සිද්ධාලේප වෙද මහත්තයා සහ වල්පොපො රාහුල හිමිගෙන් ඔබ්බට.....!

සිද්ධාලේප වෙද මහත්තයා සහ වල්පොපො රාහුල හිමිගෙන් ඔබ්බට.....!


      මම ලියන්න හදන්නේ සිද්ධාලේප අධිපති හෙට්ටිගොඩ ගැනද නැතිනම් දේශපාලනිකව මහා විදිහට බුද්ධ ධර්මයෙන් මාක්ස්වාදය ගැන ලියන ගල්කන්දේ හාමුදුරුවන් ගැනද යන්න මාරස  දහස් වර සිතා ඇත. ඒ අන්හේතුවක් නිසා නොව අපේ හාමුදුරුවනේ වල්පොළ යන නාමය ඔබ සමග සම්බන්ධ වන නිසාය. මා දන්නා පමණින් හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩගේ ජීවිතය සහ ග්‍රහයෝ ග්‍රන්ථය නැවත කියවා හරිවැරදි බෑලුවේ වල්පොළ හාමුදුරුවන්ය. එයා හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩයන්ට ඇති නෑදෑ කම මම දනිමි. ඒ දන්නා හැටි අසා ගත යුත්තේ නැසී ගිය හෙක්ටර් හෙට්ටිගොඩයන්ගෙනි. එයාලා නැසී ගියත් මගේ කාලයේ නැසීගිය අයගේ අත් සටහන් මා සතුව තියෙන්නට ඉඩ ඇත.සියල්ල නවතා බුදුන්ගේ කේන්දරය ගැන ‌හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ ලිවූ දෙයක් මා උපුටා දක්වන්නේ අපේ ගල්කන්දේ හාමුදුරුවන්ට නොව පාඨක හුදී ජනතාවටය. ගෝලයෙක් කියන එකත් බලයක් හාමුදුරුවනේ. මෙන්න බුදුන් ‌ගැන හෙන්දිරික්ද සිල්වාගේ කේන්දර විග්‍රහය. ගල්කන්දේ හාමුදුරුවෝ කතා කරන්නේ සම්භාව්‍ය බුද්ධාගම නිසා මේ දේ බලා තිබෙනවාද නැතිද යන්න මාරසට අදාල නැත. මාරස අදහන්නේ නිකන් ඔහේ බුද්ධාගමය.
"ගර්භණීව සිටින මවකු ළමයා ලැබීම පිණිස ස්වකීය මව් පියන්ගේ ගෙදරට යද්දී අතර මග ගහක් යටදී ප්‍රසූතය විය. ඒ ලමයා ලැබී හත් දවසකින් මව් කාලක්‍රියා කළාය. ඉගෙනීම පිණිස යැවූ සෑම තැනකදීම ගුරුවරුන් හෙලා දැක ඒවායේ නොයැදුනේය. ඉතා ලක්ෂණ රූමත් තරුණ කාන්තාවක් නියම වයසේදී පියාගේ දැඩි උත්සාහයෙන් විවාහ කරදෙන ලදී. පියාගේ සියලු දේපලත් බලතලත් පැවරූ නමුත් ඒවා නොපිළි ගත්තේය. කෙසේ හෝ වේවා විවාහ වී දහතුන් අවුරුද්දකට පසු සුරතල් පුතා ලැබුණ දවසේ රාත්‍රී කිසිවෙකුට නොකියා සියලු අන්දමේ සුවපහසුකම් ඇති ගෙදරින් හොරාම පිටවී ගියේය. එසේ ගොස් සන්‍යාසින්ට එක්වී ඔවුන්ගේ ඇඳුම් ඇඳගෙන ගෙයක් ගෙයක් ගානේ රොඩී කුප්පායමක් නෑර හාඟා කමින් ඇවිද්දේය. පසුව ඔවුන් සමගද කලකිරී වනගතව මනුෂ්‍යයෙකුට විඳින්නට තබා සිතන්නට බැරි දැඩි දුක් විඳ ආපසු ස්වකීය රටටම විත් පෙර සේම ගෙයක් ගෙයක් ගානේ හිඟා කමින් ඇවිද්දේය. බලවත් වංශවත් පියා තමාට නින්දා නොකර වෙන පලාතකට ගොස් එසේ කරන්නටය කී නමුත් එය නොඇසුවේය. මෙසේ වරින් වර අනුන්ගෙන් ලැබුණ ලැබුණ හැටියට රස ආහාර හෝ කටුක ආහාරද බුදිමින් විශාල ගෙවල් වල හෝ පිදුරු මඩු වලත් පට්ටල් ආදියේ පමණක් නොව ගස් යටද වාසය කරමින් එසේම වරින් වර උසස් ගරු නම්බු වරින් වර නින්දා අපහාසත් විඳ විඳ සිට අන්තිමේදී නිතර පැවතුන බඩේ අසනීපය ගැන ‌නොසලකා ඌරු මස් කා පාචන රෝගයක් සාදාගෙන ඇල්වතුර බිබී පයින් ඇවිද ගොස් අනාත මහ ජනයාගේ තිප්පලවල් වූ රාජ්‍යයේ උයනක ගහක් යටදී සියලු ඤාති මිත්‍රාදින්ගෙන් වෙන්ව ගෝලයින් කීප දෙනෙකු බලා සිටියදීම මළේය.
මේ හෙට්ටිගොඩයන්ගේ සැබෑ මහපොළව දත් හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩයන්ගේ පොතකින් උපුටා ගත්තකි. ඒ මාරය. ජ්‍යෝතිෂයෙන් කියවන්නෙකුටවත් ඒ අදහස අහසින් පොළවට වැටෙන බව නොදනී. මා හමුවීමට නිතර පැමිනෙන හෙක්ටර් හෙට්ටිගොඩ සහ කුසුම් හෙටිටිගොඩවද සිහිපත් කරමි. කුසුම්ගේ පළවෙනි විවාහට පමණක් නොව ඇය නිසාම කිංස්ලි ගුණතිලක මහතාවත් සිහිපත් කරමි.
මම ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් ගෙන් ඉල්ලා සිටින්නන දෙයක්ද තිබේ. මාක්ස්ලා සහ දේශපාලනයට එපිටින් හදවතක් තිබූ වල්පොල හාමුදුරුවන් ගැන නිහඬව ඔබ වල්පොල හාමුදුරුවන්ගේ දේශපාලනය ගැන කතා කරන්නේ කිම්දයැයි අපි දනිමු. ඒ නාගරික විප්ලවයේ පසුගාමිත්වයයි කියා හිත හදා ගන්නටද බැරිය. ඒසේනම් මෙසේ කියමු. වල් පොළ හාමුදුරුවනේ තවත් ඔබේ ඥාතියෙක් යන්නම ගියා. ඒ සිද්ධාලේප. ගොඩක් දේවල් තියනවා. පස්සේ ලියන්නම්.කෙසේ උවද ඒවා පසුව ලියන්නම් හාමුදුරුවනේ. සිද්ධාලේප හෙට්ටිගොඩයන්ට මා නිවන් සුව පතන්නේ එතුමාගේ මනුෂ්‍ය කම් මා දන්නා නිසයි. ඒවා ධනේශ්වරය අනුව ක්‍රියාත්මක වන ආකාරය අවැසිනම් මා පසුව ධර්මයෙන්ම ලියන්නම් කියන්නේ නැත්තේ පව් නිසා නොව ආදරය නිසයි.

ජගත් මාරසිංහ
07 04 2022

1 comments:

දයා පතිරණ මම කැමති සිසු නායකයෙක්. ජවිපෙ සහෝදරයන් ඔහුව ඝාතනය නොකළ සාකච්ඡා පමණක් කළා නම් ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට තිබුන.


Powered by Blogger.