ආඬි හත්දෙනාගේ කැඳහැලිය වෙනුවට ....!


                          ආඬි හත්දෙනාගේ කැඳහැලිය වෙනුවට ....!


දේශපාලන පක්ෂ එකතුවී සංධානයක් ගොඩ නගා ආන්ඩුවක් පෙරලා දැමීම වෙනුවට ජනබලවේග සංවිධානය කර ඒවා සංධාන ගතවී ඔවුන් සියල්ලගේම ඒ මොහොතේ සතුරා වන පවතින ආණ්ඩු පෙරලා දැමීමේ නව දේශපාලන සංකෘතියක් බිහිවෙමින් පවතිනවා. පක්ෂ සංධාන එකක් පෙරලා දැමීමට ජනබලවේග වශයෙන් විශාල සංධානයක් නිර්මාණය කිරීමේ ප්රවනතාවය ජාතික හෝ ජාතික මෙන් පෙනෙන සතුරා පරාජය කිරීමේ උපාය මාර්ගයක් සේ පසු කාලයක විස්තර වෙනවා ඇති. අතීත පූර්වාදර්ශ පැහැදිලි නැති වුවත් මේ ජනබලවේග පසුපස පවතින උපාය මාර්ගය සහ වැඩපිළිවෙල සම්බන්ධව අතිත කාමය ලෙනින්ලාගෙන් හිරවූ කණ්ඩායම් නිසා එක ජන බලවේගයක් නිහඩ කිරීමෙන් බලවේග සංධානයම පරාජය කළ හැකිබව සිතිය යුත්තන් නොසිතන බව කිව හැක්කේ අතීත දේශපාලන බලවේග සමහර අවස්ථාවල සිය දේශපාලනය භෞතික ලෙස පෙනුනත් සැබෑවෙන් ආගමික සංවිධාන ලෙසද විග්රහකරගත හැකි බැවින්. මේක හරියට ඩිජිටල් ගේම් එකක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්. ඉවරයක් නැති අරගල රැල්ලක පූර්වාදර්ශයක් නිර්මාණය වෙන්නත් හැකියි.
ලෝක සංග්රාම වලදිත් රටවල් රටවල් එකතුවී සතුරා තනිකර පහර දීම ගැන අතීතයේ පාඩම් නැත්තේමත් නැහැ. ඒ දේවලුත් ප්රාතමික විදිහට කවුරු කවුරුත්සි සිතා බැලීම දේශපාලන න්යායික සිහින දකින්නන්ට කාලෝචිත විය හැකියි. මාරසත් වධියෙන් බලා සිටිනවා මේ නව ප්රවනතාවය දෙස. මේ දේවල් විග්රහ කරගැනීමට නොහැකි ජනමාධ්ය පවා මේ වන විට මාධ්ය ප්රාග්ධන පාරිභෝගයන්ගෙන් ඈත් වෙමින් පවතිනවා. ඒ අතරේ මිනිසුන් මංපොර ප්රවනතාවයක් පිමි පැනීම නිසා එක ජන බලවේගයක් අනාගත්තොත් හෝ දියාරු වී ගියහොත් සිදුවන්නේ කුමක්ද යන්න වැඩිදුර විස්තර කළ යුතු කාරණයක් නොවේ. මේවට අනාවැකි කීමට හැකි ආකාරයට අනාවැකි පැවසීමේ ක්රමවේදයත් නවීකරණය වීම අනිවාර්යක්.
දේශපාලන අනාවැකි කරුවන්ගෙන් කම් කිම්. එයාලා දක්ෂ දෙයක් සිදුවූවාට පසු විස්තර කිරීමට පමණයි.
( චිත්රය- Don Quixote de la Mancha (1605) බටහිර බටහිර සාහිත්යයේ ආරම්භක කෘතියක් වන එය බොහෝ විට පළමු නූතන නවකතාව ලෙස ලේබල් කර ඇත. මුලින්ම ප්රකාශයට පත් කරන විට, දොන් ක්වික්සෝට් සාමාන්යයෙන් විකට නවකතාවක් ලෙස අර්ථ දැක්වීය . ප්රංශ විප්ලවයෙන් පසුව , සමාජය බෙහෙවින් වැරදි සහ අධෛර්යමත් වන අතර පුද්ගලයන් නිවැරදි විය හැකි බව එහි කේන්ද්රීය ආචාර ධර්ම සඳහා වඩාත් ප්රසිද්ධ විය. 19 වැනි සියවසේදී එය සමාජ විවරණයක් ලෙස සැලකුවද, "සර්වන්ටේස් සිටියේ කාගේ පැත්තේද" යන්න කිසිවෙකුට පහසුවෙන් කිව නොහැකි විය. බොහෝ විචාරකයින් මෙම කෘතිය ඛේදවාචකයක් ලෙස සලකනු ලැබුවේ දොන් ක්වික්සෝට්ගේ විඥානවාදය සහ උදාරත්වය පශ්චාත්-චෛවවාදී ලෝකය විසින් උමතු ලෙස සලකන අතර පොදු යථාර්ථය විසින් පරාජයට පත් කර නිෂ්ඵල බවට පත් කරන ඛේදවාචකයක් ලෙස ය. 20 වන ශතවර්ෂය වන විට, නවකතාව නූතන සාහිත්යයේ එක් පදනමක් ලෙසද සලකා තිබේ. දොන් ක්වික්සෝට් බැටළු රංචුව සමඟ සටන් කරමින් ඔවුන්ව හමුදාවන් දෙකක් ලෙස වරදවා වටහා ගත් ආකාරය චිත්රශිල්පියෙකු දුටු ආකාරය මධු මතින් අන්තර් ජාලයේ සැරිසරණ අවස්ථාවක මට මුණ ගැසුන බවද සඳහන් කළ යුතුය.)
ජගත් මාරසිංහ
19 01 2022


Powered by Blogger.