මචං ජයසිරි!

                                              මචං ජයසිරි!



අද උඹගේ උපන් දි්. මම උඹට සුබ පතන්න ගත්තා ඇමතුමක්. කෙලින්ම නුඹ හේතුවාදි විදිහට ලග්නයට අහනවාට විරුද්ධයි කියා මා දන්නවා. නමුත් මම ඇහුවේ උපන් වෙලාව මතක නැති උනත් ලග්නය කියපන් කියලා.  ලග්නය වෘශ්චික. මළ මගුලයි ගෝටාගෙත් ලග්නය වෘශ්චික. මානවසිංහයන්ගේත්  ලග්න කුලකය ඒකනේ. දන්නවාද මචන් සායි බාබාගෙත් ලග්න කුළකය ඒක. ජෝතිපාලත් ඒ කුළකයේනේ.

ඒ කියන්නේ ගෝටා අයිති ලග්න කුලකයේ නිසා නුඹටත්  ගෝ හෝම් කියලාද? නැහැ. ලාංකේය කලාව කියන්නෙ දර්ශනය සහ ධර්මය අතර කැරකෙන මාර දෙයක්. උඹට කිව්ව වගේම දයානන්ද ගුණවර්ධනයන්ව සයිමන්ව මගේ ලෝකයේ කැරකෙනවා. නුඹ් රංගනයත් එසේමයි මචං. අළුත් කොල්ලො  කෙල්ලො මාස්ටර් පෝන් වලින් අපේ අතිතකාම සියල්ල වෙනස් කරපු නිමේෂයක නුඹගෙ උපතත් සෙට් වෙලා

මම අද  නුඹගේ උපතේ සලකුණක් විදිහට අද කතා කලේ  හැම්ලට්  නාටකය ගැන. ඒක මාරයි. ඒ ගැන කතා කරන්න ගියොත් කතන්දර ගොඩයි. මම මචන් උඹට සුබ උපනදිනයක් කියන්නේ නිකම්ම නෙවේ. කොටින්ම හෘර්ද ශාක්ෂියක් නිසයි. කිසිදා නුඹ චාල්ස් සම්බන්ධවවත් සුනිලා ගැනවත් කතා කරන්නේ නැහැ. ඒක මාරයි. ඒකට තමා මචන් හෘර්ද ශාක්ෂිය කියන්නේ. අපි නුඹලට පසු පරම්පරාවක්. කෙලින්ම දමලා ගහන්න හේතු ඇති මෙන්ම භය නැති පරප‌ුරක්. නමු් නුඹට දමා ගසන්න බැහැ. වෙන කිසිවක් නිසා නොව නුඹ චරිතයකට පන පොවනවානම් ඒක කරන විදිහ අදහාගන්නටවත් බැරි නිසයි.  තව ගොඩක් දේවල් කරන්න කාලය තියනවා. කාලය කියන්නේ මචන් වෙනස් වීම මැනීමේ මින්මක්නේ. මට හිතෙනවා නුඹව දාන්න වෘශ්චික ප්ලස් කියන කුලකයකට. ආදරෙයි මචං.

මට අනුව නුඹ ලාං් පොළවේ විශිෂ්ටයෙක්.

ආදරෙයි මචන්.


Powered by Blogger.