දිවියෙහි බර මට නොදැනේ....!!!

                                                          දිවියෙහි බර මට නොදැනේ....!!!
       මතකයේ විදිහට මේ 1994-95 විතර කාලය. මිනිස්සු මාව නොවේ මාරයාව ප්‍රතික්ෂේප කරපු කාලය. අනිවාර්යෙන්ම ජවිපේ විතරක් නොවේ සියලු මාක්ස්වාදීන්ව හප කරපු කාලය. ආලෝකය කියන්නේ මාරයි. මේක විතරක් නෙවේ තව ආලෝක සටහන් ඉතිරි වෙලා ඇති. මාරයා සමග ඉන් කවුරුත් ආලෝක සටහන් තියාගන්න දන්නවා. දුව පුතා යහලුවෝ කියලා බේදයක් නැහැ. නමුත් ඒ කාලකන්නි පාවා දීම් වලට සහ එදා මට නොවේ වසවර්ති මාරයාට උත්තරයක් තිබ්බත් අහිංසක මාරේට තිබ්බේ ඇල් කොහොල් පමණයි. මම දැන් හිතනවා ඒක ආලෝකය කොච්චර හොදින් මට හොරෙන් අල්ලන් තිබෙනවාද කියලා. සමහරු මට කියයි නැතිනම් හිතයි ලැජ්ජා නැතිව මේ ඡායාරූපය දැම්මේ ඇයි කියලා. නැහැ. මගේ ජීවිතයේ ක්ෂණයක්. ඒක තමා ජීවිතය. මා මා ගැන කතා කරනවා තමා. නමුත් මා මා ගැන කතා කරන්නේ මේ ඡායාරූපය සමග මගෙන් වෙන් වෙලයි. බලන්නකෝ මේකා ඒකාගේ දෘෂ්ටිය නැතිනම් දර්ශනයේ ප්‍රකෝපය ඇල්කොහොල් වත මගින් ‌අසම්භාව්‍යව කියවෙලා තියන අයුරු. දෘෂ්ටි සංකේතයක් වෙච්ච උපැස ගලවලා පොලේ ගහන්නද කොහෙද හදනවා. නමුත් මට නම් හිතෙනවා මේ තමන්ගේ මිතුරන් ඒ කාලේ මළා නොවේ පැවතුන රජය මරලා දාපු එකේ දුකටත් වඩා අනාත නාත මිනිස්සු කරලියට ඇවිත් පිස්සු කෙලින්න ගත්තා

     නමුත් ඒ එදා. අද තාම මේ රූප කාය ජීවතුන් අතර. කවුරු මොනවා කිව්වත් අද වෙනකන් ජීවත් වුනේ ඇල්කොහොල් නිසා තමා. නැතිනම් ඒ කාලෙම රජයේ හෝ රජයට පක්ෂ හෝ නැතිනම් ජවිපේ විරොධී ් මොකා හෝ මා මරා දමා අවසානයි. ඇල් කොහොල් වලට වැල් බයිලා කියන්න ආවොත් මාරසෙන් මාර විදිහට ආදර කතා අහගන්න හැකි වේවි. නමුත් මම ‌අද සිහියෙන් ජවිපේ ඒ භීෂණය ගැන අද නිකන් ඔහේ කතා කරන මල්ලිලා ට වචනයක් කිව යුතුයි

     ඔබලා දන්නවාද කැලනි විහාරයේ බිතිසිතුවම් ඇඳි සෝලියස් මෙන්ඩිස් ගැන. එයා කැලනි විහාරයේ ප්‍රධාන බිතිසිතුවම අඳින්න විදේශිකයෙකුට පැවරීමට කලකිරිලා සියලු පින්සල් කැලනි ගඟට විසික් කරලා ගියා කියලයි ඉතිහාසයේ සඳහන්. ඒ කාලේ නවයුගයෙ කියන සඟරාවේ තිබ්බා මතකයි විසිවන සියවසේ ලෝකයේ මාර බිතිසිතුවම් අතරට සෝලිස් මෙන්ඩිස් එකතු වෙන විට සුද්දියොත් එයාගේ අත පැතුවා කියලා. එයා ප්‍රතික්ෂේප කළා කියලා. ඒ හෘර්ද ශාක්ෂිය මාරයි. වඩාත්ම වැදගත් කැලනි විහාරයේ ඒ චිත්‍ර යටින් බෞද්ධ සම්ප්‍රධාය ගරු කරමින් තමන්ගේ නමක්වත් සඳහන් නොකර ගිය බව. කිසිදු විහාර බිතුසිතුවම් වල ශිල්පීන් නමක් සඳහන් කර නැහැ. කෙලින්ම අත් ඇරලා තියෙන්නේ තමාගේ ජීවිතයේ සැබෑව..

    ඒ වගේම තමා ජනතා විමුක්ති පෙරමුනේ ඔය කයිය ගහන පෙනී සිටින විකාර කාරයෝ නෙවේ. විප්ලවීය සෝලියස් මැන්ඩිස්ල වගේ අයත් කිසිදු නමක් ගමක් නොවේ සටහනක්ම ඉතිරි නොකරමින් ගියා කියන කතන්දරය. ඒවට දුක්වෙනවා කියලා මේක එතනට එකතු කරලා විකාර කරන කතාව මාරසේ සිරිත නොවේ හදවත නොවේ. නමුත් මේ ඒවට දුක්වන කාලය වෙන්න ඇති. නැතිව කිසිදා මාරසට ආදරයෙන් කෑමෙන් බීමෙන් අඩුවක් තිබුනේ නැහැ කියන කතාවත් තිබ්බත් ඒව සත පහකට අදාල නැති බවත් මාරස මිතුරන් අදත් දන්නවා ඇති. ඉතින් බුදු තාත්තේ බොන්න එපා කියන නන්දා මාලීනීලට කියන්න තියන දේවල් ලිව්වොත් පව් කියලා කියන්නම්. මත කියන්නේ කුමක්ද යන්න මාරස කැතකතුන්ගේ පතිවත සම්බන්ධව ලියනකොට මධුලෝලත්වයේ ව්‍යාකර්ණ අර්බුදය කියන පරිච්චේදකයින්ම කතා කළා. ගිලන් පසට දෙන අෂ්ට විධ පානයන්ගේ අට වන පානය මධූ හෙවත් මීගෙඩි කියලත් ඒ ග්‍රන්තයේ සටහන් කළා. නමුත් වැරදුනොත් ඇල්කොහොලික් ඈස් කියන්නේ සම්ප්‍රධායේ අට උමතුවේ අටවෙනි උමතුව වෙන සුරා උන්මත්තකයා ගැනත් ලිව්වා. තාම නොකියපු කට්ටියත් ඇති. කියවලා නිහඬ කට්ටියත් ඇති. නමුත් මේ පල කරන්න හිතුනේ ‌මට දුක් දී මගෙන් නම් ගම් නැතිව කම්ද කිම්ද නැතිව වෙන්වී ගිය සහෝදර සහෝදරියන් දිනේවා කියන්න පමණයි.

මා මළ දවසක සීතල මළ කඳ ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන දෙතොලින් දෙතොලට උණුසුම් පණ පිඹ මේ පොළොවෙම මා යළි බිහි කළ මැන මවුනි පොරන ඔබ රනවිරු දරුවන් වැළැලුණු මේ මිණි දෙරණේ ඔවුනගෙ සිරුරත ලේ මස් නහරිනි මගෙ හදවත පණ ගැහුණේ උපතින් දිවියෙන් මරණින් එක ලෙස ඔබ ගෙන් මා ලද උරුමේ මේ පස මත මා පා ගැටෙනා කල දිවියෙහි බර මට නොදැනේ මා මළ දවසක සීතල මළ කඳ ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන දෙතොලින් දෙතොලට උණුසුම් පණ පිඹ මේ පොළොවෙම මා යළි බිහි කළ මැන

https://youtu.be/oFiavLUgU6U ගායනය : - එඩ්වඩ් ජයකොඩි පද රචනය : - මහගම සේකර සංගීතය : - එඩ්වඩ් ජයකොඩි

https://jagathmarasinghe.wixsite.com/mare

24 11 2022



Powered by Blogger.