයෙකු වශයෙන් හොර මිනිසා හෙවත් අනියම් සැමියා එකතු වූ බව එංගල්ස් තහවුරු කළ අයුරු අවබෝධ කරගත් අයෙකුට ආදරයෙන් ඊර්ෂයාව ගැලවෙන්නට පටන් ගන්නේ යම් කනස්සල්ලක් ඇති කරගෙන බව දන්නෝ දනිති. කනස්සල්ල වැඩියෙන් දැනෙන නිසා මොනවා උනත් මගෙ ගෑනි එසේ නැහැ කියන පිරිමිද අවංකය. ඒ මොනවා උනත් පදය බද්ද කරන නිසාය. එහෙත් එය ඉබේටම මෙන් බද්ධ වන්නේ ඇයි දැයි ඔවුන් දැන සිටිය නොහැක. දන්නවානම් එසේ කියන්නේ නැති බව සැබෑවකි. ඉන් කියවෙන්නේ මිත්යාෙවන් ගැලවුනත් වික්ටෝරියාගෙන් ගැලවීමට නොහැකි බවය. හොර හිමියන් ගැනීමේ වරදක් තමන්ට පමණක් එල්ලවී පිරිමියා පමණක් අවලාද වලින් ගැලවෙන්නේ කෙසේද යන ගැහැනු විරෝධයද සාධාරනය. එහෙත් ජාතකයේ සම්මුතිය අනුව කොයි දක්ෂිණාංශකයාට මෙන්ම වාම වාදියාද තවමත් තම නමලෙස ලියන්නට සිදුවී තිබෙන්නේ අම්මා විසින් සහතික කළ සිය පියාගේ වාසගමය. එහෙයින් අනුන්ගේ ලමයි හදන්නට තිබෙණ පුරුෂයාගේ අකමැත්තද අසාධාරන නැත. ජාතකයේ දේශපාලන සම්මුතිය වෙනස් කිරීම යනු සෙල්ලමක් නොවන වග තවමත් නොදන්නෝ බොහෝ සිටින වග සමහර සංවාද කියවන විට නැවත නැවත තහවුරු කරගත හැක. ජාතිවාදී දේශපාලන විභවය ඇරඹෙන දේශපාලන සම්මුතියේ අගමුල ගැන නොදන්නා සමාජ ක්රියාකාරීන්ගේ තත්ත්වයද කණගාටුදායක බව සටහන් කළ යුතුමය.
අහසේ පායන තුලාවේ කතන්දරය පොළවෙන් අහසට මිනිස් සම්මුතියේ සාරය යාමක් මිස අහසේ සම්මුති වැස්සක් පොලවට කඩාවැටීමක් විය නොහැක. එහෙත් එය එසේමද යන්න වෙනම කතා කළ යුත්තක් වන්නේ නූතන සිතීම් හමුවේ ප්රශ්නය දුර ගොස් ඇති නිසාය. අහසෙන් පොළවට එන ආකාරයේ පෙරදිග මතවාද අද වන විට කෙසේවත් යාන්ත්රිකවාදීන් ගේ තර්ක හමුවේ අහක දැමිය නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මන්ද එවා දැන් ආනයනය වන්නේ අපරදිග සිට ඔවුන් විසින්ම මනාලෙස ගණනය කර ඔවුන්ගේම ඇප් තාක්ෂණය හරහාය. කාරණා කෙසේ උවත් දේවල් කිරා මැන බැලීම ලෝකයේම ගැහැනුන්ගේ සිරිතය. ඒ කිරිල්ල විටක අසාධාරන උවද ඊට ගැහැණියව තෝරාගත්තේද පුරුෂයාමය. එහෙයින් සිකුරා ස්ත්රී ග්රහයෙක් කර තුලා රාශියේ අධිපති කර තිබේ. කොටින්ම ගැහැනිය සිය ආදරවන්තයාට කිස් කරන්නේ පවා කිරා මැන බලාය. ඔබ පුරුෂයෙකු නම් ඔබ කිස් එකක් අඩු කළ විට ඇයද එලෙසම අඩු කරන වග කෙසේවත් ඔබ නොදන්නවා විය නොහැක. හාස්යජනක තත්ත්වයක් වන්නේ ස්ත්රින්ගේ කිරිල්ලෙන් අසාධාරණයක් වන විට පුරුෂයන්ට කුණුහරුප සිහිවීමය. කුණුහරුපයෙන් දර්ශන කතා කළ නොහැකි වන්නේ හුදු හුදකලා ක්රියාවක් නිසා නොවන වග දැන ගැනීමට මහපාරේ ජීවත් විය යුතුය. කුණුහරුපද පුරුෂ ලිංගික මූලිකව නිර්මානය වී ඇත්තේ දෙක තුනක් පමණි. මැන ගැනීමේ කිරිල්ල තිබෙන තුරා කුණුහරුප ජනප්රිය කළ නොහැක. කුනුහරුපයක් අවලාදයෙන් ගැලවී සාමාන්ය වචනයක් වන විට ඒ හිස් තැනට වෙනත් නව වචනයක් ආදේශ වී තවත් කුණුහරුපයක් නිර්මානය වන්නේ කාටත් හොර රහසේය.එය තේරුම් ගැනීමට වියුහ වාදයේ පරතෙරට යා යුතු නැති වගද ලියා තැබිය යුතුය.
දේශපාලනික දාර්ශනික ආවේශයකින් ගැහැණුන්ටත් වඩා පිරිමින්ව කියවන්නට තුලා රාශියේ දේශපාලන නිමිත්ත නැතිවනම් කෙසේවත් නොහැක. එහෙත් තුලාවේ අයිතිය ගැහැනියට බැවින් මාරස අරඅඳින්නේ මිනිස් සංහතියේ වංශකතාවේ සාධාරණය මැන බැලිම අහසේ සිට විමසන්නටය. මන්ද මේ මොහොතේ පොළවේ සිට පොළවේ පවුල සහ දේපල පිළිඹඳ විමසූ සියල්ල කුණුහරුප වෙමින් කුනුහරුප සමාජගත වෙමින් පවතින නිසාය. තුලා ලග්නයේ පිටුපස ඇත්තේ මිත්යා කතා නොව සැබෑ දේශපාලන කතාය. යාන්ත්රික හෞතිකවාදීව සිතන පතන කුලකයේ මිනිසුන්ට එය කෙසේවත් තේරුම් ගත නොහැක. ලාංකේය බොහෝ ඊනියා මාක්ස් වාදින්ගේ විද්යාත්මක චින්තනයට අත්පොත් වී තිබෙන්නේ සොබාදහමේ දයලෙක්තිකය හෝ අනුභූතිවාදී විවේදනද , නැතහොත් රසල්ගේ පත පොත සහ හේතුවාදී සංකල්පද යන ප්රශ්නය අපනම් නැගුවේ භීෂණයටත් පෙර වකවානුවක වග නොදන්නා අය සිටීනම් දැන ගත යුතුය. කාරණා කෙසේ වෙතත් ස්ත්රී පුරුෂ නිමිති කුණුහරුප වී ඒ හරහා ඒවා මිත්යාවන් වී විකාරයක් වූයේ කෙසේද කියා ලියා තබන්නට තුලා රාශියේ ඉතිහාසය දේශපාලනිකව ගණනය කිරීම පමණක් ප්රමාණවත්බව වටහා ගැනීමට ලෝක වෙළඳ ප්රජාව විසින් බල කරමින් සිටින බව පෙනේ. අධ්යාත්මක විද්යාවක් ලෙස නක්ෂත්රය කියවීමට තිබෙන කාලය මග හැරීම පිළිලයක් වන්නේ ඊනියා විදේශීය නැකැත් වෙළෙන්ඳන් අප කොදෙව්වේ බලය තහවුරු කරගත් පසුවය. මා රස මාරස ක් වන්නේ එවිට බව මා නම් නොදන්නවා නොවේ. එහෙත් මේ ක්රමයට යන ගමන හේතුවෙන් ඒ වන විට අශ්වයා ඉස්තාලෙන් පැන ගොස් තිබෙන්නට පුළුවන.එවිට මේවා ඔවුන්ගේ වෙළඳ දැන්වීම් අවකාශයට මරේ මරු වීමටද ඉඩ තිබේ.
ජගත් මාරසිංහ -
10/01/2016


    







Powered by Blogger.