බද්ද ‌‌රේකාවේ කතාන්දරය

බද්ද ‌‌රේකාවේ කතාන්දරය

                            අංශක එකසිය අසූව කියන්නේ සෙල්ලම් විශාලත්වයක් නෙවේ. මොකද මේ අංශක 180‌‌ ‌කෝණයක් සහිත සරළ ‌රේකාව චලිත වෙන්න ගත්තම එහි ප්‍රකාශනය ගෝලීය ස්වරූපය ගන්නා ආකාරය සරල රේකා ඇසුරෙන්ම තේරුන් ගන්නත් පුළුවන්. කෝණයක් කියන්නේ සරලව හැරවුමක්.  අංශක කියන්නේ හැරවුමක් මනින මිම්මක්. මේවා වැව් ජල ශිෂ්ටාචාරයක් හරහා විකාශනය වූ සමාජයක ජීවත්වවන  ලාංකිකයින්ට අලුත් දෙයක් නෙවේ. ඒ ගැන කියන්න ගියොත් මේක ඉතිහාස ලිපියක් වෙන්න ඉඩ තියනවා. කොටින්ම කෝණය හෝ සරළ රේකාව, ගෝලය පමණක් නොවේ විශ්වයත් අපට උභතෝ කෝටික දේවල් නොවේ. එහෙම වුනානම් චෛත්‍ය ප්‍රාසාද වැනි ‌දේවල් මේ පොළවේ ඇති වෙන්න විදිහක් ඇත්තෙම නැහැනේ. අර පැත්ත මේ පැත්ත කියලා අපි කතාකරන්නේ එක් එක්  දිශාවල් වල හැරවුම් විශාලත්වයන්ම තමා. අපේ රටේ කෝණයේ ඉතිහාසය ගැන ලියන්න ලිපියකින් දෙකකින් කෙසේවත් නොහැකියි. මොකද මුහුද මැද්දේ තියන දූපතක කෝණයේ ඉතිහාසය කියන්නේ දූපතේ ඉතිහාසයටත් හපන් දෙයක්. කෝණයේ අයිතිය පෙරදිගුන්ටද, නැතිනම් අපරදිගුන්ටද කියන කතාවත් දිග දේශපාලන කතන්දරයක්. ලක්ෂ්‍ය දෙකක් අතර ඇඳි කෙටිම මාර්ගය ඇඳි රේකාව වශයෙන් ගැලිලියෝගේ හඬින් බ්‍රෙෂ්ට් මහා හඬක් නැගුවේ ගැලිලියෝ  ගැලිලි නාට්‍යය හරහා.  ඒක ගැලිලියෝ ගැන නැවත කියවීමක්. ඒකත් එසේ මෙසේ නාට්‍යක් නෙවේ. කොටින්ම බර්ටෝල් බ්‍රෙෂ්ට් ගැලිලියෝ ගැලිලි නාට්‍යය ලියන්න හේතුවත් එක්ක එහි අරුත් අපේ ඇතැම් වාමාංශිකයෝ හරියට හැදෑරීමක් කර තිබ්බානම් පසුගිය භීෂණ කාලයේ ‌ගොඩක් ජීවිත ඉතිරි ‌වෙන්න තිබ්බා. තවත් දාර්ශනික දේවල් සිද්ධ වෙන්න බොහෝ ඉඩ තිබුණ බවත් ඇත්තක්.  ලක්ෂ්‍ය දෙකක් යා කළ හැකි සරළම මාර්ගය සරළ රේකාවක් ලෙස අර්ත දැක්වීමද සෙල්ලමක් නෙවේ. සරළ කෝණයක් අංශක 180 බව පාඩම් කරන්න වෙන්නේ සම්ප්‍රධායෙන් ඈත් වෙච්ච මිනිස්සුන්ට. රාහු කාලය මිත්‍යාවක් ලෙස කියන්නන් වාලේ කියමින් හෝ රාහු කේතුගේ පිහිටුම් කෝණය සරළ කෝණයක් බව බොහෝදෙනෙක් අමතක කරන්නේ නොදන්නා කම නිසා විය හැකියි. බොහෝ දෙනෙකුට රිදෙන දේවල් කතා කිරීමට සිදුවන කාලය එතරම් ඈතක් විය නොහැකියි. යුගයක්  විසින් නොසිතපු යුගයක් නිර්මාණය කරමින් ඇති බව අද ලෝකයේ පැල්මක් වී ඇති දැණුමේ අර්බුදයම ශාක්කියක් වගේ. වාමාංශික කියන සංකල්පය අද පක්ෂයකට වඩා බහුමානික සංස්කෘතියක්. ඒ සංස්කෘතිය නියෝජනය කරන පිරිස වාමංශික පක්ෂ වලට චන්දය දාන්නේ නැහැ කියන ඒකත් සංඛ්‍යාත්මක ඇත්තක්.  එ් හින්දා අද වාමාංශික චන්ඩි බිහිවන කාලයක් නෙවේ. වාමාංශික චන්ඩි ලෙස පෙනී සිටින කෙනෙක් ‌හෝ පිරිසක් වෙතොත් ඔවුන් කෙටි කාලයකින් විකටයන් වන නිමේශයක්. වාමාංශික සංස්කෘතියේ ප්‍රබේද වෙනම කතා කළ යුතු වෙනවා. පැරණි බෙදුම් රේකා සියල්ල විසංයෝජනය වෙමින් පවතින විිට ඇතිවන බයානක සද්ද අපට නිතර අහන්න ලැබෙනවා. මේ නිමේශයේ තමා අහම්බෙන් වගේ  නැවත මාරසට  3-Iron (Bin-jip) කියන චිත්‍රපටය ගැන සටහනක් තියන්න අදහසක් පහල ‌වෙන්නේ.         
               කිම් කී ඩුක් ගේ 3-Iron (Bin-jip) කියන සිනමා පටයේ ප්‍රචාරක දැන්වීමට පවා තෝර ගෙන  තියෙන්නේ අංශක එකසිය අසූවේ කතාන්දරය. අංශක එකසිය අසූවයි කියන්නේ සාමාජීය ගණිත කතාවක්. ‌ෙකොටින්ම අංසක බිංදුවට හැං‌‌ගෙන්න පුළුවන් ‌හොඳම දිශාව. ඒ වගේ ඒවා දෙකක් 360 වගේම 0 ත් වෙනවා. 180 ඔස්සේ විශ්වය ගැන සංකල්ප රූප මවන්න තියෙන්නේ හරිම කෙටි පාරක්. රාහු, කේතු කියපු ගමන් මිත්‍යාව කියන වචනෙකට බය ඇතිවෙලා ලියලා තියන බොහෝ දේවල්  කියවීමට පවා බිය වෙන ඊනියා වාමාංශික මහත්තරු සහ නෝනලා කට්ටියකුත් ‌ටික ‌දෙනෙක් හරි තවමත්  ඉන්නවා. එයාලා දන්නේ නැහැ වාමාංශික සංස්කෘතියේ ඒයාලා පුංචි උප සංස්කෘතියක් විතරයි කියලා. පූජකයෝ කට්ටඬියෝ පවා වමේ සංස්කෘතික බලවේගේ  ඉන්නවා කියලා. ඉතින් අපි අංශක 180 ගැන කතා කරන්නේ ඒ අයව තව ටිකක් බය ගන්වන්න නෙවේ. දකුණු කොරියාවේ කිම් කි ඩුක්ට  ඇඟෙන්ම  වගේ වැදිලා තියන එකසිය අසූව ආවේශය ගැන යමක් මතු කරන්න .   දකුණු කොරියාවටත් බුද්ධ සිතීමේ ක්‍රමවේද ආගන්තුක නැහැ. අංශක 180 තුළ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා සඟවන්න තැත් කරන්නේ ගල් කැටයක් නෙවේ. සැබෑවටම සැඟවීමක් නොව සැඟවුන ශක්තියක් දිගහැර නිරුවත් කරන එක කිම් සංකල්පීයව විශ්මිත ආකාරයකට කරනවා. නළු නිලියොත් සද්ද නැහැ. ප්‍රේක්ෂකයොත් සද්ද නැහැ. ඒත් එයා ලෝකයේම ව්‍යාප්ත වී ඇති සැඟවුන භයානක සමාජ සංස්කෘතියක රහස් එලිදරව් කරන්නේ නාට්‍යෝචිත රිද්මයකට රෙදි ගලවනවා වගේ.

            ගැහැණියෙකුගේ සතුට තියෙන්නේ අංශක 180 ක් තුළ සැඟවිලා කියලා විශාලත්වයකින් කලාත්මකව කියන්නේ එයා කජු කනවා වගේ. ඔව් අපිව අඬවමින් එයා ඒ වැඩේ කරනවා. මමත් ගොඩක් වෙලාවට අහසට ලව් කරන්නේ සල්ලි සඳහාම නොවන නිසා මේ 180 කතාන්දරය ඉඟි කරන්න රාහු කේතු හරහම පටන් ගන්න එක  තමා ගොඩක් නිවැරදි කියලා හිතුනා. අපි ඉර වටා යනවා කියන සම්මුතියට අනුව අපි වටා යන සඳු අපි ඉර වටා යන ගමන් පතය කපන ලක්ෂ්‍ය දෙක තමා චිත්ත මාත්‍ර ග්‍රහයන් වශයෙන් රාහු කේතු කියලා සලකන්නේ. මේ දෙකට මිනිස්සු පටෝල තියන සංකල්ප අපෝහකාත්මකව දකින්නත් පුළුවන්. ඒත් වමේ ඒක  කණ්ඩායමක් ඒක කරන්නේ නැහැ. මොකද එයාලා හිතන් ඉන්නේ වම කියන්නේ එයාල දන්න විද්‍යාව කියලා. යමෙක් අංශක බින්දුවට හැරුණම ඇත්තටම ඊට ප්‍රතිපක්ෂව අංශක 180 දිශාව  අවිඥානය බවට පත්වෙනවා. කෙලින් බලපුවාම අපට ඉදිරියේ පේන්නේ අංසක 180ක පරාසයක්. පස්සට ඇස් නැති නිසා  ඒ පැත්ත ගැන අපි  අවිඤ්ඤාණිකයි. මේ සංකල්පීය තලයේ සිට දකින විට පුරුෂ ලිඟුවට අවිඤ්ඤණය වන දිශාව ඉතිරි යෝනියට සවිඤ්ඤාණික වීම ස්වභාවයේ සරදමක් වගේ.  කිම් කී ඩුක් නිර්මාණ ශිල්පියා ස්වයං පීඩක රතිය ඉක්මවා යමින් තමුන්ගේ සිනමා කළා භාවිතාව කලාත්මක ගණිත ප්‍රකාශනයක් බවට පත්කරන්නේ මහා පුරුෂ වාදයක පිරිමිකම නැමති හෙළුව ලෝක ධර්මය නැමති සාගරයේ ගිල්වමින්.
        අපි දන්නව කොරියාවටත් සූන්‍යත්වය අලුත් දෙයක් නෙවේ කියලා. මහායානික සංකල්ප හරහා බුද්ධිමතුන් අතර ඒක අලුත් දෙයක් වෙන්න හැකියාවක් නැහැ. පුරුෂයාව පුරුෂයාට පරාජය කරගැනීමටත් පුරුෂයෙකුට ස්ත්‍රියගේ භගවතී ශක්තිය පුහුණු කරගන්න වෙනවා. භගමනී ශක්තිය හෙවත්  භගවතී පඥාව කියන්නේ ස්ත්‍රීන්ට පමණක් දෙවියන් වහන්සේ ‌කෙනෙක්  විසින් ලියලා දීපු එකක් නොවේ. ඊනියා කලා කාරයොත් කලා විචාරකයෝත් අමතක කරපු තැනක් තමයි අහසයි පොලවයි වෙන්කළ නොහැකි බව සහ රාහුයි, කේතුයි එක් කළ නොහැකි බව. රාහු කේතු කියන්නේ සරළ කෝණයක තියලා මිනිසා හදාගත්ත ප්‍රති විරෝධී සම්මුතියක් සහ ඒකත්වයක්. කොටින්ම රාහු පුරුෂ ලිංගය එක් දිශාවකට කෙලින් කරන් සටනට සැරසෙනකොට  කේතු ඊට ප්‍රතිවිරුද්ධව ඉතිරි යෝනිය දමා ප්‍රහාරයට මුහුණ දෙන්න සැරසෙනවා. මේ සටනේ ප්‍රකාශනය ආශාව සහ වර්ගයාගේ පැවැත්ම තීරණය වීමක්. ලස්සනම කාරණය ජීවිතයේ ආදරය කියන විශ්මිත වියමනේ  ආලෝකය පහලවීමේ ගාමක බලයත් මේ ක්‍රියාව තුළින්  උත්පාද වීමයි.
          සරළ රේකාවට තව සරළ රේකාවක් එකතු වූ ගමන්ම රේකා තුනක් ලෙස විස්තර කරගැනීමටත් හැකියි. ඒ සරළ කාරනයත් සංකල්පීයව භෞතික ඉරියව් මගින් නාට්‍යමය අත්දැකීමක් ආකාරයට  3-Iron (Bin-jip) චිත්‍රපටය තුළ  මුලසිටම අපේ හිස මත එලන්න කිම් කි ඩුක් සමත් වෙලා තියනනවා‍. චිත්‍රපටයට  උචිත නැති  සියලු කතා නාද හිත් පිත් නැති ලෙස නිහඬ කරමින් - කිම් කි ඩුක් - අසියාව අනුදැක  ආධ්‍යාත්මික ගැඹුරකින් අපට කලාත්මක ගණිත පාඩමක් කියාදෙනවා. මේකත් දැඟලුවේ නැති වුනාට බ්‍රෙෂ්ට් විසින් ඉදිරි පත් කළ විසංයෝජන රීතියෙන් කළ ප්‍රාතිහාර්යට දෙවැනි නැහැ. සමහර විට  ඇතැම් අයට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් චිත්‍රපටයේ උනුසුමින් වසර දහයකටත් වඩා සරළ කෝණයේ බද්ද රේකාව මතු කරගන්න පරක්කු වුනේ ඇයි කියලා. උත්තරේ සරලයි. භගමතී ශක්තිය ගැන කාරණා මතු කරන්නත් පස්මහ බැලුම් බලන්න වෙන කතාව ඇත්තක්. භගමතී ශක්තිය කියන්නෙත් පරණ වෙන ශක්තියක් නොවන වගත් ඇත්තක්. සිනමාව කාලයත් සමග කොච්චර පරණ වුනත් භගමතී ශක්තියේ විකාශනයත් සමග සරළ රේකාවට බද්ද රේකාවක් ඒකතු වීම රේකා තුනක් නිර්මාණය වීමක්. ඔව් රේකා දෙකක් පුරුෂ. එක රේකාවක් ස්ත්‍රී. ඊර්ෂියාව පොලා පැනලා පැවැත්ම විනෝදයක් බවට පත්වෙන්නෙත් එතනදි. දැන් ඔබත් අංශක එකසිය අසූවක් පස්ස හැරිලා බලන්න. ඔබගේ මිතුරා මෙන් ඔබගේ ආදරියගේ තේරීමක් වූ ඇගේ මිතුරා ඔබගේ සතුරා ලෙස හෝ මිතුරා ලෙස ඔබටම විජානනය කරගැනීමට හැකිවෙවී. ආදරයේ තන්හාව නම් මෙයයි. පැවැත්මේ කේදවාචකයද විනෝදයද මෙයයි.

ජගත් මාරසිංහ
2019-01-31



Bin Jip Der Schattenmann 4 - ganzer film auf deutsch


Powered by Blogger.