උපන්දිනයේ ආදරය සහ භීතිකාව

Wඋ

සර්පයා වනාහී විෂකූරු සතෙකි. මම ඉන්දියානු බාබලාගේ ආධ්‍යාත්මිකත්වයේ සහ ජර්මානු නොව යුදෙව්වන්ගේ දයලෙක්තිකය ගැනද සොයා ගියේ මන්ද යැයි මා දන්නේ නැත. ඒ අවස්තාවේ මගේ දූ උපේකා කීවේ තාත්තේ මහ ඉර්ෂි නම් නව බාබා කෙනෙකු විසින් සර්පයන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මහා විශාල බව කියනා බවය. ඒ කියන්නේ ලංකාවේ සර්පයෙකුට අනතුරක් උවහොත් ඒ කෙලින්ම ආධ්‍යාත්මික ශක්තියෙන් ලෝකයේ කොහේ ඉන්න සර්පයන්ටත් දැනෙන බවය. ඉන්දියානු බාබාලා කියන්නේ සෙල්ලම් බඩු නොවේය. කොටින්ම දයලෙක්තිකය වෙන පැත්තකින් ටච් කරන පොරවල්ය. මේ මා ලියන ඊ පවුරේ අයිතිකාරයා කෙසේ වෙතදු ඒ නිර්මානය කළ සකා කොල්ලාද එහි ගෞරවය දෙන්නේ ඉන්දියානු කරොලි බාබාටය. ස්ටීල් ජෝබ්ද එසේමය. එසේනම් මේ ආධ්‍යාත්මික ශක්තියේ (spirtual energy) සැබෑව දයලෙක්තික කරන්නට නොව ඊට ඔබ්බෙන් ඇති මගුලක් යයි මාරයා නැමති චින්තන පිස්සා සිතන්නට ඇත. ඒකා ඒ සොයා ගිය ගමනේදී ඒකාට සර්පයෙකු සමග සටන් වැදි නම් පොතක් ලිවූ කේ කේ සමන් හමුවිය. කිසිදා තමන්ගේ නියමයන්ගෙන් පිට නොපැන එහෙත් ගැහැනියකගේ පැන්ටසිය සිය හිසේ තබාගෙන ඒකා දේවල් කරනවාසේය. එහි යථාව හෝ සැබෑව තේරුම් ගැනීමට තව කල්ප ගානක් ගතවනවා ඇත. ඒ මා කියන ලද්දේ දයලෙක්තිකයේ සංවර්ධනය කියන පසුගාමී න්‍යායෙන් නොවන වග විදර්ශනලා වටහා ගන්නේනම් අගනේය. මක්නිසාද ආධ්‍යාත්මික ස්ත්‍රියක්වන් ලෙලදීමට නියමිත ගීතයෙන් අනන්තය වූ ගීතිකාලට ඒ කාහල නාදයක් වනු ඇත.

අද මගේ උපන් දිනයයි. දින දර්ශනයේ විදිහට මේ ජුලිස් සීසර්ගේ කැලැන්ඩරයේ පරිවර්තනයයි. ක්‍රිස්තුස්ට උපන් දින තුනක් තිබේ. ඒ දෙසැම්බර් 25 ය. ඒ සීසර්ගේ කැලැන්ඩරයයි. පසුව මුන් ලෝකයෙන් ‌මහා කොටසක් අල්ලා ගත්තාට පසු ‌ජ්‍යෝතිෂයද අල්ලාගෙන දින දර්ශනය වෙනස් කරන ලද්දේය. අහෝ දුකකි. එයාලා කියන ක්‍රිස්තු වර්ෂය අනුව ජේසුස් වහන්සේගේ උපතට දින තුනක් නියම විය. ‌එකක් දෙසැම්බර 25ය අනික ජනවාරි පළවෙනිදාය. නමුත් සැබෑ මිනිසුන් කියන ආකාරයට ඒ ‌ජනවාරි 07 විය යුතුය. ඒකාලා එසේ කියන්නෙ වල්ගා තු ගමනේ චලිතය අල්ලාය.

කෙසේ නමුදු ආධ්‍යාත්මික ශක්තියේ සර්පයන්ගේ ඇති ඒ දැනීම දයලෙක්තිකව හෝ දැකීමට මට සර්පයාගෙන් කිසිත් ලැබී නැත. ‌ආතල් ගනිමින් මේ ලියන්නේ කේකේ සමන් නැමති සර්පයා ගැනය. නමුතු කලාව සම්බන්ධව ලෝක ඉතිහාසයේ ශබ්දකෝෂයකටත් වඩා දැනුමක් ඇති ඒකා එදා මා සමග සිනමාව ගැන කතා කරන අවස්ථාවක ට්‍රින් ඩ්‍රම් නම් වූ සිනමා කෘතිය මට මාර දෙයක් විය.

අද මගේ උපන් දිනයයි. වහරන දින දර්ශන වලින් නොව ස්වභාවයාට අනුව සකරාජ දින දර්ශනයෙන් ඒ ‌එසේය කියන සම්මුතියක් මා සිතින් සාදාගෙන ඇත. 

මචන් සර්පයා. ට්‍රින් ඩ්‍රම් මට කිව්වේ මා ගර්භාෂයෙන් එලියට ආවේ මා නිසා නොවන වග බවය. අම්මා තටමා මා එලියට දැමූ බවය. එදා ඇතිවූ වෙරය සමග සෑම පීඩිත අවස්තාවකම මා සොයන්නෙ තාත්තාගේ දනහිස නොව අම්මාගේ ගර්භාෂයයි. මේ ඓතිහාසික සංකල්පයක නව පරපුර ගොඩාක් අවධියෙන් සිටිය යුතු සංකල්පීය දැනුම නොව ජීවිතයේ සුසර වීමට ඇති සැබෑ මගයි.

ඉතින් අද මගේ උපන් දිනය නැමති සං‌කේත අර්ථය  සිතින් මවාගෙන ට්‍රින් ඩ්‍රම් සිනමා පටයේ මෙන් අම්මා මා තටමා මගේ කැමැත්තක් නැතිව එළියටම දැමූ වීරෝධයෙන්ම සිටිමි. ඒ විරෝධය සදහටම නොව සංසාරයටම පවතින බව සැබෑවකි. කරන්නට දෙයක් නැතිම තැන ඒ විරෝධයද මා පැන්ටසියක් කරගත්තා සේය. දුක කදුළ යන සංකල්පයන් ගෙන් බැහැරව වෙන සතුටක් සොයන මට වුවද කෙසේවත් අම්මාගේ ගර්භාෂයෙන් මා විතැන් කිරීමේ විරෝධය නවතා දැමිය නොහැක. ප්‍රොයිඩ්ලාට වඩා මටනම් ට්‍රින් ඩ්‍රම් සමීපය. එනිසා ආදරය සම්බන්ධව ජීවිතය තිබෙන තුරා මා අදහනු ඇත. සොයනු ඇත. ලියනු ඇත. 

සැබෑවට සිහිකළ හැක්කේ අම්මා බලෙන් මා එලියට තටමා දැම්මා යන සැබෑවෙනි. නමුත් මා කෑ ගසන විට ඈ විකල්පයක් දුන්නාය. එ පියවුරු වලින් ගලා හැලෙන රුධිරය. ඒ කියන්නේ කිරි යනු රුධිරයේ විකල්පයක් වන් දෙයක් වගේය. ඉතින් මචන් මගේ උපත යනු කාගේත් උපතම වන්නේය. මට නොව නුඹලාට සදාකාලික උපන්දිනයක් වේවා පතමි.

ජගත් මාරසිංහ

2022 02 18


Powered by Blogger.