මහපොළවේ සිට අහස බලන කසුන්..........!

 මහපොළවේ සිට අහස බලන කසුන්..........!

         කසුන් කල්හාර මට වදින්නේ එයාගේ තාත්තා ඇච් ඇම් ජයවර්ධනයන් නිසා. මම අසූ පහේ "පරවේණි"නාට්‍ය කරනවා. මගේ ආයෝජකයා අහනවා කවුද නළුවෝ නිළියෝ කියලා. මම කියනවා ඒකට අපි නවකයෝ ගමු. නමුත් සංගීතයටනම් කළණිපෙරේරා ඕනමයි කියලා. කළණි කියනවා එයාගේ කණ්ඩායම ඕනමයි කියලා. ඒ එච් ඇම් ජයවර්ධන, තිස්ස සිරි, හේමපාල. වැනි අය. ඒ අය ප්රවීණයෝ පමණක් කිව්වොත් මම වැරදි. මොකද විවෘත ආර්ථිකය යටතේ හිඟන්නන් වගේ හිටි සංඟීතඥයන්ට සැබෑ වටිනාකමක් ආර්ථික නව ආර්ථික ලෝකයෙන් ගන්නෙත් එයාලා. 
        එතන අපි දර්ශන කොළහක් කළා. මාව අත්අඩංගුවට ගත්තා. මගෙන් පස්සෙ මුලු නාට්‍ය කණ්ඩායමම අත්අඩංගුවට ගත්තා. එක්කෙනෙක් අතුරුදහන් වුනා. ඒකත් ඒක්ක අපි විසිරුනා. අනිතිම මතකය තියෙන්නේ එල්පින්ස්ටන් එකේදි තිස්ස සිරි සහ එච් එම් සමග සිගරට් එකක් බෙදාගෙන දයානන්දගේ නාට්‍ය ගැන කතා කරපු එක පමණයි. ඊට පස්සේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒත් මම බලන් ඉන්නවා එච් එම් ජයවර්ධනගේ පුතනුවන් කසුන් දිහා. අසූව මොනවා උනත් අනූවට එකතු කරන්න සංකල්පීයව සප්ත ස්වරයෙන් එයා පටන් ගත්තා කියලා කියන්නත් හැකියි. 
       නමුත් මම දන්නවා මගේ තක්කාලෙන් කසුන්ගේ ලග්නේ වෘශ්චික කියලත්. මාරයි. මානවසිංහගේ ලග්නෙත් වෘශ්චික. ජෝතිපාලගෙත් ඒකමයි. සායි බබාගෙත් ඒකමයි එක පැත්තකින්. අද ඉන්න ජනාධිපති තුමාගේ වෘශ්චික ලග්නය වැදගත් වෙන්නේ බුධ සහ කුජ අතර වෙනත් අහසේ අභියෝගයකින්. කොහොම උනත් ස්වර හතයි කසුන්. ග්රහයෝ හතයි.ලග්නය පැත්තක තියමු. නමුත් අහසේ සප්ත ග්රහයෝ මහපොලවේ මිනිස් දෙසවන් වල තියන සප්ත ස්වරයට උඹ තවත් ආදරණී ඒ එච් ඇම් සහ ඔයාගේ අම්මගේම සින්දුවකින් බද්ධ කරනවා වගේ. 
     ඔව් අහසේ අම්මා චන්ද්රයා. ඒ කියන්නේ යසෝධරා වගේ සංකල්පයක්. මම වරක් කිව්වා යසෝධරා වත වර්ග කලත් අපට අම්මා කෙසේ වෙතත් ගැහැනියක්ව වර්ග කරන්න බැහැ කියලා. කොටින්ම ඒක හැකි එයාලට විතරයි වගේ එකක්. ඒ කියන්නේ උඹව වර්ග කළ හැක්කේ උඹගේ ආදරවන්තියට පමණයි වගේ අදහසක්. ඒක උඹ හඬින් ජය ගන්නවා මචන්. වෘශ්චිකම තමා. වෘශ්චික කියන්නේ ගෝනුස්සා. කරන දේ හරියට කරනවා. ඊට පස්සේ ඌට ඒ ගැන වැඩක් නැහැ. ඊට පස්සේ ඌට වැදගත්වෙන්නේ කරන ඊගාව වැඩේ. ඒක මොකක් උනත්. අදරෙයි කසුන් උඹටත් තාත්තටත් අම්මාටත්. පසුවට මාරස තව ගොඩක් දේවල් ලියන්නම්. පොළවේ සිට අහසට නෙවේ. අහසින් පොළවට.

ජගත් මාරසිංහ
28 08 2020


Powered by Blogger.