අවන් හලත් ජීවිතයට සරසවියක් වුණා



ඊ පිටුවත් වෙනස් වෙවී 
ගලා යනව සගේ
ආදරයත් වෙනස් වෙවී
ගලා යනව සගේ
ජීවිතයම වෙනස් වෙවී 
ගලා යනව සගේ
මිණි තලයේ තරු පිපෙද්දි
වෙනස් වීම දැනේ

පිපුන මලක් දෙස නොබලා
පර වූ මල් බලා
ඒ වෙනුවෙන් පිපුන මලක් 
කඩා පූජ කළා
නෙළුම් කොලේ දිය බිඳුවක්
වගේ වෙන්න හිතා
මරු කතරක සසර සොයන
යාචකයෙක් වුණා.

පුබුදවමින්  නෙළුම් මලේ 
පෙති මෙන් සිත් පුරා
පෙති අතරින් සතුට සොයා
අහසේ පාවෙලා
පියාඹන්න සිතක් ඇවිත් 
හිරුට හොරෙන් වගේ
මමත් අඳුර පීරා ගෙන
අවන්හලට ගියා.

ගලා නොයන ගංගාවක
පෙන පිඬු හමු වුනා
සොහොන් ගෙවල් වල ලගින්න
මමත් පුරුදු වුණා
අහසේ සිට බිම බලන්න
මටත් වරම් ලැබී
අවන් හලත් ජීවිතයට
සරසවියක් වුණා.

ජගත් මාරසිංහ
2018 02 27

1 comments:


Powered by Blogger.