මං පොර-ගොඩ පොර-පොර කොර



 "මේ දවස්වල මාරසේ ඔබ මොකුත් නොලිව්වේ ඇයි?"

"වසංගතයක් කියන්නේ මිනිසාගේ පැවැත්ම සම්බන්ධව අභියෝගාත්මක අවස්තාවක්. බ්ලොග්ලියන්නෙකුට උනත් ස්වයං වාරණයක් කරගන්න වෙන අවස්ථාවක්. මම මාරස බ්ලොග් ලිවීම ස්වයං වාරණයකටයටත් කළා."

හේතුව?

කුමන දෙයක් දේශපාලනීකරණය වෙනඑක සාමාන්යක් වුනත් වසංගතයක් වගේ අවස්ථාවක වසංගතය පාදඩ ආකාරයට දේශපාලනීකරණයකට ලක්වුනාම ඒක ඛේදවාචකයක්! මේ මිනිසා මුහුණ දෙන පළමු වසංගතය නෙවේ. අනික අපේ පරපුර කොළරා ආලය සහ මහාමාරිය වැනි කලාකෘති හදාරපු නිසාම වසංගත ගැන දේශපාලනික කියවීමක් ඇති පරපුරක්. ඉතින් දේශපාලනිකව ලියන්න ගිය ගමන් මාරසත් කලදුටුකල වල ඉහගැනීමේ පැත්තට ඉබේම ගාල් වෙනවා. සිදුවන සහෘද මරණ හමුවේ මේ තත්ත්වය තුල මරණයත් අතේ තියන් හුස්මගන්න හැකි අඩුපහසුකම් ඇති වාසස්ථානයකට වෙලා සමහර ලිපි පසුව පලකරන්න හිතන එක වඩා හොඳයි කියලා මාරස තීරණය කළා. පෙරදිග අපරදිග චින්තකයන්ගේ තර්ක විතර්ක අද වියුක්ත, සංයුක්ත වෙළඳ දැන්වීම් වෙලා. අනික බ්ලොක් කරුවන්ගෙන් තබා මොන විද්වතාගෙවත් දේවල් අහන්න විමසන්න මිනිස්සු මේ මොහොතේ සූදානම් නැහැ. මංපොර වූ සමාජයක් කොරෝනාවත් මංපොර නියාමයට විසරණය වී තිබෙනවා. පෙරදිග සහ අපරදිග වෙදුන් පමණක් නොවේ සියලු වෙදුන් පේල් වූ මොහොතක කොරෝනා මිනිසාගේ පැවැත්ම ගැන බරපතල ප්රශ්න ගනනාවක්ම මතුකර තිබෙනවා. කොටින්ම ඒ සියල්ල යට කර මැද පන්තියේ ලුම්පන් බුද්ධිමතුන් පශ්තාත් කොරෝනා සමාජයට සුනිල් යොහානී සංස්කෘතියක් වෙළඳ පොල බලයක් කිරීමට මාර දාර්ශනික වගේ පේන උත්සාහයක නිරත වෙනවා. මං පොර සමාජයක හැටි එහෙම තමා.


මාරස අතිරේකයේ පලවීමට නියමිත "මං පොර - ගොඩ පොර- පොර කොර " ලිපියට මේ සටහන ආරම්භයක්. ආවර්තිතා වගුවේ සිට වෛරස් අර්ත දැක්වීමේ අපරදිග ඇලපති වෙද සීමා පැවැත්මේ අර්බුදය මත ප්රශ්න කළ යුතු මොහොතක මරණය පසක තබා සිය අතීතකාමයේ සිරවී සිටින මාක්ස්වාදීන් ගැන මිනිසුන් අවධියෙන්. "විචිත්රපත්රං මකර ස්වභාවං- "මිරිමින් එකතුවී ව්යාග්රා හොයාපං" කියලා මාරස ලිව්වේ මේ තත්ත්වයටත් පෙර අහසේ ඉඳන්. ඒවා එක්කෝ තේරුනේ නැහැ. නැතිනම් මගහැරියා. තවදුරටත් අතීත කියවීම් ලියන්න ගියොත් මාරසත් මංපොර නියාමය පිළිගත්තා වෙනවා. මේක හේතුවාදීන්ටත් අභියෝග කාලයක්. මොකද මිත්යාව අයිති අවිඥාණයට. අවිඥානය සවිඥානය බවට පත්වෙන්නේ අනාගතයේ දවසක. අනික එහෙම වෙන්නේ නැහැ. ඒක මිනිසා විසින් කළ යුතු දෙයක්. මිත්යාව පලිහක් කරගත් කට්ටියත් තමන්ගේ සීමාවන් අර්භුදයකට ලක් වී ඇති බව දැනගත යුතුයි. දැනට කොරෝනා වසංගතය සමග මිනිසාට පවතින්න ක්රමයක් හදා දෙන්න ලෝක දේශපාලන බලවතුන් සහ ජ්යාතන්තර සමාගම් ප්රාග්ධනය දිවා රෑ වැඩ. සමහර මාක්ස් වාදීන් පවා තමන්ගේ බරපතල වගකීම් අමතක කර සින්දු කියන යුගයක් කොරෝනාවා විසින් ඇතිකළ බවත් ඉතිහාසයේ ලියවෙයි. (මතු සම්බන්ධයි)

 ජගත් මාරසිංහ

  

24 09 2021

අම්මොයි, යන තෙපුලක්වත් නොවැටෙන්නේ සවනේ
නිම්මොයි නැති සෝගිනි ඇවිලෙන්නා කුස තුළිනේ
වැම්මොයි කඳුළැලි දෙනෙතින් වාසින්නයි ඉතිනේ
මම් මේ දුක ඉවසන්නේ කෙලෙස ද නරනිඳුනේ

(පුරාණ වෙස්සන්තර ජාතක කාව්ය )





Powered by Blogger.