සිහිනයෙන් යථාවට

සිහිනයෙන් යථාවට


භූපති නලින් යනු අපේ පරපුරට පසු පරපුරක උපන් ‌තවත් ආදරණීය කොල්ලෙකි. කොල්ලෙක් කීවේ වැනෙන පරඬැලක් නොව තමන්ට හිතුනොත් තමන්ගේ විභවයේ සැබෑවටම ජීවත්වන කොල්ලෙක් කියාද සටහන් කළ යුතුය. කොටින්ම ‌මා කොල්ලා කියා කියන්නේ වයසට ගියත් කොල්ලා යන මානසිකත්වයේ වැජඹෙන උන්ටය. ඒකාගේ කටහඬ මාර ලස්සනයි වගේය. දර්ශනය කතාකරන්නට ගියොත් ඊටත් හපන්ය. නමුත් අප දෙදෙනාගේ ආධ්‍යාත්මය සහ ‌ භෞතිකය සම්බන්ධවනම් ගැටලු නොතිබෙනවාද නොවේය. නමුත් ඒ ගැටලුද මාර  සුන්දරය. කොතරම් සුන්දරද යත් වරෙක කතාව කෙටියෙන් උවද අප දෙදෙනාද අහසේ සිට බිම ගැන කතා කර තිබේ. එළෙසම බිම සිට අහස ගැනද කතා කර තිබේ. නමුත් ඒකා සමග කතා බහ කරන විට අහසත් පොළවත් නැති වෙනත් තැනකද සිට අප ගැනද කතා කළ හැක. ඒ සිහිනයක් නොවේ කියන්නත් නොහැක. යථාවක් නොවේ කියන්නටද නොහැක. ඒ නයින් සලකා බලන කළ අපේ පරපුරේ මා මාර වාසනාවන්තයෙකු ලෙස මට දැනේ. ඒකා සමග සිනමාව ගැන කතා කිරීමට මා බොහෝ කැමතිය. මක් නිසාද ඒකාගේම භාෂාවෙන් ඒකාට සාධනය කළ නොහැකි දෙයක් කියන්නේ නැති නිසාය. නමුත් ඒකාගේ සාධනයත් මගේ සාධනයත් අහසටත් පොළවටත් හපන්ය. අවසානයේ සිහිනයේත් යථාවේත් ගැටුමක්ද නැත.

මගේ නම මම විසින් තබාගෙන නොමැත. මගේ ඉගෙනීමද මට හිතුන ආකරයට කර නැත. මගේ අවශේෂ දැනුමද මා විසින් සංවිධානය කළ මෙහෙයවා ගත් දෙයක් නොවේ. නමුත් මට මේ බව සිතුනේ මගේ පුතුයයි කියා සමාජය විසින් හඳුන්වන ගුරු පුතා මට චිත්‍රපටයක් පෙන්වූ දා සිටය. ඒ සිහින සම්බන්ධව චිත්‍රපටයකි. අර්ධ ඇල්කොහොලික් මතින් එක දිගට ඒ සිනමා පටය මා නැරඹුවේය. මට ලෝකයේ මාර දෙයක් ඒ සිනමා පටය ඉගැන්නූවා සේය. ඒ සිහින සම්බන්ධ චිත්‍රපටයකි

ඒ චිත්‍රපටයේ වතගොත ඔබට අන්තර්ජාලය හරහාද සොයා ගැනීමට හැකිය ඒ සිනමා පටය නැරඹූ පසු මට හැඟී ගියේ සිහින යනු මගේ ආත්මය සේය. නමුත් අප නින්දේදීත් පියවි ලෝකයේදීත් දකින සිහින පාලනය කළ හැකි බවත් ඒ මෙහෙය වන්නාද අපේ වරක මිතුරෙකු බවත් මම තේරුම් ගතිමි. කොටින්ම මා තවම ජීවත් ‌වන්නේ සිද්ධාර්ථයන්ගේ සිහින සහ කාල් මාක්ස්ලාගේ සිහින තුළ නොවේදැයි වටහා ගතිමි. නමුත් මගේ සිහින මෙහෙය වන්නා ගැන මා ඊට පසු සෑහෙන කලක් සොයන්නට හිතන්නට ඇත. මේ සම්බන්ධව සටහනක් ලිවිය යුතු බව මට මගේ සිහිනයක් යම් බලපෑමක් කළ නිමේශයේ මම ඒ සිනමා දැක්ම සිහිනෙන්  දකින්නට පටන් ගත්තෙමි මගේ ඈතින් සිටියද මට අනුව මගේ හදවතට කිට්ටුවෙන් සිටින භූපති නලියාගෙන් මම එහි නම විමසුවෙමි. ඒකා ඒ සිනමා පටය ගැන කියාගෙන කියාගෙන ගියේ මගේ සිහින හදවත අතට ගෙන කියවාගෙන යනවා සේය. නමුත් වැදගත් වන්නේ පැය ගණනාවක කියවීමක් ඒකාට විනාඩි පහකට දහයකට ලගුකර ගත හැකි වීමය. 

මම නැවත සිහිනයට ගියෙමි ඒ චිත්‍රපටයේ නම INCEPTION ය. කොටින්ම අපි සිහිනයක් දැකීමටනම් සිහිනය කළමණාකරනය කරන්නා සිටින්නේ අපි ගාවම බව දැනගත යුතුමය. සිහින දකින අළුත්ම අලුත් කොල්ලන්ට මේවා ගැන ලියනවා සේම සිහින ‌දකින නමුත් ඒගැන නොකියන වයසක පරම්පරාවටද මේ ගැන නව මානයන් ඔස්සේ සිතන්නෝ ලියනවානම් වඩා මරු යැයි මට සිතේ. අළුත් කොල්ලෝ ලියනවානම් වඩාත් මාරය. 

නිදාගෙන පෙනී සිටින සිහින වල විද්‍යාවක් අපේ කලාපයටද තිබේ. සෘග් වේදයෙන් පමණක් නොව බුද්ධ සිතීමේ විදිහටද මේවා ගැන අටුවා ටීකා තිබේ. තන්ත්‍රයානය නම් මාරම සිහිනයකි. සිහින දැකීමේ මාන තුනක් ඔස්සේ සාමාන්‍ය ජනවේදයෙන්ද මාර විද්‍යාවක් බිහිවී තිබේ. අපට පාලනය කළ නොහැකි සිහින පෙනෙන්නේ මධ්‍යම රාත්‍රියේ බව ඒ දැනුමේ සටහන් වී තිබේ. නමුත් මටනම් සිතෙන්නේ වඩා භයානක සිහින පෙනෙන්නේ නිදාගත් විට නොව අප අවධියෙන් සිටින විට බවය. කෙසේ නමුත් අපේම වූ සිහින පාලනය කරන්නා සිටින්නේ අප තුළම බව මනෝවිද්‍යාඥයන්ටවත් නැතිනම් දාර්ශනිකයන්ටවත් ආගමික කෘවරුන්ටවත් දීමට කැමති වීමට අප එකඟ විය යුතු නැත. ඒ සිහින අපේය. එවා කළමණාකරණය කරගත හැක්කේද අපටමය. ඒ සියලු සිහින සම්බන්ධව දැනුමේ සම්ප්‍රයුුුුක්ත ‌රේකාවය. මීට වසර ගණනාවකට පෙර මාව මරණීය සිහිනයකින් අවධි කළ ක්රිස්ටෝපර් නෝලන් මට සිහිනයක් වූවා සේ්ය. භූපති නලින් සහෘදයාද ඊට අද මා සමග සම්බන්ධ විය. මගේ සිහිනය මගේය. මම කියා කෙනෙක් නැතැයි කියන කතන්දරද සිහිනයක් මත ඇතැයි මට සිතේ. ඉතින් සිහිනය  යථාවක් සේ දැකිය හැකි වුවත් මා නම් පතන්නේ සිහින මට සිහිනයක්ම වේවා කියායි. මක්නිසාද සියලු සිහින කළමණාකරණය කරන්නේද අප නිසාය.

ජගත් මාරසිංහ

2021 12 14




1 comments:


Powered by Blogger.