2022 සිහල ‌දමිල නොව ලෝක වාසීන්ගේ කිරිඉතිරීමක්ව වන්නේය!





2022 සිහල ‌දමිල නොව ලෝක වාසීන්ගේ කිරිඉතිරීමක්ව වන්නේය!

මහා යුද්ධයක් විය. ශක රාජයෝ ද,
ආරණ්‍ය සේනාපතීහු ද,
බිහිසුණු සේ යුද වැදුණහ.
ඔවුන්ගේ අශ්ව කුරයෙන්
සියලු කෙත් වතු පාලු විය.
ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ
"කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?"
"ඔබ සඳහා" යැයි දෙගොල්ලෝම හඩ නගා පිළිතුරු දුන්හ.
"අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ ,
ඔබ සඳහා නියතයෙන්ම බිහි වන්නෝය"

සයිමන් නවගත්තේගමගේ සාපේක්ෂණිය පොතේ මුලින්ම පිටුවක් වෙන් කර ඇත්තේ මේ ටික උපුටා කියන්නටය. සයිමන්ට ඉතිහාසය අතැඹුලකි. සයිමන්ගේ අවසාන කාලයේ ඔහු වැඩි වැඩියෙන් සොයා ආවේ මාරයාවය. ඇත්තටම ඒ ලස්සන සංකේතයකි. ඒ ගැන චින්තා සහ රසික රන්දික පරපුර සමග මගේ භාෂාවෙන් ගොඩක් දේ කියන්නට ඇත. නමුදු උනගේ පරපුරෙන් පරපුරකට උරුමකර දුන් දෙයක්වේනම් ඒ තාම උනගේ පරපුරෙන් කියවී නැත. මන්ද දැන් යන්නේ උනගේ පරපුරෙන්ද පසු පරපුරක ආතල්ය. ඒකලාගේ දැනුම සම්බන්ධව ඉතා ඉක්මනින් ඉතිහාස සටහනක් ජීවමානව බිහිවෙනු ඇත. මාස්ටර් පෝන් එකට වඩා අවි ආයුධ සහිත රාජ්‍ය ආරක්ෂකයන් මාර බව ඉදිරියේදී සටහන් වීමට එතරම් කල් ගත නොවනු ඇත. පවතින ක්‍රමය වෙනස් කිරීමට අවි ආයුධ අවැසිබව නව පරපුර තේරුම් ගැනීමට රුධිර සාම්පල් අවශ්‍ය වීම ඉතිහාසයේ අගම් දහම් බිහිවූ පැරණි ඉතිහාසයේම කෑල්ලකි. ඒ සම්බන්ධව සිසැග් ජිජැක් මොනවා කියලා ඇතිදැයි දන්නා නමුදු ඒවාට අයිතිකාරයන් සහ කණ්ඩායම් ඇති බැවින් නිහඬ වන්නේ එයාලාගේ ශක්තියෙන් මැද පන්තිය කියාගන්නා කොටස් සියල්ලම මේ නිමේශයේ මහ පාරේ නිසාය. මීට නියම උත්තරය දුන්නේ මහින්ද දේශප්‍රියය. මාරස ඒකාට සලකන්නේ ඒකාගේ පවුල නිසාමය. සුනන්ද දේශප්‍රියගේ සහෝදරයෙකු ඒකා චූටි කාලේ කුමන සෙල්ලම් කරන්නට ඇතිද යන්න මාර ආතල්ය. ඒකා රටේම සිවිල් අර්ථයෙන් ආදරය දිනාගෙන ඇත. සරත් පොන්සේකාට මෙන් ඒකාට රට බාරගැනීමේ නායකත්වය ගන් කීවාට කිසිදා ගනීද යන්න මාරසටනම් ගැටලුවකි. මක්නිසාද ඒකා අම්බලන්ගොඩය. අම්බලන්ගොඩ කුළ වාදීවද දෙපැත්තකි. ඒකලාගේ අදහස් අර ගලේ කෙටූ අකුරු වැනිය. දේශප්‍රියලා දේශය ප්‍රිය කරන පැන්ටසියෙන් කවදා මහපොළවට බසීද යන්න සම්බන්ධව කිව යුත්තේ ‌එවන් පරපුරවල් මාධ්‍ය ප්‍රාග්ධනය විසින් ඒකලාගේ සංවර්ධනයේ සංකේත කරගන්නවා නොව කරගෙන හමාරයි වගේ ඇහැට කනට දැනෙන නිසාය.

 කාල්මාක්ස් කියන හාදයා කතාකළ දේවල පදනම රටක ආර්ථිකයයි. අද මාක්ස් ගැන සඳහන් කිරීමට දන්නා අයද මාර විදිහට උද්ගෝෂණයේය. මාර සටන් පාටය. ඒවා නව ලිබරල් සටන් පාටය. ඒවා තාම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මාර කියන ප්‍රන්ශයේවත් නැත  කියා ලිවිය හැක්කේ ඕනෑම බරපතල දේශපාලන ගැටලුවකදි පෙනීසිටින බව සඟවමින් ප්‍රන්ශයත් ඇමරිකාවේ පැත්ත ගන්නා නිසාය. හෙමින්වේගේ "මහල්ලා සහ මුහුද" කියවා මාරස එකල තක්බීර් විය. ඒ පුංචි පොත රසිකයන්ට හෝ කාට හෝ  මානසික ආතතියක් ඇති ඇති කළා යනු නියතය. මුහුද ජීවිතය ලෙස ගත්තේ හෙමින්වේ ට පෙර  බුදුන් වහන්සේ පමණක් නොව. මහාවීරයන්ද මහ මුහුදක් වූ බව ඕෂෝ පවසන්නේ තම පරපුර ජෙයිනා වාදීන් නිසා බව ඒකා කෙලින්ම පවසා ඇති අවස්ථා බොහෝය. අද තරුණයන් සිසැග් හෝ ජිජැක්ගේ අනුගාමිකයන්ම කියන ආකාරයට අර මාක්ස් හාදයාගේ ‌‌ප්‍රාග් ඓතිහාසික තත්ත්වය මාරයි කියන තැන ගැන මාරසටනම් ගැටලු බොහෝමයකි. අපි ත්‍රිමාණයේ සහ විද්‍යුත් චුම්භක තරංග ‌අවකාශයේ හිරවී සිටින සිරකරුවෝ වෙමු. නමුදු ඒ කියවීම් වලට පිටින් යමක් හිතන්නට දෙන් ‌නැත්තේ අර බුදුනුවන්ලා කොපි කරගත්මෙ මේ නව  සිතන්නන්ගේ සංකල්ප අවකාශය නොවන්නේ කෙසේදැයි ඇසිය යුත්තේ අර නව ලිබරල් නමින් සිහින දකින නොව සිහිනයෙන් සිහින දකින උන් දකින සිහිනයේ හිරවී සිටින මාර මිනිසුන්ගෙන්ය. නමුදු ඒකලා කාලකන්නින් කියන්නට බැරි වන්නේ සමාජ ජීවිතයේදී මාර සුන්දර මිනිසුන් නිසාය. 

මේ කොලමට අමතක වූ  දේවල් දෙකක් තිබේ. මහා කතුවැකිය ලියූ කුමාරතුංගයන් එකල නොදැන සිටියාදැයි නොදනිමි. අද නම් කොළමක් ලියනවානම් පවතින ආණ්ඩුව විවේචනය කළ යුතුමය. නැතිනම් ඒවා කොළම් නොවන්නේය. කොලම් වලින් විප්ලවයේ අවසානය හිරු කොළම් වලින් වූ බවට අටුවා කම්. හිරු කොළම් වලින් සිදුවූයේ තව දුරටත් අර ලෙනාඩ් වුල්ප් කීවා මෙන් ජනසමාජය කණ්ඩායම් වලට වෙන්වීම සහ ඒකලාට දාර්ශනික පසුබිමක් සැකසීම පමණි. කවුරුත් දන්නා හිරු කොළමින් බිහිවූ නම් මා කුමට කියන්නද. විද්වතුන් දෙපසකට වී දෙමලාගේ කල්ට් ඒකද සිංහලයාගේ කල්ට් එකද නව ලිබරල් කෝණයකින් මාර කතන්දර කියමින් සිටී. අර බුදුනුවන් ඕනෑම තැනකට ගැළපෙන දේ කිව්වා මෙන් මාක්ස් හාදයාද කීවා සේ තමා මාක්ස් හාදයාගේ  අනුගාමිකයන්ම බව සාධරණය කිරීමට බව දැනේ.

අප්පේ!

 ‌නාටක ගැන පමණක් කිව්වා සේ අදහන අර බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ඒලියනේෂන් ඉපෙක්ට් කියන දුරස්ත කරණය ගැනද කතා කිරීමට සිදුවන්නේය. නම් වශයෙන් ලියන්නට ‌ගියහොත් බන අහන රටකට මාර කයියක් වෙනවා මිස අන් කිසි දෙයක් සිදුවන්නේ නැත. බර්ටෝල් බ්‍රෙෂ්ගේ නාටක න්‍යායන් නොව සමාජීය න්‍යායන්වල ඇති ලාංකේය හැඩය ජර්මානුවන්ගේ පර පීඩක කාමය ගැන කිසිවෙක් නොලීවේ ඇයිද යන්නද ගැටලුවකි. ලාංකේය සියලු උද්ගෝෂණ මිනිසාගේ පරපීඩක කාමයට බද්ධ වන්නේ කෙසේද යන්න ගැන විචාරය කිරීමට හැකි මාරස පරපුරේ  කේකේ සමන් කුමාරලාද දීප්ති කුමාර ගුණරත්නලාද, අර ඊට ප්‍රතිපක්ෂ මෙන් අකුරින් අඳින ඒ දර්ශනයේ ලුම්පන් අදහස් මාක්ස්ගේ ආවේශයෙන් මෙන් ලියන සිරිමල් විජේසිංහද  අද ශබ්දකෝෂ නිර්මානය කරන්නන් වශයෙන් නව පරපුර බාරගෙන තිබෙන බව කියන්නේ මහා කඳුලකින් නොව මාරසේ ආතල් එකකටය. ඒ සිතීම ඉදිරියට ගියේ නැත. නව ලිබරල් සිහිනයක අතරමං විය. අර හැමදාම කියන කතාව ප්‍රශ්ණය තමන්ගේ නොවනතාක් ඒ දාර්ශණිකය. අනේ මචං සිරිමල් කියා මාරසට නැවත කියන්නට සිදුවීම  ඉතිහාසයේ සරදමකි.  වැරදීමකි සරදමක් නොව ඒ ලාංකේය දර්ශනය බුදුනුවන්ට යටත්ව සිදුවන වෙනම ආතල් කිතල් එකකි. තවම ස්මාට් පෝන් කල්ට් එක ලේ දැක්කේ නැත. ලේ දැකූ සැනින් ඒකලාගේ බෙදුම් රේකාවන් ගැසීමට අඩිරූල් කෝණමාන මාර පැන්ටසියක් වනු ඇත. අර ජොන්ස්ටන් සමිතාගේ හඬින් කාක්කෙකු මරා තට්ටක් ගැන කතා කියන්නේ ඒ නිසාය. බැසිල්ල් කාක්කා පටලවා ගන්නේය. උද්ගෝසනයේ හඬ කාක් කාක්ය. කාක්කා යනු සෙනසුරුගේ වාහනය බව නව ලිබරල් මැද පාන්තික උද්ගෝෂකයන්ගෙන් නිර්මිත වන්නේ එසේය. දෙන්නා වූ කිරිදාන කැලනියට නොව කාක්කන්ට දුන්නානම් සෙතක් බව ඉහල මැද පන්තිය සිතා සිටිනවා සේය. මේවා දකින ගොඩේ බයියා ‌නොහොත් මාධව රුවන් පතිරණගේ ‌නව ලෝකයද ඒවාට සමාන වනු ඇතැයි සිතෙන්නේ අර ජාතික දේශපාලන දේහයක් මෙන් සිතන නිර්මාල් යන නාමයෙන් වැදගත් වීමට ඉඩ ඇති අවකාශයට නිර්මාල් නම යොදා  සිය නිදහස් ලේඛණය කණ්ඩනය කිරීම නිසා පාටකයන්ව අතරමං කිරීමය. ඒකලාට ජනතාව වුවද මේවා කියවන්නේ මිනිසුන්ය. ඒකාගේද ඇති හිස්ටීරියාව ඒකාගෙන්ම දැන ගත යුතු නිසා නිහඬ වනවා මිස අන් දෙයක් කළ නොහැකිය. අලියා අලියාගෙ තරම නොදන්නා මෙන් මාධවයාද තමන්ගේ සිතීමේ තරමේ වැදගත්කම දන්නේ නැත. දන්නවානම් නිර්මාල් වන් සංකේත නාම යොදන්නේ නැත. අසූව දශකය වනාහී අද හුවමාරු මිලක්හා නියම වූ වාතයක් බව මාරස කීවේ ‌බොහෝ කාලයකට පෙරය.

 මානය සහ හීනමානය ගැන කතාකරන්නා වුන් උන්ට උත්තරය සම බව හෙවත් සෙයිසා මානය හරහා නැවත බුදුනුවන්ව වේදිකා ගත කිරීමට උනගේ ධර්මය ප්‍රමාණවත් නැති උවද උන්ට  ආදරයක් සිතෙන්නේ ඇයිද යන්නට වෙනම කොළමක් නොව පොතක් ගැසිය යුතුය. මේ ලඟකදී ඒකාගේ තර්ක වලට පක්ෂපාතිව උත්තර දුන් සිවිල් උගතෙකුගේ කට කැඩිච්ච කතා උනම හුවමාරු කරගන්නවා දැකීමෙන් මාරසට  කළකිරීමක් උන් ගැනද ඇතිවූ බව සටහන් කළ යුතුමය. ඒක මාරසට යොමු කර තිබුනේ සිරිමලීය. ඉතින් ධනේශ්වර බුද්ධිමත් කුහක උගත් වැදගත් එකෙකු ස්පාටකස්ලා ගැන කරන ප්‍රශංසාව ගැන ඉදිමෙන්නේ කුමන හේතුවක් තකාදැයි මිනිසුන්ට වැටහෙන්නේ නැත. 

     අනේ කාලේ වනේ වාසේ කිව්වා මෙන් මා කතා කරන්නට ගියේ සිංහල අවුරුද්ද ගැනය. ඒකේ නැවත දෙකක් නැත මේ සිංහල දෙමල අළුත් අවුරුද්දදය කියා සම්මතය අදටද සම්මත වී ඇත. ඒ කියන්නේ වර්ෂ මානන ක්‍රමයෙන් ශකරාජ තෙමේ ගේ ස්වභාවයට අදාල නිර්මිතයන්ය. සයිමන් සමග මා ඊට හැප්පුන වාර බොහෝය. සයිමන්ගේ තවත් වැදගත් කමක් වන්නේ ඒකා මහා ශරීරයක් දැක්කද චූටි ශරීරයක් දැක්කද දෙකම එක තැන තියා කතා කරන ලද එකෙකු නිසාය. ඒකා දිනක් සිංහල අවුරුද ගැන  ගුවන් විදුලි වැඩසටහනකදී  සිංහල අවුරුද ගැන ප්‍රශ්නයක් අහද්දී පිළිතුරු දුන්නේ බීඩියක් බී තමන්ගේ අක්කා හිසට අනින ලද ටොක්කේ දිග පළලය. අර පියසීලී විජේගුණසිංහයන්ට දුන් ඔයා හරි ලස්සනයි වාගේ කතාය. ඒකාගේ උපහාසය කෙසේ නමුදු මා ඒකාගේ ශක රාජාවලිය ගැන දකින ‌ඉතිහාස දැක්මට ආදරේය. ආදරය සමගම වෙරයක්ද තිබෙන බව කියවන්නන් දැන ගත යුතුමය.

ජ්‍යෝතිෂය වැඩ කාරයන් නොව රාජ්‍ය බලයෙන් නිර්මිත කණ්ඩායමක් නිරයන ක්‍රමය අනුදැන කියන ආකාරයට මෙවර අලුත් අවුරුද්ද උදාවන්නේ ව්‍යාහාරික ගණිතයෙන් රාජ්‍ය වර්ෂ අප්‍රේල් 14 ගුරු දා පූර්ව භාග 08 41 තප්පර දාහතට බව කියා තිබේ. මාරසට මේක මාර ආතල්ය

 මේ ස්වභාවික ක්‍රරමයට කියන්නේ ශක රාජ වර්ෂ කියාය. මේ සුද්දා කියන කට්ටිය ශක රාජයාගේ ස්වභාවික ගණනය කිරීම් පටලවාගෙන කාලය ප්‍රතිසංකරණය කරන්නට ගොස් ජේසුස් වහන්සේට උපන්දින තුනක් හදා ගත්තේය. යුරෝපය දක්ෂ වී තිබෙන්නේ මිනිස්සුන්ව සූරා කෑමට පමණි. ඒකලා වහල් ක්‍රමයට වෙනත් අර්ථකතනයක්  දුන්නා විනා වෙන කළ දෙයක් නැති බව නොදන්නා කට්ටියට කිව හැක්කේ තොප මාර ආතල් කියාය. අවැසිනම් මිසරයෙන් පටන් ගෙන ඉන්ද්‍රපුස්ත පුරය හරහා සිතුල් පව්වට ඔබ ආ ගමන වැරදි බව කතා බහ කරන්නට ‌විජේවීරයෝ අද නැත. හිටියත් හමුවීමට අද මෙන්ම නොහැකිය. ඒ තවමද ඒකලාගේ නායකත්වය පිරමිඩ් ක්‍රමය අනුදකින නිසාය. මාක්ස් උඩුයටිකුරු කළ චින්තනය පසක දමා ඒකලාගේ සංවිධාන වලද ඇත්තේ පිරමිඩ් නායකත්ව ව්‍යුහයමය. ඒකලා දකින විට දන්නා වුන්ට වමනේ යන්නේ ඒකලා නිසා නොව සැබෑවටම ක්‍රම විරෝධයට සටන් කරන ඒකලාද ක්‍රම විරෝධී නිසාමය.

     ඉතින් මේ සිංහල දමිළ නොව මුලු ලෝකයම සම්මුති වශයෙන් හදාගෙන තිබෙන නිරයන සම්මුති  ක්‍රමයට අනුව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවන්නේය. ඒ ශක රාජ වර්ෂ ‌ස්වභාවිකව ආරම්භ කිරීමට මූලික වූ ශක රාජයන් බිහිවූයේ ඒකාගෙ තාත්තා ‌අහස පැන්ටසියක් කරගත් එකෙක් නිසාය. ඒකා ඈත දනව්වකට ගොස් සිටින විට මාර නැකතක් හමුවුනේලු. ඒ නැකතෙන් ළලනාවක් සමග නිදිවැදුනහොත් මාර රජෙක් බිහිවන බව මේකා දැන සිටිය බව පුරාවෘතයන්ගෙන් පැහැදිලිය. මේකාගේ ගෙදර දුරය. ඉන්නේ පිට ගමකය. මේකා කිව්වාලු යම් සුදුසුයැයි හැගෙන ගෙදරකට ගොස් මේ විස්තරය. අවසානයේ ඒ ගෙදර සිටි එකා මේකා ගැන පැහැදී දුන්නේ බිරඳවත් කිසිවෙක් නොව හිරි ඔතප් ඇති තමන්ගේ දියනියයි. ඒ සම්භෝගයෙන් උපන් කුමරා ශක රාජයානෝය. අපි සිංහල අළුත් අවුරුද්ද කියා ව්‍යාහාර කරන්නේ ඒකාගේ  උපන් දිනයයි. සෙක්ස් පිරි ස්වභාවය පිරි වසරකට හෙවත් සූර්යා වටේ අපි හෝ නැතිනම් ඒකා අපේ වටේ හෝ කුමකින් ගත්තද මිනිසාට දැනෙන දේ සැබෑවකි. සත්‍ය වෙනස්වේ. සැබෑව වෙනස්වන්නේ මහා මහා කාලයකට පසුවය. ඒකට ප්‍රත්‍යක්ෂයයි කියන්නේ ඒ නිසාය.  ඉතින්. ශක රාජවර්ෂයේ අප්‍රියල් මාසයේ අපේ කොදෙව්වට කැරලි කෝලහල සහ දේශපාලන වෙනස්කම් ඇතිවන්නේ මක්නිසාද යන්න අර රුසියාවේ ජිවෙස්කි සුර්ය ලප ගැන කීවා වන් ප්‍රශ්නයකි. සක රාජ වර්ෂයේ  කිරිඉතිරීම අර ශක බිහිවීමට කන්‍යාවිය සමග සම්භෝගයේදී ඉතිරී ගිය කිරි මෙනෙහි කිරීමට අවැසිනම් ශක රාජයාට සාමාන්‍යක් වූ අපට තහනම් වූ වෙබ් අඩවියකට ගොස් කිරි උතුරන හැටි බලන්න. ඒ සංකේතයෙන් එළ කිරි හෝ පොල් කිරි හෝ කුමක් ඉතිරෙව්වාද  සැබෑ කිරි ගැන සංකල්පයක් ශක රාජයාගේ පුරාවෘතයේ සහ අප ජීවමාන ජීවිතයේද ඇති බව සැබෑවකි. ආදරයෙන් මේ සිංහල අළුත් අවුරුද්ද ශක රාජයාගේ අනුහසින් සැමට සැබෑ කිරි ඉතිරීමට හැකි වේවා කියා මාරස පතමි. 


ජගත් මාරසිංහ

20020 04 13


Powered by Blogger.