වසම මිසී හොඳම මිසී

                                                    වසම මිසී හොඳම මිසී

Image may contain: 4 people, people standing, wedding and indoor"වසම මිසී හොඳම            ලංකාව පුරා රෝහල් හතලිස් අටක මා නේවාසිකව සිට ඇත. සැත්කම් හතරකි. පළවැන්න හදිසි අනතුරකින් පතොක් ගාලක වැටී පතොක් කටු ඇනී ඇඟ පුරා කපා ඒවා ඉවත් කර දැමීම සඳහාය. දෙවැන්න වේදිකාවකින් වැටී මොළය අකර්මන්‍ය විමෙන් දින හතරක්න පමන සුරලොව සිටීමෙන්ය. තෙවැන්න හදවතේ බ්ලෝග් හතරක් නැවත සැකසීමට බයිපාස් සැත්කමකි. සමාජවාදය සහ වාමාංශික දේශපාලනය මානසික රෝහලට බද්ද වනේනේ කෙසේද යන්න නම් සහිතව මට ලිවිය හැක. සැත්කම් තුනම තුනම බරපතල විය. තව කොතෙක සැත්කම් සහ රෝග ඇතිදැයි දන්නේ ගහරාශින් සමග මිනිසා බද්ධ කරගත් අතීත ජීවිත පූර්වාදර්ශ හරහා පමණි.මට එය සාධනය කළ හැක. ඒ සාපේක්ෂකව බව ඇත්තකි. නමුත් සාපේක්ෂකත්වය ගැනද දැන් බොහෝ පතිවිරෝද ඇත. ඇල්කොහොල් සඳහා මා නොසිටපු රෝහලක් නැතිවා වගේද දැනේ. එකතු කළහොත් ඒ කාලය වසර දෙකද ඉක්මවන වග සැබෑවකි. ඒ රෝහල් අත්දැකීම් මම මතු මාරසට ලියමි." වසම මිසී හොඳම මිසී" යන නම ගත්තේ ආදර ඒකිලාගේ පමණක් නොව ඩොකාලාද ඇතුළු සියලු කාර්ය මණ්ඩලයන් අගේ කිරීමටය. පසුගාමී පරිපාලනයක උවද තවමත් රජයේ රෝහල් කමවේදය අගේ කිරීමටය. සේනක බිබිලෙලාගේ පමණක් නොව අපේ සෞඛ්‍ය ක්ෂ්තයේ සියලු විශිෂ්ටයන්ගේ ආදරය මගේ අත්දැකීම් තුල කැටිවී තිබේ. ඒවා කෙලින්ම ශරීරයෙන්ම ගත් අත්දැකීම්ය. ලෝකයෙන් අපට මෙන්ම අපෙන් ලෝකයටද ඉගෙන ගත යුතු පාඩම් තිබේ. රෝහලකට ගියොත් මා සිත්ගන්නේ වසම මිසීලාය. ඒ ඇයි. අපි ලියමු. උදේ කිරිකොකුන් මෙන් පොදු පවාහනයේ වැඩට ඒන විෂබීජ සහ ලේ සමග ගනුදෙනු කරන, නිදිමරන මිසිලා ආපසු උදයේ ගෙදර යන්නේද කිරිකොකුන්මෙනි. ඒත් රෝගීන්ට මාර ආදරයකි. මා එතනින් පටන් ගිනිමි. වසම මිසී හොඳම මිසී කියා පටන් ගන්නේ ඇයි කියන කතන්දරය මේ මතක ලිපි මාලාව අවසානයේ ඔබට වැටහෙනු ඇත. මගේ ජීවිතයේ මරණීය අවස්තා හතරකදී පමණ මට පිහිට වූයේ වසම මිසීලාය. අනෙකුන් බොහෝ දෙනෙකුගේ ජීවිත ගැනද මම දනිමි. එයාලා ඒවා කරන්නේ තමන්ගේ ජීවිතයේත් තමන්ගේ රාජකාරියටද පිටිනි. ඒ අය තාමත් මට වරින් වර හමුවේ. ලියවෙන්න ඕනා සැබෑ දේ දැන් ලියවෙනුඇත. අඟට දැනුන දේ විනා බොරු පසික්කාටු දර්ශන කියා සැබෑව මගේ ජීවිතයෙන් තවමත් ඈත්වෙමින් නැත. විවේචනාත්මකව දැකීමක් ඇති වුවද ඇහුන්කන් දීමට ඉන්නේ බිත්තියේ දුවන හූනන් පමණි. ඒක හැමදාම එසේ විය නෙහැක. චෙරි උයන නාටකයේ අනාගත ශිෂ්‍යයා කිව්වා සේ හෙට ඉරක් පායනු නියතමය. සමහර විට නොපායන්නටද හැකිය. නමුත්. මෙපමන කල් අප ලැබූ අතීත පූර්වාදර්ශ සමග හෙට ඉරක් පායනු බව නියතය.

ජගත් මාරසිංහ‍

21 08 2020


Powered by Blogger.