ගෝටාබය නැමති ගෝනුස්සා.

 ගෝටාබය නැමති ගෝනුස්සා.



ලග්නයක් යනු ‌දොළහෙන් එකේ සම්භාවිතාවක් වශයෙන්ද අපට ගත හැක. දෙවනුව කියන්නට තිබෙන්නේ මේ දමා ඇති කේන්ද්‍රපිටපත අන්තර්ජාලයෙන් ගත් එකකි. දේශපාකයෝ සියල්ල කරන්නේ නොදියුණු සාස්තර කාරයන්ගේ හෝ වෙනත් සැබෑවට  කිට්ටු සාස්තර කාරයන්ගෙන් තමන්ගේ ආපෝ තේජෝ වායු පටවී ගැන විමසාය. ඒ ලෝකය දිහා බලන තවත් එක් ක්‍රමයකි. මා මේ කියන්නට යන්නේ ගෝටාගේ කේන්ද්‍රය ගැන නොව වෘශ්චික ලග්නය සම්බන්ධවය. ගෝටා උපන් වේලාව පොඩිඩක් එහේට මෙහේට දමා තක්කඩියන් විසින් වෙනත් කේන්ද්‍ර සටහන් නිර්මාණය කරන බැවින් මේ වේලාව සැබෑ වේලාවදැයි මාරස නොදනී. නමුත් ලග්නයනම් එසේ එහාට මෙහාට දැමීමට නොහැක. මක්නිසාද යත් තක්කඩි නිසාම අපේ ජනමාධ්‍ය ‌‌ජ්‍යෝතිෂවේදීන් සම්බන්ධවද මාරස දනී. ඒකලා සමගද ස්වභාවය සමගද සිතන විට ගෝටානම් වෘශ්චික කුලකයට අයත්ය. චන්ද්‍රරත්න මානවසිංහයන්ද ජෝතිපාලයන්ද සායි බබාද වෘශ්චික බව බොහෝ විට කියන බව අප දන්නා දෙයකි. ඉතින් ගෝටා තීරණනාත්මක වූ අවස්ථාවේ   සැක නැතිව ලිවිය හැක්කේ පොදු සාධකය වන වෘශ්චික ගැන යමක් පමණි. නමුදු චන්ද්‍රයා හැර අනෙකුත් ග්‍රහයන්ද තප්පරෙන් වෙනස් වන්නේ නැත. ගෝටාබය යනු එක් තලයකින් දක්ෂ හමුදා නිළධාරියෙකි. හමුදා නිළදාරියෙක් දක්ෂවන්නේ ප්‍රති හමුදාවේ අදක්ෂකම නිසා බවද ලියා තැබිය යුතුය. ඒසේ වූයේ නිකන් නොව යුද්ධයක අත්දැකීම්ද සහිතවය. ඒ නිකන් යුද්ධයක් නොව මිනිසුන් ගේ කියවීමට අනුව ගෝටා ද ඒ ජයග්‍රණයේ පොරකි. හැබැයි ඒ මිනිසුන්ගේ එක් කියවීමක් පමණි.

     ඒසේනම් මේ අවස්තාවේ යම් උපාය මාර්ගික උපදේශනයන් නිසා අත නොසෙල්වා සිටියාට හොඳින් බැරිනම් අනිත් පැත්තෙන් වැඩ කිරීමටත් ඔහුට ඔබන්නට තිබෙන්නෙ එක බොත්තමක් පමණි. හමුදා ආණ්ඩු යන්න විධායක රාජ්‍යකට අමුතු දෙයක් වන්නේ මිනිසුන් මරාගන්නා සහ මැරෙන අවකාශයක් නිසාය. නමුදු විධායක ජනාධිපති ක්‍රමය යනු ප්‍රජාතන්ත්‍ර වාදයේ සලුපිලි අන්දවන ලද හමුදා පනතක්ම බව දන්නෝ දන්නා බවද මාරස දනී. ජේ ආර්ගේ ගැහැනියක් පිරිමියෙක් කිරීමටත් පිරිමියෙක් ගැහැනියක් කිරීමටත් පමණක් මට බැරිය කීමෙන් මේ බව මනාව සනාත වේ. ජේ ආර්ගේ කාලයේ සිද්ධ වූ දේ නොදන්නා අය ගැන කණගාටුවක් නැත. මන්ද නොදන්නා වුවද ඒ දේවල් තවම සිදුවන නිසාය. ගෝලීය ආර්ථිකය හෙවත් ආර්ථිකය විවෘත කිරීම සම්බන්ධව ජේ ආර් විජේවීරට පිළිතුරු දුන්නේ ලෙනින්ගෙනි. ලෙනිනුත් ආයෝජන ගත්තා කියන අදහසට අප ඒ කාලයේ විරුද්ධ වූවාට ඒ මාර කතාවකි. ලෙනින් හිට්ලර්ටද ගිවිසුමක් අත්සන් කර ‌තිබේ. සාමාන්‍යයෙන් ඒ ලෙනින් නොව ස්ටාලින් කීවාට ඒ සම්බන්ධවද ‌මාරසට කතා කිරීමට බොහෝ අවලම්  අධිරාජ්‍ය ඉතිහාස කතා නැත්තාද නොවේ. (මොලතොව් - රෙබෙන්ට්‍රොප්f ගිවිසුම) සම්බන්ධව වාමාංශිකයන් කතා කරන්නේ නැත. උපාය මාර්ගිකව හෝ ලෙනින්ගේ නාමයෙන් ස්ටාලින් රුසියානු බිමෙන් කොටසක් අහිමි කරගැනීමට වූ එකඟත්වය ගැන ලාංකේය මාක්ස් වාදීන් වැඩි දුර කතා කරනවා මා දැක නැත. වෙන්නේ මොනවාද යන්නට වඩා කළ යුත්තේ කුමක්ද යන්න වැදගත්ය. නමුදු මාරස දේශපාලනික කතන්දර තව දුරටත් ලිවිය හැකි නමුත් දැන් පනින්නේ ගෝටාබයගේ කේන්දරයේ ලග්න කුලකයට පමණි.  

මේ ලාංකේය ජනකතාවකි. ඒවාට යාන් කියන්නේ උපමාරූපක ජනකතා වලටය. වෘශ්චික හෙවත් ගෝනුස්සා ගැන එදා ගැමියන් කියන්නා වූ සරලම සරල මිනිසුන් අතර තිබුණු කතාවකි. 

     දිනක් ගෝනුස්සෙකුට ගඟකින් එගොඩ වීමට උවමනා විය. නමුත් ගෝනුස්සාට පිහිනීමට ‌බැරි බව සැබැවකි. ගෝනුස්සා ඊට තෝරා ගත්තේ ඉබ්බෙකි. ඉබ්බා සමග සාමිචියේ ගෝනුස්සා යෙදුනේය. මේ ගැමියාගේ මහා දේශපාලන කතාන්දරයකි. ගෝනුස්සෙක් දුටු විගස ඉබ්බා සිය හිස කටුව තුළ සඟවා ගනී. නමුදු අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට ඒකාට ඉබ්බා සමගද සාකච්ඡා කිරීමට හැකියාවක් තිබේ. අවසානයේ තමුන්ව ගඟෙන් එගොඩ කරගැනීමට ගෝනුස්සා ඉබ්බාව කැමති කරගනී. ඒ වෘශ්චික කුලකයේ හැටිය. හරියටම හැටි නොවුනද මේ කාරණා මාරය. දේශපාලනිකය. අවසානයේ ඉබ්බාගේ කරපිටින් ගෝනුස්සා ගඟ තරණය කරන අතරතුර ගඟ මැද්දේදී ඉබ්බා ගෝනුස්සාට පල් ටෝක් එකක් දුන්නේය. ඉබ්බා තමන්ගේ හිස ඔසවා ගෝනුස්සා දෙස බලා කීවේ නුඹ විෂ සහිත සතෙක් වුවද දැන් තොගේ ජීවිතය මා සතුබවය. ‌වෘශ්චිකයන්ට මොනවා දිරවුවත් පල්ටෝක් දිරවන්නේ නැත. ඒකා ඉවසන්නට පටන් ගත්තේ ගඟේ හරඹ කිරීමට බැරිබව දන්නා ඥානයක් තිබෙන නිසාය. ඒ වෘශ්චිකයන්ගේ ගතිගුනය. සංධාන ගොඩනගා ගැනීම උපකාර ගැනීම තීක්ෂණික නුවන උන්ගේ ස්වභාවික දායාදයන් බඳුය. දැන් ඉබ්බා අභිමානයෙන් පීනයි. ගෝනුස්සා නුඹට ගං ඉවුරට ගොස් මම පාඩමක් උගන්වමි කියා සිතමින් ඉබ්බාගේ පිටේ යයි. නමුදු ගෝනුසු වර්ගයට ඉවසීමේ සීමාව බොහෝ කෙටිය. ගං ඉවුර ඔන්න මෙන්න තිබියදී ගෝනුස්සා හෙවත් වෘශ්චිකයා ඉබ්බාගේ බොටුව සිය දඬු දෙකෙන්ම අල්ලා ගනී. ඉබ්බාට වයස වසර සිය ගණනකට වැඩිය. ගෝනුස්සා වසරක්වත් ජීවත් නොවන බව අපි දනී. ජන කතාවනම් ඉවර වන්නනේ එසේය. - නමුදු වෘශ්චික ලග්නයේ ගෝටාබය ජනාධිපති තුමාද දැන් යන්නේ පල් කතා අසමින් ‌ඉබ්බාගේ පිටේයයි සිතේ. ඉබ්බා තොර තෝංචියක් නැතිව පල් ටෝක් දමමින් සිටී. ආර්තික අර්බුදය හමුවේ ඉවසීමට තීරණය කළද සිංහල අවුරුද්දට පසු ගෝනුස්සාගේ දල ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. සමහර විට ඊට කලින්ද මල පැනිය හැක. මල යනු මූලයයි. ඒ තත්ත්වයන් අර්ශස් ‌රෝග ලක්ෂණ දක්වා ජ්‍යෝතිෂයේ දිව යයි. 

   දේශපාලනය ගෝනුස්සාට නුපුරුදු නමුදු හමුදා ක්‍රියාදාමනම් ගෝනුස්සාට හුරුය. සුපුරුදුය. අහසින් කියවන කල ප්‍රශ්නය ඇත්තේ ‌සුපුරුදු බටන් එක එබීමට ‌සම්ප්‍රධාය බලාපොරොත්තු වන තරම් ගෝනුස්සා කල් නොගන්නා බවය. ඉතිරිය ලියන්නට අවැසි නැත. නුවනැත්තන් විසින් ජ්‍යෝතිෂයේ දේශපාලනය වටහා ගෙන සිටියානම් මාරසක් බිහි වන්නේද නැත. අවසානයේ ඉබ්බා සමග හැප්පීීී ගොස් ගෝනුස්සා ගඟේ ගියේය. වෘශ්චික රාසිය කුජට අයත්ය. ලග්නාධිපති කුජ වූ ග්‍රහයෙකු ලංකාව පාලනය කරන පළමු අවස්ථාව මෙයයි. මෙය අවසාන අවස්තාවදැයි සිතීමට ලාංකේය තක්කඩි ජ්‍යෝතීර් වේදීන්ට අව්‍ශ්‍ය තාවක් නැත. 

රම්රද විමන බෝ අත්තෙන් වැසී ගියා

පව්කල උළු සෙවිලි පලවල් දිරා ගියා

අන් බසකට නොනැමෙන ගෝර චන්ඩි යා

සුන්කර හරින් තෙදබල වීර මුණ්‌ඩ යා

වස් කවි ( කුංකුනාවේ හාමුදුරුවෝ)




 




Powered by Blogger.