සතර දිගන්තයේ "රාජ යෝග කාරයෝ"

            සතර දිගන්තයේ "රාජ යෝග කාරයෝ"


                   මමමේකතා කරන්න යන්නේ තවත් රාජ යෝගයක් ගැන. මට මතකයි අර කලින් කියපු අතුල ජයසිංහලා ගේ කර පිටින් සෝවියට් දේශයේ රුබේරුලාගේ ආදරය නිසා මම ලේක් හවුස් ඒකට යනවා. ඒක මාර ගමනක්. ඒතකොට ජනදාස පීරිස් සහෝදරයා තමා ඒකේ සභාපති.කතෘෘ මන්ඩල අ‍ධ්‍යක්ෂක කරුණාරත්න පරණ විතාන. රංජිදම් ගුණරත්නම්ලා අමරාල්ලා චම්පිකලාගෙන් පසු ආපු ශිෂ්‍ය නායකයෙක්. මට මතකයි මගේ "හෝමි කමින් නාටකයේ හිටිය යාලුවා හම්බ වෙන්න රජයේ මුදන දෙපාර්තමේන්තුවට ගියගමන.ඒදා මම ගියේසංජය වර්ණගේ සමග ලිිිිිිිිලසේන කියන ජනපිය චරිතයට පණපෙවූ නලුවව මගේ නාටකයට ගන්න කියමුකෝ. එක පාරටම හමුදාවෙන් වැටලුවා. කරගන්න දෙයක් නැහැ. ගාමන්ට් පෙස් ඒක ගාව අපි අසරණ වෙලා. සංජය කෝල් ඒකක් දැම්මා දිනකර පත්තරේ ලොක්කට. ඒදා ඒ ශිෂ්‍ය නායකයා දිනකරේ ලොක්කා.ඒයා කිව්වා ජනාධිපතිනිය ආණ්ඩුව විසිරෙව්වා කියලා. පස්සේ දවසක ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ රස්සාවට ගිය මා ලේක් හවුස් ඒකේදි එයා හමුවෙනවා ඒ වපසරියේ මගේ නායකයෙක් වශයෙන්. මනුබන්දු , අරවින්ද මම ඒයා සහ දොඩාවත්ත සමග සුමුදුලා සුමේදලා අපි අතිරේකයක් කරනවා. මාත් ලිපි වගයක් දැම්මා. ඒක නතර වුනා.ඒක මාර අතිරේකයක්.ඒ කියන්නේ නව ලිබරල් වාදය ලාංකේය සමාජයට බද්ධවිය යුතු තැන ගැන ලියපු නිසා නෙවේ. ලාංකේය මිනිසුන්ගේ හෘද්ද ශාක්ෂිය අතින් අල්ලලා අපි එකට හොයන්න ගියතැනක්. අපිට ලියන්න කතෘ මණ්ඩල අධ්‍යක්ෂක පරණවිතානත් සභාපති ජනදාස පීරිසුත් දුන් නිදහස මා අදටත් එයාලාටත් වඩා වැඩිහිටියෙක් අගේ කරනවා ඇති. ඒක වටේ පිටේ බෝම්බ පිපිරුනත් මාර සුන්දර කාලයක්.
       මේ කාලයලේ තමා පරණවිතාන "සිව්වන ලෝකය" පොත ලියන්නේ.ඒක මාර වෙන්න‌ේ සයිබරය කියන අවකාශය තුන්වන ලෝකයෙන් පසු සිව්වන ලෝකය කියලා නිල වලින්ම අල්ලපු කෘතිය.
මේ අතර කාලෙදි මම යනවා එයා සමග ලිපියක් සම්බන්ධව කතා කරන්න. ඒ ඒඩ්ස් ගැන ලියන්න මොහාන් සමරණායක ගේ දුරකතන අංකය ඉල්ල ගන්න. නමුත් අපි දෙන්නගේ කතාව ඉවර වෙන්නේ ජ්‍යෝතිෂයෙන්. මම එයාගේ අත බලනවා. බලපු ගමන් කියනවා ඔබ රාජ්‍ය නිළධාරියෙකු විදිහට දිගටම ඉන්නේ නැහැ. අනිවාර්යෙන්ම මහජන නියෝජිතයෙකු වෙනවා කියලා. ඒ එයාගේ අතේ මැද රේකාවේ අග තිබ්බ ඩයනාගේ තිකෝනය(dayanas Triangle) සහ කතිරයක් නිසා.
අපි ඊට පස්සෙ ගහ චාරය ගැන සාහිත්‍යය ගැන බොහෝ දේ කතා කරනවා. මට මතක විදිහට සුචරිත ගම්ලත් ගැන ඉතා කෙටි ලිපියක් එයා ලියල තිබ්බා. සයිමන් නවගත්තේගම මැරුන වෙලේ මම තමා ලේක් හවුසියේ එයාට පළමු පණිවුඩය දුන්නේ.ජගත් ලියන්න කිව්ව ගමන් මම කිව්වා ඒකට සුදුසු අජිත්සමරණායක ඉන්නකොට මම ලියන එක සුදුසු නැහැකියලා. ඒත් මම උදේම අදාල තැන්වලට පණිවුඩය දුන්නා.
           ඔන්න කාලෙකට පස්සේ පරණෙගේ අත බලපු අහසේ කේන්දර සටහන මට හමුවෙනවා. ඒකේ ලග්නය මිථුන .ලග්නාධිපති බුධ. බද්ර යෝගය පිහිටලා තියනවා. කෙලින්ම ලග්නයේ. මාර රාජ යෝගයක්. පංච මහා පුරුෂ යෝගයක්ම නිසා නෙවේ.මම කියන්නේ රහුගෙයි කේතුගෙයි කාලසර්ප යෝගයේ තිකෝණයේ මුදුනේ බුධ සවක්ශේෂ්තව පිහිටපු වෙනම දෘෂ්ටි සහිත යෝගය නිසා බුධිමය ගරහ යෝගත් ආපු රාජ යෝගයක් කියලයි. මේ පාර අයින් වුනත් ඒයෝගයත් පොල්කට්ටෙන් වහන්නබැහැ කියලා මම දන්නවා. මොකද ඒ යෝගය මටත් ඉස්සරලා දැකලා තියෙන්නේ පොඩිපහේ කෙනෙක් නෙවේ. හේම්පිටගෙදර ඥානසීහ මහා නායක හාමුදුරුවෝ.මම දන්නවා එයා ගැන. අපේ ලඟම පරපුරක වැඩිහිටි ඥාතියෙක්. බලගල්ලේ පිරිවෙන කියන්නේ අපට කටපාඩම් පිරිවෙනක්. එයාට මම පසුකාලයක ඇල් කොහොල් නවත්තන්න ගිය පන්සන අසල පන්සලකදි පරණවිතානව මහන කරන්න ඕනා වෙලා තියනවා. ඒයා රත්නපුර පාතකඩට බික්ෂූ විද්‍යාලය පිහිටපු විදුහල්පති හාමුදුරුවෝ. සිරිමා බණ්ඩාරණායකලගේ කාලේ රත්නපුර රොඩී කියන කුලය හරහා තමා පහත් කුල කියන කතාවට සමාජවාදී සුළඟ සමග ථේර වාදය හරහා නව පණක් ඥානසිහ හාමුදුරුවෝ දුන්නේ. ඒ කාලයේ ඒව කරන්න හේන්පිට ගෙදර ලොකු හාමුදුරුවෝ හැර වෙන කවුද?. කොටින්ම ඒ ගැන මට ලියන්න දෙයක් ගුලි ඉතිරි කරලා නැති බව මම දන්නවා. ගුලි කිව්වේ ගුණදාස ලියනගේට. කොහොමත් හේම්පිටගෙදර ඥානසිහ හාමුදුරුවන්ලාට අහුවුන රාජ යෝගයක් පොල්කට්ටකින් නොවේ මැටි කොප්පයකින් වහන්නත් අමාරුවෙයිද කියලා අපි බලන් ඉන්නවා. හැබැයි අපේ හේම්පිටගෙදර ෙලාකු හාමුදුරුවෝ මෙයාගේ කේන්දරය ගැන තව දුරටත් හදාරන්න මුකදණ්ඩේ සුමනවංශ හාමුදුරුවන්ට දීලා තියනවා.ලොකු හාමුදුරුවෝ දැක්කේ නැති තවත් යෝගත් මුකදණ්ඩේ හාමුදුරුවෝ හොයාගෙන . ඒක අපි පසුව කතා කරමු. ඒ හාමුදුරුවෝ කේන්දරය හදාරලා කියලා තියනවා මෙයාව මහන කරන්න එපා කියලා. ඒක දිගට ලියන්න ඕනා කතාවක්. දැන් ඉතින් සටහන අවසාන කරන්න වචයක් කියන්නම් පරණේ. ඒ පරණ නොවුන සතර දිගන්තය බ්ලෝග් අඩවිය නවත්තන්න ඒපා කියන කතාව තමා ඒ. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒක්තරා අවසානයකින් පස්සේ ඒවල සුවඳ හැමුවේ සතර දිගන්තයෙන්. කොටින්ම සාහිත්‍ය සුවඳ. ඒ යථාකාරී තතාකාරී සුවඳ. ඒක මාරයි. අපි ආසයි. ඔයාගේ ලේඛණයට. ඒ කියන්නේ සතර දිගන්තය පාඨකයින්ට රාජ යෝගයක් තමා. ඒක කවුරුත් දන්න දෙයක්. බ්ලොග් කියන එකට බලයක් හදන්න ඔබ කළ වැඩ කොටස බ්ලොක් ලියන්නො කෙසේ වෙතත් බ්ලොග් පාඨකයෝ අමතක කරන ඒකක් නැහැ.
ජගත් මාරසිංහ‍
14 08 2020





Powered by Blogger.