රාජයෝගයක අසංපූර්ණ සටහන

රාජයෝගයක අසංපූර්ණ සටහන


 අනුරුද්ධ ප්‍රදීප් මගින් මගේ පැරණි කල්යාන මිත්‍රයක්‍ර වූ මොරටුව විශ්වවිදයාලයේ අමරලාල්ලාගේ දේශපාලන ගෝලයකු වූ චම්පික මට හමුවන්නේද අහම්බෙනි. චම්පික ගැන මා පළමුවෙන් දැන ගන්නේ කෝසල නැමති කටුබැද්ද කැම්පස් අසල සිටි මගේ පුංචි මිතුරෙකුගෙනි. ඒ උසම උස හිනාවනවා පේන්නේ නැති චම්පික ගැන රංජිදම් සමගද මා මැගසිමේදී බොහෝ දේ කතා කර තිබිණි. ඒ එයා ජාතික මතවාදය ගැන අපේ මග පොත් ලියන්නට පෙළඹුන කාලයයි. මම ග්‍රහයින් සහ හස්තරේකා ගැන පමණක් නොව දේහ ලක්ෂණ ක්‍රමවේදය ගැනද දයලෙක්තිකව හෝ ඊට ඔබ්බෙන් දකින්නට තැත් කරන අයෙක් බව කවුරුත් දනිති.

එකමත් එක දවසක සුදු සරමක් ගසාගෙන අනුරුද්ධ ප්‍රදීප් සමග අපේ නිවසට පැමිනි චම්පික රණවක නම් සහෘදයා උපන් වේලාව ගැන මම ඒ වෙලේම හදාරා උඹට රාජ යෝගයක් තියන වග කීවෙමි. ඒකා හක හක ගා සිනාසුනේය. සත පහකට ගණන් ගත්තේවත් නැත. පසුකලක පරිසර ඇමති වී මා හමුවූ අවස්තාවක දැන් මොකද කියන්නේ කියා ඇසුවාද මතකයේ තිබේ. ඒ කාලයේ රාජ්‍ය බලයක ජනප්‍රියත්වයක් විනා අන් කිසිවක් ඔහුට තිබුනේ තිබුණේ නැත. ඊයේ මොරටු විශ්වවිද්‍යාලයේ යමක් කතා කළ හැකි තමලු සහෘදයා මම චම්පිකට රාජයෝගයක් ගැන කියා ඇති බව ‍කීවේය. ඊට පිළිතුර වන්නේ ඔව් කියාය. මා ඒ වග කියන විට චම්පික පාර්ලිමේන්තුවේවත් සිටියේ නැතිි මුත් මේ නිමේෂයේ ඒයා ඒ තත්වයට ගොස් තිබේ. මෙවර මැතිවරණයේ ගණිතමය වශයෙන් ඔහු අනතුරක බව පණාගොඩ ගණිතඥයන්ගේ සංඛ්‍යාත්මක දැනුම මට ඉඟි කරයි. ඒහෙත් ග්‍රචාරය ගණිතමය රටාවකට ඔබ්බෙන් ගිය වෙනත් මගකි. ඒවා පොල්කට්ටෙන් වසන්නට නොහැක. මට කියන්නට ඇත්තේ එක් දෙයක් පමණි. චම්පික දිනනවාද නැතිද යන විකාරයක් මම නොකියමි. අර ගැලිලියෝ ගැලිලි ගැන බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් නිර්මානය කළ නාටකයේ ගැලිලියෝගේ පද පෙල මට මතකයට නැගේ. පල්ලිය කියන නිසා මා සූර්යා වටේ පෘතිවිය කැරකැවෙන්නේ නැහැ කියා කියමි. ඇතැම් විට අද චම්පිකගේ ගමනට මා ඒකඟ නැති වන්නටද පුළුවන.ඒහෙත් චම්පිකගේ රාජ යෝගය ගැනද මට කියන්නට දෙයක්ට නැත්තා සේම ඇත්තා වූ දේවල්ද තිබේ.ඒ සකල විෂයන්ගේ චලිතයේ හැටිය. චම්පිකට සුදු හුනු හෝ කළු හුනු ගැම මට අයිති කාර්යක් නොවේ. ඒවායින් මට කිසිදු වැඩක් නැත. මා විසින් මතුකරගන්නා ලද රාජ යෝගය මගේ දෙයක් නොව ජීවනාත පරාසර වන් සෘෂි වරුන්ගේ හැදෑරීම්ය. හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩයන්ද සිහි කළ යුතුය. ඒ ඇයිද යන්න පසුවට කල් තබමි. කෙසේ නමුත් රාජ යෝග පිහිටන්නන්ට භාදකද එමටය. සමහරුන්ගේ ඇස් අහිමි විය. කතන්දර බොහෝය. රාජ යෝග තිබි බොහෝ විද්වතුන්ගේ එවැනි භාදක කතා කිරීම මම පසුවට කල් දමමි. රාජ යෝග තිබ්බා කියා ඒ පිටුපස දිවීමට හෝ වාසි ලබා ගැනීම මාරයලාගේ සිරිත නොවන වග කවුරුත් දණිති. කොටින්ම චම්පිකව වසරකින් වත් හමුවූවාදයි මතකයේ නැත. එයා යන්නේ හරි මගද වැරදි මගද යන්නවත් එවන් හිතුවක්කාර අති දක්ෂයන්ට කියා වැඩක් නැති බවද මම අත්දැකීමෙන් දනිමි. ඔය රාජ යෝග කාරයෝ කිසිවෙක් කියන දේ අහන්නේ නැත. අර සව්න්ඩ් ඔප් මියුසික් චිත්‍රපටයේ බයිබලයෙන් උපුටා දක්වා කියන්නාක් මෙන් ඒක් දොරක් වැසෙන විට තවත් කවුළුවක් ඇරෙන්නේ ඒ රාජ යෝග කුලකයට පමණක්දැයි මට වරෙක සිතේ. ඒ කවුළුව හෝ අන් දොර ජනේලයක් විවෘත වීමෙන් හමන දේශපාළන සුළඟ ගැන මට අවබෝදයක් තිබේ. ඒවා ගැන කතා කර කිසිවෙකුට ලකුණු ලබා දෙන්නට මට උවමනාවක් නැත. මේ ලීවේ පසුව අපි කීවේ නැහැ කියා මගේ මිතුරන් කියන කතන්දර වලට පිළිතුරක් වශයෙන් පමණක් නොව මට බොරු කියා පුරුද්ද‍‍ක් නැති නිසාය. මම චම්පිකගේ හෝ කාගේවත් ගේමට ආසා නැත. ආදරය කරන්නේ මනුෂ්‍යත්වයට පමණි. ඒත් තවත් යමක් කිව යුතුය. ඇන් පෙරේරා ගැන ජේ ආර් කීවාක් මෙන් මෙවන් චරිත පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් සිටිය යුතු බව මගේද අදහසයි.
 
ජගත් මාරසිංහ‍
31 07 2020


Powered by Blogger.