මිස්වභාවධර්මය කියන කතන්දරය ලංකා සම සමාජ කියන පරංගි දේශපාලනය හරහා න්ස්කු 
ස්වභාවධර්මය කියන කතන්දරය ලංකා සම සමාජ කියන පරංගි දේශපාලනය හරහා සමාජයේත් සැබෑ පාටයක් වුනේ අරගලය කියන කොමිනියුෂ්ට් මහා කතාන්දරයේ ආගමනය නිසා. මම ඒකේ පිනිබින්දුවක් වන් පරිසරය කොටසේ වනය ගැන සිහිකිරීමක් විතරක් කරන්නම්. විශේෂයෙන් පරංගි කල්ලි වල අංකුර කොල්ලන්ට.

කොමිනියුස්ට් ප්රකාශනයෙත් මිනිසා සහ ස්වභායව සමග අරගලය ගැන නියමෙටම තියනවා. ඒ කියන්නේ මාක්ස් වාදී එන න්යායන් ගණිතය නොදන්න අයට අල්ලන්න අමාරු නිසා අල්ලන්නේ වෙන තැනකින්. නමුත් ගණිතය දන්න කට්ටියට ටීම් වර්ක් හෙවත් සමූහ ක්රියා කාරකම් බැහැ. මට නලින්ද සිල්වයි කීර්ති බාලසූරියවයි මතකයට ආවා කියලා විතරක් ලියන්නම්. ඒ දෙන්න ගැන ලියන එක ලේසි කතාවක් නෙවේ. දෙන්නව එකට දාලා ලියන්න ගියොත් ජීවිත කාලයකුත් මදිවෙනවා අනිවා.
ස්වභාවධර්මය කියන්නේ මිනිසා ස්වභාව ධර්මයෙන් වෙන් වෙච්ච මොහොතේ හදාගන්න වචනයක්නේ! සෙල්ලමක්ද? සෙල්ලමක් නෙවේ විදර්ශන. බයිබලයට ඈඳාගත් වෙජිටේරියන් කල්ට් එක කියන ජෝක් එකට අනුව එයාලා ස්වභාවයෙන් වෙන් වෙච්චර සුප්රබුද්ධලා වෙලා පරිසරය ගැන ලියපු කරපු ඒවා විශාලයි. හැබැය් ඒ හදාගත්ත ස්වභාවයක්. මිනිහා මිනිහෙක් කියලා හිතාගෙන ස්වභාවයෙන් අයින් වෙලා කරන විකාරේ තැන් තැන් වලින් අල්ලන් වැඩක් කලාට චාලි චැප්ලින්ට ආරාධනා කරන්න වෙනවා නැවත ඉපදෙන්න කියලා. එහෙම පුලුවන්. ඔව් ප්රෝටෝනයක් දෙකට කපා කෑලිදෙක කුමන ඈතකින් තිබ්බත් එක කෑල්ලකට වෙනදේ අනිත් කෑල්ලටත් වෙනවා කියන කතාව විද්යාත්මකයි වගේ. ඊට පස්සෙනේ තාක්ෂණයෙන් නිවන් දකින පරපුරක් සිනමාවේ ප්රාග්ධන බලය අතට ගන්නේ. එක කුස එක එකම කාල පරාසයක උපන් නිවුන් දරුවන් ගැන කියන්න ගිහින් ක්රීෂ්ණ මූර්ති ජ්යෝතිෂයේ අඩුතැන් වැඩි වුනත් යමක් කෙරුවාසේ. ඕෂෝ ක්රිෂ්ණ මූර්තිට උදව් කරපු කාන්තාව ගැනත් ගොසිප් කියන්නේ නිකම්ම නෙවේ. ඉතින් ක්රිෂ්ණ මූර්තිගේ ගතිකය අද තිබෙන සමහර පශ්චාත් නූතන කියන කියන හෝ මනෝ විශ්ලේෂනය ඔලුවේ තියන් වැඩ කරන කල්ලි වලට අදාල නැහැ කියන එක එයාලම කියලා ඉවරයි හිතන එක මිනිස්සුන්ට නෙවේ ජනතාවට විනෝදයක් වෙලා. ඉතින් මම කියන්න යන්නේ එක චුට්ටයි. මේ ගැන වෙබ් ලියනවාට වඩා හොඳ පොත් ලියන එක. වෙන මොකටවත් නෙවේ! පොත් එකතුකරන අයගේ විනෝදය සඳහා. එයාලා පොත් කියවනවානම් ලිව්වත් මොකෝ. එහෙම සමීක්ෂණයක් තියනවාද? මාක්ස් වාදයේ පරාජය නියතිවාදියන්ගේ හැදෑරීම් සහ පරික්ෂණ පැවැත්මේ ජීවත්වන පරංගි මාක්ස්වාදීන්ගේ සමහරුන්ගේ දැක්මෙන් ගෝත්රිකයො කියන මිනිස්සුන්ට හෙවත් පරංගිින් විසින් තොරොම්ල් කළ වචනයක් සහ ක්රියාකාරිත්වයක් වන ජනතාව කියන වචනය.
මටත් තියනවා ලෙඩක්. ඇත්තටම ඒක ලෙඩක්. ඇදගන්න එක. මම ඇද්දට කවුරුත් ඇද ගන්න එන්නේ නැහැ. ඒ මට බයේ නෙවේ. මාත් ඒ බෝට්ටුවේ නිසා. තොපේ අපේ බෝට්ටු මරුය. නමුතු ඇතුලේ අරගල මහා කිචය. ඒ සියල්ලෙන්ගෙම පිට තොප විසින් මිනිස්සුන්ගෙන් ස්වභාවය වෙන් කලාසේ මිනිස් සු අතරම ජනතාව කියා වෙනත් අවකාශයක්ද හදා ඇත. ඇත්ත මිනිස්සු මරුය. මිනිසුන්ව ජනතාවට වේෂ නිරූපනය කෙරූ පසු මරේ මරුය. සියල්ලෝ දේශපාලනිකව වෙජිටේරින්ලා වීමට නියමිත බව පෙනේ. ඒ අන් කිසිවක් නිසා නොව ජනතාවගේ දේශපාලන උද්දච්ච කමය. ඒ පරංගි සදන ලද භෞතිකයක් සහ මනෝ කල්පිතයකි. එය අද දිනුම්ය. ජනතාව දිනුන්ය. මිනිස්සු පැරදිලාය. පරිසර විනාශය ඇත්තක් නම් මිනිස්සුන්ට එය දැනෙනු ඇත. සියලු විනාස සම්බන්ධීකරනය කරන වම සහ දකුනට මිනිස්සුන්ව අල්ලා ගැනීමට උවමනාවක් නැත. ඒකලා නිර්මාණය කරන ලද මිනිසුන් තුළම වෙසෙන ජනතා නැති කුහකයා ගැන මනෝ විශ්ලේෂණය කරන්නවුන් නොදනී. ඇත්තටම ඊඩිපස්ලාව උස්සන රාවනාලාට ගරහන කියා නඩු හදා ගැනීම කම්. ජනතාව කියන්නේ මිනිස්සු නොවන නිසා දයලෙක්තිකය අනුවම විසඳුම අනාගතයේ දී දක්නට ලැබෙනු ඇත. එහෙත් ඒ දකින්නට ලැබෙන නිමේශයේද තිබෙන්නේ වෙන දේශපාලන ප්රශ්නයක් වීමට හැකිය. අදනම් පරංගි මාක්ස් වාදීන්ගේ නියමයන් නිසා අවධි වූ මොහොතේ සිට මිනිසුන්ට ඇත්තේ අන් කිසිවක් නොව ප්රශ්නය. ඒ සියලු ප්රශ්න මිනිසුන්ගේ ප්රශ්න නොව මිනිසුන්ගේ ඊනියා පරංගි මාක්ස් වාදීන්ගේ නිර්මාණය කළ දේශපාලන ප්රශ්නය.
මිනිසුන්ගේ ප්රශ්න ජනතාව නැමති වසංගතයේ වැඩපිළිවෙල් නිසා විනාශ වෙනු ඇත. නමුත් පරිසරයේ ජීවත් වෙන ජනතාව කියන දේශපාලන වසංගතයට ගැටලුවක් වූවාට මිනිසාට එය ගැටලුවක් නොවේ. ජය ගන්නේ මිනිසාය. මෙතෙක් පැවති සියලු මැතිවරන ජයග්රනය කිරීමේ ජනතා වාදයට සාපේක්ෂකව අහඹු බලයක් වූ ස්ත්රීන්ට ජය වේවා. පාවෙන ඡන්ද කියා දෙයක් නැත. ජනතාවගේ තීරණ ශක්තිමත් කරන්නේ ස්ත්රී මත වාදය විනා අන් කිසිවක් නොවේ. මිනිසා සහ ස්වභාවයාගේ අරගලයේදී තවම ස්වභාව ධර්මයා ඉදිරියෙන් බව පරංගි මාක්ස් වාදීන් දැන ගත යුතුය. පරංගි මාක්ස්වාදීන් මිනිසුන්ට ආවේශකළ ජනතාව ඉවත් වීමට නියමිත කාරනා මාරසේ විනෝදයයි.
ජගත් මාරසිංහ
06 04 2021


Powered by Blogger.