අඳුරු ධර්ම ජවනිකා

(1 කොටස)
නිෂ්පාදනය සහ නිෂ්පාදන සම්බන්ධතා අර්බුදයකට ලක්වූ කළ හේතුවාදයේ මිත්යාව පරයා භෞතිකවාදීන් විසින් ආධ්යාත්මික ශක්තීන් නොසලකා හරින ලද අවකාශයක විවිද වේශයෙන් තක්කඩින් සහ එසේ නොවන දෙවිවරුන් බිහිවෙන කාලය වසංගත තත්ත්වයන් විසින් මේ පිමි පනිමින් වර්ධනය වෙන්නට පටන්ගත් කාලයයි. පරිභෝජන මාධ්ය මිත්යාන්දකාරයට මේ තත්වය මරේ මරුය. ආධ්යාත්මික තක්කඩියන් සහ හේතුවාදී තක්කඩියන්ගේ වාද විවාද නැමති නිරුවත් ප්රහසන නාටකය ජනතාවටද මරේ මරු වී ඇත. මේ හේතුවාදී තක්කඩියන්ද, ආධ්යාත්මික තක්කඩියන්ද ජනමාධ්ය සහ සමාජ ජාලා හරහා සිය ඇඳුම් ගලවා දමමින් නිරුවත පෙන්වන කාලයයි. නිෂ්පාදනය සහ නිෂ්පාදන සම්බන්ධතා ඔස්සේ සිතීම පසකලා සකල විද ආධ්යාත්මික චින්තන මිත්යාව ඔස්සේ විවේචනය කිරීමෙන් පලක් නොවන වග හෝ යාන්ත්රිික භෞතික වාදයේ නිරුවත බොහෝ මාක්ස්වාදීන්ට පෙනෙන්නේ නැත. යාන්ත්රික භෞතික වාදය හෙවත් හේතුවාදය අවසානයේදී අපෝහකයට විරුද්ධවන වගවත් ඊනියා පරංගි වාමාංශිකයන් නොදන්නා බව පෙනේ. ඒ ඔවුන්ගේ දේශපාලන දැනුමේ දිළිඳුකමය. මිනිසුන් තව දුරටත් ජාතිකවාදය විශ්වාස කිරීම වර්ධනය වීම වරදක්නම් ඊට වගකිව යුත්තේ මිත්යාව නොව යාන්ත්‍රික භෞතික වාදය හෙවත් හේතුවාදයම වේ. අවාසනාවකට ඊනියා මාක්ස් වාදීන්ගේ න්‍යායන් අපෝහකය මත නොව හේතුවාදී විලාසිතාවක් බවට පත්වීම සිදුවන්නේ නිව්ටන්ගේ නියම පරයා අයින්ස්ටයින්ගේ නියමයන්ගෙන් බව ජාතිකවාදීන් හරහා අද සාධනය වෙමින් තිබේ. අපෝහකයද යල්පැන ගිය ආකාරය ජාතික වාදීන් තර්කානුකූලව පැහැදිලි කරමින් සිටී. සිදුවිය යුත්තේ කුමක්ද යන්න අඳුරු ධර්ම ජවනිකා පෙළක ආරම්භයක් වී තිබේ. දේව මෙහෙයන් සඳහා සාමාන්ය මිනිසුන් පෝලිමේ යාම කම් කිම්. සියලු කලා කරුවන් මාක්ස්වාදී හේතුවාදීන් වියයුතුයි කියා නියමයක්ද නැත. ඊනියා පරංගි වාමාංශිකයෝද එවන් පොලිම් වල සැඟවී සිටින බව අපි දනිමු. මාරස මේ සම්බන්ධව අනතුරු අඟවන ලදදේ මාරස ආරම්භයේදීමය. වගකිව යුතු ඊනියා චින්කයන් ඊට නිහඬ වීමෙන් පිළිතුරු දෙන ලදී. තව ටික දිනකින් පරිභෝජන සමාජය විසින් සාස්තර තක්කඩියන් පමනක් නොව තක්කඩි ඊනියා දෙවිවරුන්ද වෙළඳපොල විසින් අප කොදෙව්වට ආනයනය කරනු ඇත. දැනටද එය ආරම්භ වී තිබේ. අප විසින් කළ යුත්තේ කුමක්ද?
(මතු සම්බන්ධයි.)
ජගත් මාරසිංහ-
02 01 2021

 


Powered by Blogger.