අහිංසක ගුරුවරයා

අහිංසක ගුරුවරයා

 නැවත විදර්ශනලා වගේ නව ගුරුවරු අප දරුවන්ට හිමිවීම මාර අහම්භයක්. ඒත් විදර්ශන දේශපාලනය ගැන කතා කරන කතන්දර වලට මම එකඟ යම් සීමාවකට විතරයි. ඒත් ආදරණීය ගුරුවරයෙක් වශයෙන් මගේ ආදරය පිළිගන්න. මම දැක්කා දවසක් එයා උගන්වන පාසැලේ සාහිත්‍ය වැඩසටනක රූප වගයක්. ආදරේ හිතුනා. මට නැවත පාසැල් යන්න හිතුනා. මොනවා උනත් විදර්ශනලා වගේ ගුරුවරුන්ගෙන් යම් විෂයක් ඉගෙන ගන්න දරුවෝ වාසනාවන්තයයි කියන්න හිටපු ගුරුවරයෙකු වශයෙන් මට කැක්කුමක් තියනවා. මයික් එකක් ඉදිරිපිට දේශපාලනය මතක්වුනාම මේ සහෘදයට මොනවා වෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඒත් එතනින් මිදුනාම අහිංසක ගුරුවරයා, මිතුරා, සහෘදයා විතරක් නෙවේ සැබෑ විප්ලව වාදියාද මතුවෙනවා. ඒ එයාගේ හැටි වෙන්න ඇති. හදා ගන්න දෙයක් නැහැ විදර්ශන. ඔයාගේ ප්රකාශනයේ කමටහන ඇත්තේ එතනම තමා. ලස්නයි මචන්. උඹගේ ගුරු වෘත්තිය. ඒ කියන්නේ මම අනිත් දේවල් හෙලා දැක්කා නෙවේ.

මාරයා
25 08 2020


Powered by Blogger.