ජන අරගලයේ ප්‍රතිවිරෝධී දෑතේම ඇති පාහියන් පිරිත් න‍ූල!

ජන අරගලයේ ප්‍රතිවිරෝධී දෑතේම ඇති පාහියන් පිරිත් න‍ූල!


චීන පාහියන් ලොකු හාමුදුරුවෝ අද අරගලයට වග කිව යුතු නැතිද?????https://youtu.be/MUYuQpSpmCU?list=RDMUYuQpSpmCU
-------------------------------------------
කවුද ඔය නූල නුඹලට බැන්දේ බන්?
අර පාහියන් කියන චීන හාමුදුරුවෝ නේද?
දන්නවාද ඒක ලෝකෙට කිව්වේ කවුද කියලා
හිටිනා මලුවේ ධම්මජෝති හාමුදුරුවෝ නේද කියලා අහනවා ඒ දයානන්ද සහෘදයානන්. ඒ ගැන ඉතිහාසයේ ශාක්කි කාරයක් වූ මාරසට තව ගොඩක් දේවල් ඇති.
************************************************************
මාරසටත් අරගල, උද්ගෝෂණ, සටන් වගේ දේවල් වලටත් පිටින් ඒ වලේ මතක් වෙනකොටම මට කරදර කරන්න පටන් ගන්නවා. මගේ ඇඟ මවිල් වලට මොකක්ද වෙනවා. නමුත් රෝගීව ඉන්න මාරසට මේ උද්ගෝෂණ වලට යන්න හිත දෙන්නේ නැත්තේ බයට හෝ ජීවිත තන්හාවට කියලා සාම්ප්රධායික බසින් කියලා කවුරු හරි හිතා ඉන්නවානම් මාරසට ඒක කාරියක් නැහැ. දුම්මල ගහලා බලපල්ලා.
අද රටේ ගැටලුව ගැන හිතමින් සිටින විට මාරස ලියන ආරම්භයේ සිට ලියන ලද ව්යාධදේව මාරසගේ සර්වාංගයට රිංගුවා.
ව්යාධදේව දැන් එනවා කියලා මට කිව්වා.
ඔව් ඒ එන්නේ වෙනින් කවුරුවත් නොවේ!
ප්රාග් බෞද්ධ යුගයේදී මේ පොළව සීමාවේ අර ස්ප්රිචුවල් එනජි කියලා සිංහල පෙරණය මගින් කියන ආධ්යාත්මික ශක්තියේ බලයක් ලෙස සදා පවතින්නා වූ ප්රාග් ලංකාවේ ව්යාධි වලට සහ දඩයමටද සමත් වූ ව්යාධ දේව ශක්තියද යන්න මාරසට ගැටලුවක් වන්නේ නිසාම නොවේය. මාරස මේ ඊයේ පෙරේදා සෙනසුරු මාරුව ගැන කිසිත් ලීවේ නැත. ලීවේ නැත්තේ ව්යාධ දේවයෝ මා සොයා නොපැමිණි නිසාය. ඒකා දේව භක්තිය ගැන කිසිදු විශ්වාසයක් නැත්තේ අපේ මේ කොදෙව්වක් ලෙස මේ නිමේශයේ පවතින පොළවේ ප්රාග් බෞද්ධ දෙවියන් නිසා වන්නේද? එසේයයි මම කියම්. මන්ද මගේ මේ මොහොතට එසේ නොවන්නේද, වන්නේද- නොවන්නේද, නොවන්නේද- යන කම් කිම් කතන්දර කම් කිම් නිසාය.
මේ ‌ගමනේදී ව්යාධයෝ මත් පැන් බී පැමිණියේද නැත. නාගවල්ලි බුලත් විටක් සිංහල පුවක් සමග සාර කරමින් හප හපා පැමිණියේද නැත. ත්රයිලෝක විරාමයකට සම වැදී සිටියේද නැත. නිකන් සරම් කොටයක් ගසාගෙන ඇසූ පළමු ප්රශ්නය. වික්ටර් අයිවන් ගැනය. මා කිසිත් කියන්නටත් පෙර හොඳ කතාවක් යැයි ගත හැකි දෙයක් ඔහුගේද ඔහුගේ මිතුරන් වන අධිරාජ්ය විරෝධීන්ගේද පෙරටු ගාමීන්ද,,,,,,, විස්තර කියන්න හදන විටම මා ඉදිරියේ හිටියේ ව්යාධ දේව නොව ගම්භාර සූනියන් වහන්සේය.
ඒ හරහා මට විජේවීරලා, ලොකු අතුලලා, ධර්මසේකලා පමණක් නොව ගමනායකලාද තවත් නම් නොකියන ජීවමාන ගම්භාර ආත්ම දෙකකින් හෙබි අවතාරයන් සැබෑවටම ඒ ඒ නිමේෂයන්ට අනුව දෙවිවරුන් දහස් ගණනක් එලියට පැන්නෝය. මා බිය විය. තෝ සමාජවාදයට සදහටම තාම සමු දුන්නේ නැතිදැයි ව්යාධයෝ මගෙන් ඇසුවේ ගෝරනාඩු හඬකිනි.
මම කිසිදා බොරු නොකිමි. මේ ජන බලයේ පරාජයක් වුවහොත් එය පරංගි මාක්ස්වාදීන් විසින් බාර ගත යුතුයැයි මා කෙලින්ම උන්වහන්සේට ප්රකාශ කළෙමි. මේ වනාහී ගෝලීය මගුලේ පරිභෝජන සමාජයේ අනිවාර්යෙන්ම ඇතිවන්නාවූ ඉතිහාසයේ ඩිජිටල් ප්රතිරූප මතුවන කාලය බව ‌ තමුන් නොදන්නේදැයි උන්වහන්සේ මගෙන් ඇසුවෝය.
ඉක්බිති උන්වහන්සේ සියල්ලන්ටම ඇසෙන්නට ......
මා හැමදා මා තොප බලන්නට පැමිණි කල ගයන්නා වූ දයානන්ද ගුණවර්ධන නැමති මනුෂ්යාත්ම දෙවියා රචිත මධුර ජවනිකාවේ මේ ගීතය ගැයීම පසක තබා තෝත් හැට එකයි කියමින් විකාර නොකර මේ බිහිවී ඇත්තේ අසිරිමත් කැරැල්ලක් නොව සැබෑ අනාගත ජීවිතය තීරණය කරන්නාවූ ප්රවේශයක් කියා අතුරුදහන් විය.
ඒ අපේ කොදෙව්වේ ආත්මීය සංකේතයක් වූ ව්යාධ දේවයන්ට ඇති අසීමිත භක්තිය පමණක් නොව භක්තියට එකතුවන සර්දාවද සම්බන්ද තුන්සුතුරද සිහිගන්වමින් මහා ජිවිත යථක් ඇති දයානන්දයන්ගේ එක් මධුර ජවනිකාවක් ලියා පළ කරන ලදී
ජීවිතෙන් මගෙ ජීවිතෙන් මගෙ
ජීවිතෙන් මගෙ නැහැ පලක්
ඒ ලෙසින් සිතුනාට හා තව
නැහැ මෙමා මැරෙනා හැඩක්
ජීවිතෙන්//
මා යොවුන් විය උන්නු කාලෙදි
මේ මගේ පිරිපුන් රටා
දෑසමන් පියුමක් සමානව
බෝ දැකුම් කළු වී යුතා
ඒ ලෙසින් තිබු මූණ මේ අද
නාකි ගෙම්බෙකු ‌සේ ඉතා
සෝබනින් තොරවී තිබේ සිත
නාවිටක් මටමත් කැතා
දුල් සිරින් දිලිමෙන්
තිබූ වරලේ සිරි තිබ් නම් මෙදා
මෙල්ලවෙයි මට සත්තකයි
විලියෙන් සිටි පිල් මෙදා
පල්වෙවී තිබු පාපයක් පල
දීලදෝ මට මේ සදා
වල්ගයක් අළුමෙන් තිබේ
සැනසුම් සුසුම් ලබනෙමි සදා
ලොල් වඩා නිතියෙන් ලැබූ ලොද
නන් වෙසින් පැසසුම් දයා
තොල් මතින් රුවලින් වැසී තිබු
සේ දසන් වැටෙමින් ගියා
මල්ල මෙන් වටවී තිබේ කට
දැන් දෙඩුම් ‌ලොල් ලොල් ලොල් කියා
කොල්ලනේ සිනහාවෙලා
නොනගව් බොලව්
මට යක්ෂයා.
රංවනින් විලිකුන් නෙළුම් පල
මෙන් තිබූ මෙමගේ ලයේ
රත්තරන් වටිනා සුපුන් සඳ
දැන් මෙසේ බෙරිසැල් වියේ
මත්වෙමමින් මගෙ රූ රැසින් වූ
මත් යොවුන් කොල්ලන් පයේ
හැප්පෙමින් හිටියත් බැලුම් නැත
දැන් අනේ හැටි ලෝකයේ.
සුන්දරී සුර ලාලනී අද මෝහිණී
කියමින් මෙදා
දුන් අමායුරු නන් වදන් ලොද
නන් වෙසින් මට නෑ මෙදා
බන් බොලං උඹ නාකි ලොම්බියෙ
ඈ කියා දුක දී හදා
දැං ඉතින් අවමං කරන් ඔය
මක් කරන්නද හා හොඳා
නැර උන් සිරියාව මා හැර
ගියබැවින් කොහෙදෝ ඔහේ
පිර පෙන්නල දැන් එවන්නකො
ඉන්නෙමී එනකල් මෙහේ
මස්සිනා මගෙ මස්සිනා හෙම
ඉන්නවා දුටුවොත් ඔහේ
පාර පෙන්නල දැන් එවන්නකො
ඉන්නෙමී එනකල් මෙහේ.
(දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා නොමියෙන පද)
ජගත් මාරසිංහ
2022 05 06








 


Powered by Blogger.