හැම ගෙදරකම අනංගයාට වෙන් කළ තැනක් .....?
ආදරය කියන්නේ සෙක්ස් කියන ලිංගිකත්වයම තමා. ඒකට අධිපති දෙවියන් අනංග දෙවියන්. ඉතින් පෙරදිගුන් අනංග දෙවියන් ගැන භක්තිමත් වුනත් තෘෂ්ණාව යටතේ බුද්ධ කියවීම තේරවාදී වෙනත් කියවීම් වලට ලක්වූ පසුව ඒක අනංග දෙවියන්වත් හනුමාන් දෙවියන්ගේත් දේවාල ලංකාවේ පංසල් ඇසුරේ නැහැ. හැබැයි ගෙදරකම සහ හොටල් කාඹර වලද අනංග දෙවියන් වැඩ වාසය කරනවා ජීවමානවම. පොඩි ළමයින්ට සහ සමාජයට තහනම් කලාපයක් වන ස්ථානයක.
සුජිත් අක්කර වත්තගේ "සිව ගිරියෙන් සීගිරියට" ග්රන්ථයේ මේ සම්බන්ධව වචන වලින් ලියා නැති වුවත් ඒක බලන විට සිගීරියේ අනංග පූජාව ගැන මනාව වැටහෙනවා. ‌ජ්යෝතිෂයේ සිකුරු කුජ චන්ද්ර ගැන පමණක් සෙවීමෙන් අනංගයා අපට හමුවෙනවා. වැඩි විස්තර හොයන්න අවැසි නැහැ ආදරයේ පළමු කිස්ඒකේ සිට සියලු ලිංගික සම්බන්ධ වලදි අනංග පූජාව හැම කෙනෙක්ම කරනවා. ගිහියන්ට තහනම් නොවූ පැවිදුන්ට පමණක් තහනමු වූ අනංගයාගේ සීමාවන් ගැන අපේ ලොකු හාමුදුරුවරු නොදන්නවා නොවේ. ඒ විද්වතුන්ට මේ ගැන කියන්න මහා දැනුමක් තියන බව මා පිරිවෙන් ඇසුරු කළ නිසා දන්නවා. පැවිද්දන්ට කියන්න තියෙන්නේ අනංග පූජාව කරනවානම් යන්න ගිහි ගෙදරට. එපානම් නැවත සාසනයට ඇවිත් බලන්න කියන මාර කතාව. ඒහි පක්ෂිකෝ තමා .
ඒ ගැන අපි තවත් දේ කතා කරමු. ඉතින් අනංග පූජාව නොකළත් මේ අනංග මන්ත්රය දැම්මේ අනංගයාගෙන් අවැඩක් සිදුවෙන ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලට ඉතිහාසයක් තියනවා කියලා හිතන්නයි. ...(මතු- මාරස)
"ඕම කාම දේවාය විද්මහේ
පු්ෂ්පභානාය ධීමහී
තන්නෝ අනංග ප්රරචෝයාත්"
ජගත් මාරසිංහ
05 10 2020


Powered by Blogger.