කුමාරි කුමාරගමගේ මතකය

කුමාරි කුමාරගමගේ මතකය 

ස්ත්‍රීී වාදයේ ‌දේශපාලනය ගැන මම ලියන්න යන්නෙ නැහැ. මම ලියන්නේ කුමාරි කුමාරගම ගැන. හරිම ආදරණීය චරිතයක්. 90 දශකය මුල මම එදා මගේ් ආදරියත් සමග එකතුවුන කාලේ ‌තමා ‌‌මෙයා ‌ගොඩක් මට හඳුන ගන්න ලැබෙන්නේ.ඒ සර්පයාගේ නිවහල් ‌පෙම්වතියක් වශයෙන්. ඒ කාලේ සර්පයත් කියවනවයි ‌පොත් ලියනවයි ආදරය කරනවයි. අනිත් පැත්තෙ මාත් මගේ ‌පෙම්වතයත් සමග ඒකම තමා. මට දැනෙන විදිහට අපි ස්ත්‍රි වාදය ගැනත් දැකපු ‌දේවල් අනන්තයි. නමුත් ස්ත්‍රියගේ සාරයක් තියනවාද නැද්ද කියන ‌දේවල් කතා කරන්න ඒදා අපට යුගය බලපෑම් කළේ නැහැ. ‌කොහොම හරි අපේ ස්ත්‍රී සංවාදය අතරමග නතර උනා. මට කුමාරිව නැවත හමුවෙනවා අහම්බෙන් ගල්කිස්ස උසාවියේදි. ඒ මුණ ගැසීම ගැන විස්තර නවකතාවකට තමා මරු.‌සෙස්ස පස්සසට දාමුකෝ. නැවත කුමාරිව‍ මුණ ගැහෙන්නේ මට සදහම් ‌සෙවනෙදි. එතනදි එයා ලියපු ‌පොත් වගයක් ‌මට ‌දෙනවා. ඒ ‌සේරම මම කියවනවා. මම මොකුත් ලිව්වේ නැති උනාට අද ඒ මගේ මතක මිතුරිය සම්බන්ධව වචනයක් කියන්න අවැසියි. ඔයාගේ තරුණ කාලය ස්ත්‍රී නිදහස ‌වෙනුවෙන් ‌පෙනී හිටපු මතවාදය නිසා පුරුෂයන්ට ගැහැනුන්ව පාවිචිචි කරන්න අද ‌‌ලේසි නැහැ. ගැහැනු පුරුෂයන්ව පාවිච්චි කරනවාද කියන කතාව ‌වෙන විලම්බීතයක්. ‌අගනාගරික පරංගි මාක්ස්වාදි ‌රොත්තකගේ මුලාවන්ට මුහුණදෙමින් ඔබ කළ මෙහෙවරත් අගේ කිරීම මාරසේ යුතුකමකටත් වඩා ආදරයක්.

සටහන- ජගත් මාරසිංහ
19 02 2020

2 comments

-ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවට-

'ඉන්දු-ඇමෙරිකා සබඳතා නැවත ශක්තිමත් කරගැනීමේ අරමුණින් ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම සංචාරය අතරවාරයේ දී ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමට නියමිතය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස සැළකෙන ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ පළමු වරටය. එහිදි ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මහතාගේ නිවහන ලෙස සැළකෙන අහ්මෙදාබාද්හිදීය සංචාරය කරන අතර ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකර ඇත්තේ ද අහ්මෙදාබාද්හිය.

පෙබරවාරි 24 සහ 25 යන දෙදින ඔහු මෙලෙස ඉන්දියාවේ සංචාරය කරනු ඇති අතර එහිදි ඉන්දීය නිදහස් සටනේ වීරයා ලෙස සැළකෙන මහත්මා ගාන්ධිතුමාගේ නිවහන නැරැඹීමට යෑමට ද නියමිත බව ද වාර්තා විය. මහත්මා ගාන්ධිතුමන්ගේ නිවහන පිහිටා ඇත්තේ ද අහ්මෙදාබාද්හි ය. අහ්මෙදාබාද් යනු ගුජරාට් ප්‍රාන්තයේ විශාලතම නගරයයි. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර මෝදි මහ ඇමැති ධුරය හෙබවූයේ ගුජරාට් ප්‍රාන්තයේ ය. නරේන්ද්‍ර මෝදි මහතා මුල්වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2014 වසරේදී වන අතර එම මැතිවරණයේ දී මෝදි නියෝජනය කළ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් ලැබීය.'

ඉන්දීය අගමැතිධුරන්දර තැන්පත් නරේන්ද්‍ර ශ්‍රී මෝදී මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමාට අපගේ ආචාරය. එසේම ඇමරිකන් ජනාධිපතිධුරන්දර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා කියන්නේ ලෝක සාමය වෙනුවෙන් ඉමහත් සේවයක් කරනා නායකයෙක්. එතුමාටත් අපගේ ආචාරය. ඒ වගේ උත්තමයෙක් අපේ පුංචි ලංකාව ලග තියෙන ඉන්දියාව වගේ රටකට එන එක අපිටත් ආඩම්බරයක්.

දිවංගත අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කෝ? කෝ? ඒක තමයි කෝ?


Powered by Blogger.