මැකී ගිය තිලකය

                                    මැකී ගිය තිලකය

කළ්‍යාන මිතුරන් සම්බන්ධව සිද්ධාර්ථ හෝ මහාවීර හෝ කාල්මාක්ස් හෝ කවුරු කීදේවත් මට අදාල නැත. මට අදාල වන්නේ මගේ හදවතයි .පසුගිය දින කීපයේම  මාගේ මිතුරෙකු මැරෙන අයුරු ඊ පවුරේ සටහන් වල දමා ඇත. ලිව්කේමියා රෝගයෙන් බේරා ගැනීමට පදනමක් ඇත්තේ බටහිර නොවන දෘෂ්ටිවාදයක් ඇති යම් යම් විධික්‍රම වලට පමණි කියා දැන් තවත් බිය නැතිව කියමි. මාරස යමක් කියන්නේ ඒවායේ ප්‍රතිවිරෝධයන් ගැන ජීවිතයෙන්ම සිතාය.තිලක් මියගියේ ‌භෞතිකවයැයි ගන්නා විට හදවතේ චලිතයද මොළයේ චලිතයද හමාරය. මාරසට හිතෙන්නේ සමහර සාම්ප්‍රධායික සිරිත් විරිත් වනාහී මිය ගිය එකාව නැවත වෙනත් ආකාරයකින් ජීවත් කරවීමට හදනවා මෙන් වැඩක් කියලාය. තිලක්ට අද පාංශුකූල සිරිත් විරිත් කරන්නට ඇත. හාමුදුරුවන් වහන්සේලා විසින් ඔහුගේ ඉතිහාසය අළුත් අර්ත කතනයකින් මිනිසුන්ට ප්‍රතිනිර්මාණය කරන්නට ඇත ඉන්පසු ඔහු සමග සිටි සමීපතමයෝ මියගිය ඔහුව නැවත වෙනත් කෝණයකින් ප්‍රතිනිර්මාණ කරගන්නට ඇත. ඒ දේහය කුණුවී මිනිසුන්ට ගඳගසන බැවින් වල දමන්නට හෝ පුච්චා දමන්නට ඇත. නමුත් මාරස පෙර කීවා සේ හුදී ජනයා විසින් සැබෑ තිලක් පසක තබා අළුත් තිලකයෙක් බිහි කරනු නියතය. මතක තබා ගත යුත්තේ ඒ බිහිකරන තිලක් වරක් ශාන්තිවාදියෙකු වනු ඇත. වරක් ප්‍රචන්ඩ පුද්ගලයෙකු වනු ඇත. වරෙක කාලකන්නියෙකු වනු ඇත ඒවා මාරසට කම් කිම්. 
මිනිසෙක් මළ පසු සමාජය විසින් ඇතිකරගන්නා වූ නිර්මිතවල කුහක ආත්මය කුමක් හෝ වේවා මාරසගේ භාෂාවෙන් පවතින සමාජ ක්‍රමයේ නුඹ වන් මිතුරු ආදරයක් දැක ඇත්තේ අතලොස්සක් දෙනෙකුගෙන් පමණි. මාරස ආදරෙයි කියන්නේ හදවතට දැනෙන නිසා විනා දාෂ්ටි වාද නියමයන්ට යටත් වී නොවේ. කිසිදෙයක් මාරස නොපතමි. මිත්‍රයෙකුගේ මරණීය හුදකලාවක සිට මම මෙසේ කියමි. 
ආදරෙයි මචන්.....!
ආදරය යනු ස්වභාවයාගේ එකඟතාවක් ලෙසද සිතිය හැක. අරගලය සමග ජීවත් වන මිනිසාට මිනිසා සදහටම නැතිවී ගියද ඒ එකඟතාව පවතිනු ඇත. ඒ නිසාම මම නුඹට සදහටම ආදරේ කියන්නම්. සමහර දෘෂ්ටි වාද අනුව කොහේ හරි ඉන්නවානම් නිවාඩුවක් ලැබුනොත් ඇවිත් යන්න වරෙන් මචන්.
ආදරෙයි!
ජගත් මාරසිංහ‍‍
 2022 03 21


Powered by Blogger.