මාරස නොනිමි ලිපි- (දරු මගට අගුල් දැමීම) කොටස.01

                                        මාරස නොනිමි ලිපි- (දරු මගට අගුල් දැමීම) කොටස.01     

ලංකාවේ ඉතිහාසය ගැන විවිධ මතවාද තිබේ. මතවාද වනාහී එක්කෝ තමන් සිතන දේය. තමන් සිතන්නේ සමාජ වපරිසරයේ කතාන්දර අනුවය. ඉන්දියාව ලංකාව සමග සම්බන්ධ වී තිබුනාද නව පුරා විද්යාඥයින් ඉදිරිපත් කරන ආකාරයට අපේ හකු ඇට අප්රිකාවේද කියන කතන්දර දවසින් දවස වෙනස් වන සුළුය. හෝටන් තැන්නේ ඉතා ඈත කාලයේ බාර්ලි වගාවන් තිබූ බවකියූ පුරා විද්යා පරපුරට ප්රතිපක්ෂකව නව ලෝකයේ පුරාවිද්යා සංකල්ප කරට ගත් සමහර පුරාවිද්යාඥයන් තවත් මත ඉදිරි පත් කරයි. තවත් කණ්ඩායමක් පුරාවිද්යාව මිත්යයි කියමින් පුරාණ ඊජිප්තුවේ කතන්දර වගයක් ගොණුකරයි. ඒ අයගේ කතාවේ හරයක් නැත්තාද නොවේ. මක්නිසාද මේ සියල්ලම පොර බඳින්නේ අද පවතින විද්යාව කියන ආගමක් වූ නව නොවන නව ගතානුගතික සංකල්පයක් හිසේ තබාගනය. නමුත් මේ ලියුම්කරු නම් පිළිගන්නේ ආච්චිලා මුත්තලා කිරිකිත්තලාගේ වහරින් ආ ඉතිහාසයයි. මක්නිසාද ඒ අදහස් නොඉඳුල් යයි සිතෙන නිසාය. ඒවායේ සමාජ චලිතයට අනුව වෙනස්වීම් සරළව දැකිය හැකිය.
අප රට ගොඩනැගිලි ඉදිකිරීම අතින් ප්රධාන කට්ටියක් වන බව සැබෑවකි. නමුත් අද ඒ බව කියන්නට හැකියාවක් නැත. කොටින්ම ගංගා නිම්න සංස්කෘතියට ප්රතිපක්ෂව නිර්මාණය වූ අප ලාංකේය වැව් ජල ශිෂ්ටාචාරය ගැනවත් කියන්නටවත් හැකියාවක් නැත. සමහරු එය ජාතික වාදයෙන් කතාකරයි. සමහරු එය පශ්චාත් නූතත වාදය කියා කණ්ඩායම් කීපයක් එක එක නම් වලින් කතා කරයි. නමුත් ඒ ප්රතිවාද ගේනා වැඩි පිරිසක් ඇකඩමියානු දැනුමෙන් හෝ පොත පත කියවීම සහ අත්දැකීම් වලිනුත් මාර උගතුන් ලෙස සිතා සිටින පිරිසකි. එහෙත් ඔවුන් මහපොළවේ ජීවිතය ගැන දන්නේද යන්න ඔවුන් ඔප්පු කළ යුත්තේ මේ ලියුම් කරුට නොව මිනිසුන්ටය.
මාරසේ මේ ලියුම් කරු ගොඩ වැද්දෙක් නොවන්නේ ගම් වැද්දා සහ ගොඩ වැද්දා යන කාරණා දන්නා නිසාය. ගොඩ වැද්දා කියා සාමාන්ය ජනතාව ව්යාහාරිකව අදහස් කළේ ගම් වැද්දාටමය.
ගම් වැද්දා ගැන රසවත් කතාවක් තිබේ. ඒ කතාව ජාතිකවාදී පිරිස් එක එක විදිහට කියනවා මා අසා කියවා ඇත. සමහරක් කියන්නේ ටයිටස් තොටවත්තයන්ගේ අයියණ්ඩිය වූ හෙළ හවුලේ කෙරුමෙකු වූ ඒලියන් සිල්වා තන්තිරිමලේ විහාරය සොයා යන විට ගම්වැද්දෙක් හමුවූ විට ඇ- කාරය ඉගන ගත් ආකාරයයි. මේ සම්බන්ධව ජාතික දේශපාලකයන් හෝ පරංගි මාක්ස්වාදීන් හෝ වෙන කවුරු හෝ ලියන කියන දේ මට අදාල නැත. මක්නිසාද යත් ඒ ලියන්නේ ගම් වැද්දන් ගොඩ වැද්දන් බවට පත්වූ පසුය. ගොඩ වැද්දා ජීවමානය. ගොඩ වැද්දා කියන්නේ ගොඩේ වැද්දාටය. ගොඩේ කියන්නේ නව අරුතින් නාගරිකයන් නාගරික නැති ගම්මුන්ගේ නාගරික විපරිතය අපහසයට ලක්කරන්නට හදාගත් වචනයකි. ( ගම නගරය සහ ගොඩේ ගැන උඩරට පහත රට හීනමානය නොව සෙයිසමානය ගැන ඉදිරියේදී ලියවෙනු ඇත.) මා කතා කරන්නේ ගම්වැද්දා ගැනය. ගම් වැද්දා යනු සිංහල බෞද්ධ සංස්කෘතිය වැඩෙන හෝ වඩවන යුගයේදී නගරයක් බවට පත්වූ නගරයේද කැළයම ගම වූ ස්වදේශික වැද්දන්ගේද අතර මැදියා ය. ගම් වැද්දා සරමක් ගසාගෙන තුවායක් පොරවාගෙන එදා සිවිල් නාගරික සමාජය සමග ඇසුරු කරයි. එලෙසම කරේ දමා ගන්නා තුවායෙන් ජටාවක් බැඳගෙන සරමෙන් අඹුඩය ගසාගෙන මහ වන මැදට ගොස් වැද්දන් සමගද ඇසුරු කරයි. කොටින්ම ලාංකේය සමාජයේ ධර්මාශෝකගේ ඉන්දියානු බලපෑම ලංකාව සමථ යෙන් (සමථයේදී සිදු කරන්නේ කුසල් අරමුණක සිත එකඟ කර ගනිමින් පංච නීවරණය සංසිඳුවා ගැනීමයි.) ආක්රමණය කළ පසු එය ප්රතික්ෂේප කර කැළෑ වැදුන මිනිසුන් වූ වැද්දන් සහ එදා සිවිල් සමාජය අතර සම්බන්ධය පවත්වාගෙන ගිය ගම්වැද්දා ගේ ජාන කාටත් තිබේ. එහෙත් ඒ බව වසන් කරන් සිටී. මේ තත්වය හෙළ හවුල සහ හෙළ උරුමය චම්පික රණවක විසින් ශාස්තීය ලිපි ලේඛන තුළ විස්තර කර තිබෙන්නේ ඔවුන් වැඩ සිටින සංස්කෘතික සංවිධාන වලට ගැලපෙන පරිදිය. එසේ නොවුනා නම් ඒ දැනුම මාරය. ඒ සම්බන්ධව මට අපුලක් හෝ අවුලක්නැත. මන්ද තමන්ගේ සංවිධානය තමන්ගේ ජීවිතය වූ කාලයක මාද අම්මා තාත්තාවත් විශ්වාස කළේ නැත. සියල්ල මගේ සංවිධානයේ මතය සමග ගැලපීමේ ඒ විකාරය ගැන පසුවට ලියවෙන බවද සැබෑවකි. එහෙත් මේ ලියුම්කරු ගම් වැද්දා ගැන කියන්නට මේ "නොනිමි ලිපි" පෙළ ආරම්භ කිරීමට ගත්තේ යුරෝපීය ජාන විද්යාව අනුව මාරස ලියුම් කරුට ගම් වැද්දෙකුගේ ජාන ඇති බව කීමට තරම් මම උසස් නැති නිසාය. එක්කෝ ඇති නිසාය. නැතිනම් ඇති නැති නිසාය. නැතිනම් නැති ඇති නිසාය යන තර්කය නිසාය. එතනදී ගම් වැද්දෙකු වූ මේ ලියුම් කරුට හිතෙන්නේ වැද්දා මරු කියාය. ගොඩ වැද්දා අපතයකු කියාය. කොටින්ම ගොඩේ වැද්දා යනු උත්පත්තියෙන්ම අපතයෙකි. නව භාෂා අර්ථයෙන් විපරිතයෙකි. මම වැද්දෙකු ලෙස පෙනී සිටීම පහත්ද නොවෙමි. මන්ද එසේ කීවහොත් ඒ ජාන යනු පාරම්පරික භව විකාශනයක් කියාද කිව හැකිය. මහා යාන, හීන යාන, සෙයිස මාන පසක තබා මේ "නොනිමි ලිපි" පෙළට මම ගම් වවැද්දෙකු වූ ආකාරය ලියන්නට පටන්ගත්තේ දැන් මා මේවා ලිවිය යුතු කාලය බව දැනෙන නිසාය. මම ගම් වැද්දෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සකල න්යායන්ගේ යථාව දුටිමි. ඔවුනට උදව් පදව් කෙරුවෙමි. නමුත් ඔවුන්ගෙන් වෙන්වූ ජනතා සංගමය වන් කල්ලි කණ්ඩායම් වල මතවාද අනියමින් පිළිගත්තෙමි. ඒ මන්දැයි නොනිමි ලිපි අවසානයේ ඔබට දැනී යනු ඇත. එලෙසම රජයේ මහා ලොකු ලොක්කන් සමගද ඇසුරු කළෙමි. මේ ලියුම් කරුගේ නිදහස වෙනුවෙන් කිසිදු පාවා දීමක් සිදු වූවාද කියා අභියෝග කිරීමට කිසිවෙකුටත් නොහැක. එසේ කරනවා කියන්නේ හැරමිටියෙන් යන සිංහ ලග්න කාරයෙකු සොයා දෙනවා මෙන්ම දේවගේ පරපුරේ සිංහල කතෝලිකයෙක් සොයා දෙනවා වගේම අභියෝගාත්මක කාරණයකි. ගම් වැද්දාගේ විකාශනයත් සමග මා ඒ සමාජීය ජානගත උරුමක්කාරයකු වූ මේ ලියුම් කරු 1989 භීෂණයේ මනුෂ්යත්වයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකාරිත්වයත් ඉන් පසු බිහි වූ ජාතික ව්යාපාර ගැනත්, වමේ කාර්යභාරය ගැනත්, එදා සමාජ දේශපාලන ක්රියාකාරී කලා කාරයන් සහ බුද්මතුන් සේ පෙනී සිටි අදටද ජීවත්වන සියල්ලන්ගේම ඉතිහාසයේ පතිවත ද නොදන්නවා නොවේ. අද ගොඩ වැද්දන්ගේ නම් කලවම් ජාන බොහෝය. ඉන් සමහරක් ගමේ නිල නොලත් ලොක්කන්ය. තාම හැම ගමකම කවුරුන් හෝ මළ පසු ඒ මළ ගෙදර මූලිකත්වය ගන්නේ මේ ගමේ ලොක්කාය. ඒ ගම්වැද්දන්ගේ ප්රවේණි සමාජීය ජිව විද්යාත්මක නොව සමාජීය ජානය. මා මෙහි ජාන යනුවෙන් අදහස් කරන්නේ අපරදිග මහා පර්යේෂණයක් වූ(x x) (y y) කතාන්දර වලට සීමාවී නොවේමය. අද සමහර ගම්වැද්දෝ ටියුෂන්ද කරති.ගොඩ වැදි සමාජීය හැතිකරය කියන්නේ දේශපාලනිකව අතර මං වූ මැද පන්ති කුලකයකි. උන්ව සතුටු කිරීමට හෝර්ටන් තැන්නද ජාතියේ නාමයෙන් යුරෝපීය ජාන විද්යාවට අනුබද්ධ කරති. මුන් හිතන්නේ සුද්දා නාවනම් හෝටන් තැන්නක් නැතිවීමට ඉඩ තිබුන බව නොව සුද්දා නාවනම් මාර කියාය. මෑත ගම්වැද්දා වූ ගමේ ලොක්කා සියල්ල හඬා වැළපෙන කල දැන් වෙලාව හරි කියා මිනිය උස්සන්න අන අණ දෙන්නේය. අද ගම්වැද්දන් මෙන් පෙනී සිටින ගොඩ වැද්දන් මිනියේ ජාන සහ ප්රවේණිය ගැන කතා කර ජාතියේ සලකුණ තබා රසල්ගෙන් කේරළයට ගොස් කේරළයෙන් අප කොදෙව්වට පැමිණි මාක්ස් ලෙනින්ලා පවා ප්රතික්ෂේප කළ හේතුවාදය නැමැති දේව වාදයට ආවඩමින් මළ මිනියද ජනගත කරන්නේය. මේ "නොනිමි ලිපි" පෙළක ආරම්භයයි. ජාන ගත හෝ සංසාරය කුමක් හෝ වේවා තවමත් ගොඩ වැද්දන් නොවූ ගම්වැද්දන් සිටිත්. මේ නොනිමි ලිපි පෙළට වග කියන්නේ කල්ලි කණ්ඩායම් සියල්ලේම හැසිරුණ ආත්මීය ගම් වැද්දෙක් විය හැක. පසු ලිපියේ අපි ගම්වැද්දාගේ සහ ගොඩ වැද්දාගේ ආදරය ගැන කතා කරමු. කොටින්ම ගම්වැද්දන් වන ආදර පරපුරට වින කරන්නේ ගොඩ වැද්දන් නොහොත් පරංගි වාමාංශික සනුහරයයි. ඕකුන්ව බෝතලයක දමා කට හිරකර මහ මුහුදට දමන්නට මේ ලියුම් කරුට නොහැක. මක් නිසාද ඒ මිනිසුන් වීමට හැකි මිනිසුන්ට ආදර අර්ධයක් තිබෙන භූත කොට්ටාසයක් නිසාය. කොටින්ම චණ්ඩාශෝකගේ ජාන පරපුරෙන් පසු සිංහල බෞද්ධ විරෝධී ශුද්ධ බෞද්ධ විකාර විනය කාරයන්ගෙන් ජනිත වූ මාක්ස් වාදීී සැබෑ මිනිසුන්ද සතුරන් මෙන් පෙනෙන ඒ පරංගි වම්මුන් වනාහී අහිංසකයන් කොටසක් නිසාය.

නොනිමි ලිපි 02 "චන්ඩාශෝක සහ ලාංකේය වම"
(විනය කාරයන් හරහා මාක්ස් වාදය ලාංකේය පරංගි වම දක්වා විකාශනයේ
ජගත් මාරසිංහ
25 09 2020




Powered by Blogger.