අසමකෝණී රාජයෝග තිකෝණ

අසමකෝණී රාජයෝග තිකෝණ
 මම සටහනක් ලිව්වා චම්පික රණවක ගැන. හේතුවාදය සහ මාක්ස්වාදයේ දයලෙක්තිකව අපේ දේ දෙස බලන්න ඔ්න කොහොමද කියන ඉසව්වකදි ලත් දැනුමක පකාශයක්. මම එතනදි කිව්වා චම්පිකට ගණිතමය අනතුරකු තියනවා කියලා. ඒක මනාප සංඛ්‍යාවෙන් සාධනය වෙලා ඉවරයි. ඒත් ඒකටම ඈඳන්න තව කතාවක් තියනවා. ඒ චම්පිකගේ යාලුකමට මට අඳුන්වාදෙන් තවත් කෙනෙක් තමා ගම්මන්පිල. මාරයි. එයාටත් රාජයෝගයක් තියනවා. මම ඒ දෙන්නටම කලින් දන්න රතන හාමුදුරුවන්ටත් රාජ යෝගයක් තියනවා. අනේ මමනම් මගේ සාමාන්‍ය අපෝ තේජෝ වායු පටවි ආකාශ කියන බෙදීමේ දැනුමෙන් දන්නවා මේ රාජ යෝග කාරයන්ට එකතුවෙලා වැඩක් කරන්න බැහැ කියලා. ඒක මම කිව්වා. නොකිව්වා කිව්වොත් දක්තත් එක්ක ලියන්නත් හැකියි. කෙනෙකුට අහන්න පුළුවන් ඇයි මම මේ ජාතික දේ ගැනම කතා කරන උන් ගැන කතා කරන්නේ කියලා. ඒක මාර කතාවක්.ඒකට හේතුව ජවිපේ පරණ සහෝදර වරුන්ගෙන් අහන්න. ගුනදාස අමරසේකර ගණදුරු මැදියම දුටුවෙමි අරුණලු පොත ලියන කාලයේ ජාතික වසන්තයේ චම්පිකත් පොත් ලියන්න ගන්නවා. ඒ කාලයේම ජවිපෙත් මව් බිම නැත්නම් මරණය කියන තැන ඉඳන් නැවත සංවිධානය වෙනවා. මට මතකයි මම හිරගෙදරට යන්න පෙර අහපු විජේවීර සහෝදරයාගේ අවසාන රහස් කැසට් පටය. ඒකේ එයාගේ කතාව අවසාන කරන්නේ හරි ජේ ආර්. උඹ පටන් ගත්තා අපි අවසාන කරන්නම් කියලා. එයා ඒකෙදෙී කියනවා සිතුල්පව්වෙන් පටන් අරන් ඉන්දපස්ත පුරයෙන් අපි අවසන් කරනවා කියලා. ඒක මාර කතාවක්. ඒ කියන්නේ ලංකාවෙන් නිවතින්නේ නැහැ ජ්‍යාතන්තර වාදින් ඒකතුවෙන්න කියන මාර කතාව. මොකටද ඒකතුවෙන්නේ. ලෝක විප්ලවයට. අඩුපාඩු ගොඩක් බව ඒදත් දැනගෙන හිටපු කට්ටියකගෙන් එකෙක් මමත්.ඒත් මට තේරුණා ලෝකය යන්නේ වෙනත් ජාතික පැත්තකට කියලා. මේක නලින්ට කවුරු දොස් කිව්වත් එයා කිව්වා රනිල් ජයම්පතිට ව්‍යවස්තාවක් හදන්න මොකක්ද කතාවක් ගිය අතර මේ කතාව නියමෙට. මෙතන කතාවක් අවැසි නැහැ. මම අහන්නේ කාගෙන්වත් දැන් සනීපද කියා නොවේ. පරාජය වුනේ මගේ ආදරය වෙන්නත් හැකියි එක පැත්තකින්. ඒත් ආදරයේ වේදනාවක් නැහැ. ආදරය කියනනේ වේදනාවක් තමා. මම මෙතන කතා කළේ රාජයෝග තියන අයට එකට ඉන්න බැහැ කියන ඊනියා රසල් වාදී දර්ශනිිිිිිිිිිකයන්ගෙන් ..... තොප කුමක් කියන්නෙහිද කියා. කියන දෙයක් තියනවා නම් ලියන්න. රාජ යෝග කාරයන්ගේ බලය වැඩි කාටද කියන කාරණාවටත් මාර ගණිතමය උත්තර තියනවා. අෂ්ට කූට වගේ මහා දැනුමක් අවැසි නැහැනේ. අපිට ලඟින්ම කැරෙකෙන චන්දයා ගැන සොයන්න. චන්දයාගේ ගමන මාරයි. ඒක ආදරයේ ගමනක්. මම කියන්නේ චන්දයාට යසෝදරා කියලා. ඒයා මාර අවංකයි. ඒත් තදම තද සිතක්. යසෝධරාවත වර්ග කළත් ඒයාගේ විස්තර හොයන්න තියා දන්න දේ කියන්නවත් බැහැ. දැන් මාරසත් ලියන්න ගත්තා. රසල්ගෙන් පටන් අරන් අපි භරණ ගණිත පරපුරෙන් අවසන් කරමු.

(ලංකේය ගණිතවේදියකු බව මට වැටහුන පනාගොඩ ගනිත වේදියා ගැන පසුව ලියනවා.)
ජගත් මාරසිංහ
2020 08 07


Powered by Blogger.