සමාරා පරණවිතාන සහෘදනිය කියන්නේ කුමක්ද?

                             සමාරා පරණවිතාන සහෘදනිය කියන්නේ කුමක්ද?

     සයිබර් රස්තියාදුවේ ලෝකය වටා යන මාරස කිසිදා වෙහෙස වී නැත. නමුත් මාරස ඉස්සර කෙලින්ම බේබද්දෙක් වූ කාලයේද රෝහන සහෝදරයා හෝ ‌ක්ම්රේට් නොවන සාමාන්‍ය මිනිසෙකු ලෙස දැනගත්තේ ඒකා සමග ජීවත් වූ පුදුමාකාර චරිත හරහා මැගසිම් බන්ධනාගාරයේ ඉන්දුලංකා ගිවිසුම සමයේ  නොව සැබෑ ලෙසම ආරක්ෂක අංශයේ ඇස දර්ශනයෙන්ද ධර්මයෙන්ද නොව විප්ලවවාදී සංකල්ප වලින්ද තීවුර කර අනාගතයේ ධනේශ්වරයේ ආරක්ෂාව තහවුරු කරගැනීමට පුරුදු පුහුණු කළ අවධියේය.
       අද වන විට රහස් පොලීසියේ නොව සියලු ආරක්ෂක අංශවල ඇති තරුන මහළු සියල්ලෝම මාක්ස්වාදයේ යම් පක්ෂයක මතවාදය නොව ලෝක සැබෑව සහ අනං මනං නොව විය යුත්තේ කුමක්ද කළ යුත්තේ කුමක්ද යන්න ජීවිතයෙන්ම දන්නවා වාගේය. ඒ සැබෑවකි. සැබෑවටම එයාලා නව කේඩර් පක්ෂයක කොක්කට අසුවුන මාලුවන් වන් තරුණ පරපුරට වඩා සැබෑව ජීවිතයෙන්ම දන්නේය. ‌පොලීසියට තිබෙන්නේ විනිවිද පේන ඇස්ය කියා ස්කොට්ලන්ඩ් පොලීසියේ පර්යේෂකවරු කිව යුතු නැත. ලාංකේය ජන ජීවිතයේ මිනිසෙක් එල්ලිලා මළොත් එතන ජීවමානව වෘත්තිය නිසා හෝ සිටින්නේ පොලිස් කාරයාය. මිනිසෙක් එල්ලා මළොත් එතන සිටින්නේද සාමාන්‍ය ජන සමාජයෙන් පිළිකුල් කරන්නට පද බැඳි පොලිස් කාරයාය. අනියම් ප්‍රේම සහ විප්ලවවාදී සැබෑ අරගල මැද්දේ ජීවිතයේ සත්‍ය දැක්කත් නොදැක්කත් ඊට මුහුණ දෙන්නේ අහිංසක මුත් රාජ්‍ය විරොධකාල්පනික මිනිසුන්ට සතුරකු සේ පෙනෙන එසේ වන පොලිස්කාරයාය. පොලීසියේ ඉතිහාසය මීට අදාල නැත. ඒ ගැන සෙස්ස පස්සට තබන්නට මේ ලිව්වේ දැනෙන උන්ට දැන ගැනීම සඳහාය. කොටින්ම අදටම වාමංශික පක්ෂ හෝ පශ්චාත් දේශපාලනික වාම නොකීවත් වාම ආදරය අනුදකින විකල්පයෝ නොවන ඒත් ‌එසේ නොවන්නාද නොවන පක්ෂ වල සාමාජිකයන්ට වඩා ජීවිතයේ දයලෙක්තිකය පොලිස් නිළධාරීන් නැතහොත් පොලිස් කාරයන් නොදන්නවා කියා කියන්නේ කුමන විද්වතාදැයි අසන්නේ මාරසට පොලිස් ගායක් ඇති නිසා නොව සැබෑවටම සැබෑවට ආදරයක් ඇති නිසාය.
     නව පරපුරේද හැදෑරීම් වනාහී කල්ලිවාදය පමණක් ලෙස පෙනේ. දශමයක්වත් සෙලවීමට නොහැකි අවස්ථාවක මා විජේවීරගේ පුතනුවන්ටත් වඩා ඒකාට සමාජීය පුතනුවන් වූ සැබෑ මිනිසුන්ට පොත පතින් කියවා මාරස ග්‍රහණයට ගත්තා වූ ආදරණීය විජේවීරගේ ‌ඡායාරූපයක් සෙව්වෙමි. හමු වූයේ නැත. ඒවාද සංවිධානත්මකව ප්‍රකාශනයේ කැත වැඩය. 
      ඒ ඒකාගේ වරද නොව එදා සිටි ඡායාරූප ශිල්පීන්ගේ නිවටකමද කියා ලිවිය යුත්තේ ලාංකේය ඡායාරූප ශිල්පීන්ය. විජේවීරගේ අහිංසකත්වය හැදෑරීමට එයාගේ ආරක්ෂකයාවූ මාතර අමරේ කොහේද කියා මාරස නොදනිමි. නමුදු ජේ ආර්ට පින්සිද්ද වෙන්නට අමරේ සහ විජේවීරට බෝම්බ ගැසූ ශීලා සහෝදරයා සමගද , කෑගල්ලෙන් පසුබැසි මේ ඊයේ පෙරේදා මිය ගිය අල මහත්තයාගේ අල වර්ථාව කැප කළ කෑගල්ලේ ගුණවර්ධන සහෝදරයාද  ජාත්‍යන්තර කොමිනියුෂ්ට්වාදය එකල ඇතැඹුලක් වූ ලෙස්ලි සහෝදරයාද නිකන්ම නිකන් ඔහේ පත්තර පොත් බලමින් සිටි එහෙත් දන්නා වූ ආරංචි අනුව තවම අහිංසකව ජීවත්වනවා කියන කැම්පස් වලට පැම්පස් අඳින්නට නොදුන් පීබී ක්ම්බ්‍රේට්ලා කොහේදැයි මාරස දන්නේ නැත. දන්නවානම් උන් සමග පැයක් කතා කිරීම යනු සෝවන් වෙනවා නියතය. එතරමටම මාක්ස්වාදයද බුද්ධත්වයද දැන සිටි බව දන්නේ මා පමණක් නොව රංජිදම් ක්ම්බ්‍රේට්ද දන්නා බව ගාමිණී මුතුකුමාරලා ප්‍රේමලාල්ලා දන්නේය. 
      කවදා හෝ ‌රංජිදම් ගුනරත්නම්ගේ සහෝදර කුමාරව හමුවූ විට කෑගල්ලේ ටවුමේ තිබ්බා කියන කූල් ස්පොටය නැරඹීමට පමණක්වත් ඉතිරි වී තිබේනම් ඒ නැරඹීමට කැමතිය. මන්ද මැගසිමේ නිර්මාණක ලේඛන සියල්ල ඒකා යවන ලද්දේ මල්ලී මගින් ජනතාවට බලන්නට ඉඩක් දීම සඳහාය. කුමාර ගුනරත්නම් සහෝදරයා ආදරය කියන්නේ සෙල්ලමක් නොවන්නේය. මිනිසුන් මරා දැමිය හැක. ඒත් ආදරය කිසිවෙකුට යටත් කළ නොහැකි තැනක තබෙන බව දයලෙක්තිකය. ධර්මයෙන්ද ඒ එසේමය. මල්ලීට කියන්නේ මේ වසර දෙකක්ය එකම පැදුරක නාට්‍ය සහ ජීවිතය ගැන කතා කළ මාරසය. ආදරය කියන්නේ අර බර්ටෝල් බ්‍රෙෂ්ට් කියනවා මෙන් අපෝහකයේ ආදරයේ සන්නිවේදනයම වන්නේය. ‌‌දෙදෙනා ගැන මාරස විචාර නොකරන්නේ කරන්නට දෙයක් නැති නිසා නොව සචේතනික නොව පචේතනික කෙහෙල්මල් ප්‍රජාත්‍රන්ත්‍රවාදය උපාය මාර්ගයක් සේ තාමත් ගන්නා විප්ලවීය මානසික විකාරයන්ට විරෝධයේ සූන්‍යත්වය කියාදෙනු නොව වැටහෙන්නට ශබ්ද කිරීම සඳහාම වන්නේය.
      . ‌
    ඉතින් විජේවීරගේ ආදරයේ මහිමය අදටද ජවිපේ නොවන බව කියන්නේ බයට නොවන්නේය. ලාංකේය නොව ලෝකයේම ආරක්ෂක අංශ වලට මාක්ස්වාදී පන්ති පවත්වන්නට යන විප්ලවවාදීන් දැක්කාම දුක හිතෙන්නේ නැත. හොම්බට ගහන්න හිතෙන්නේය. මන්ද අදනම් කෙරෙන්නේ දෙගොල්ලන්ගේ රාජකාරියක් මෙන් දැනෙන නිසාය. 
        නමුත් සත්‍ය කවදා හෝ ජයගන්නවා කියන සාහිත්‍යයේ ඇන්ටන් චෙකෝප්ව සිහිවේ. සත්‍ය කිසිදා ජය ගන්නේ නැත. ආදරයද කිසිදා ජය ගන්නේ නැත . කිසිවක් ජය ගන්නේ නැත. ස්වභාවයේ පැවැත්මේ සැබෑව පරාජය කිරීමට කිසිවෙකුට නොහැකි වන්නේ ඒ වෙනස් කරන්නට හදන සියලු ප්‍රතිවිරෝධයන්ට එරෙහිව සිතන මිනිසා අනිවාර්යෙන් නැගී සිටින නිසාය. ජය ගන්නා මිනිසා අළුත් සත්‍යක් බිහිකරන්නේ නැත. ඒකා ජීවිතයේ පැවැත්ම තීරණය කරන්නේය. පණ්ඩිත විචාරකයන් දුහුනන් සත්‍යයි කියා දෙයක් බිහිකරන්නේය. ඒකෙන්ම බුදුනුවන්ගේ අනිත්‍යය සැබෑවටම මාර ජීවමාන දෙයක්වන්නේය. නමුත් ඒ එසේද කියා සැබෑව දකින මිනිසුන් නිවන් දකිනවා සේය. නිවන යනු කුමක්දැයි දැන ගත හැක්කේ අටුවා ටිප්පනී අනුව නොව. නිවන් දැකි පසුව පුද්ගලික තමා විසින්මය. කොටින්ම මරණයෙන් පසුව පුනරුත්පත්තියක් තිබේද නැතිද කියා ප්‍රත්‍යක්ෂකවම කියන්නටනම් මැරී බල යුතුය. මේවාට අටුවා දෙන්න එන්නේනම් ටීකා ඉතිහාසයේ එකතු කර මාරස තිබෙන්නේය. ඒවා මදි උවහොත් ඒ උත්තර පත්තර දෙන උන්ගෙන්ම හදාරන්න කියන්නේ චන්ඩි කමට නොව අහිංසක කමටය. මන්ද නොදන්නා දේ දැනගැනීමට අප කොදෙව්වේ අභියෝගයකින් තොරව බැරි මානසික සින්ඩ්‍රෝමයක් වූ රත්පිත් උන්මාද ප්‍රවනථාවයන් නිසාමය.
      ඉතින් රෝහන ක්ම්රේට්. මේ ටික ලියන්න හිතුනේ අද එක්තරා සහෝදරියකුගේ සටහනක් නිසා. මන්දා තාම අර ඉස්සර ක්ම්රේට්ලා කළ උපාය මාර්ගික ‌ප්‍රජාත්‍රාන්ත්‍රික දේශපාලන මතවාදී ආයුධය වෙනස් කිරීමටවත් හෝ එසේ සිතීමටවත් බුද්ධියක් ඇතිද කියා. නමුත් මේ වන විට එදා ආරක්ෂක අංශ ලෙස ප්‍රතික්ෂේප කළ ‌අවකාශයත් ‌පක්ෂාත් නූතනවාදය හෝ නව හෝ මොන මගුලක් යටතේ හෝ දේශපාලනික වෙලා නොවේ. ඒක කවදත් එහෙම තමා. අද ඒ පිරිසද දැනුවත් නැතිනම් සවිඥ්ඥානික දේශපාලනීකරණය වෙලා. මෙන්න මේ මොහොතේ එක්තරා ස්ත්‍රියකගේ වෙබ් සටහනක් දැකලා වෙනම ලියවීමක් ලියන්න දොරක් තියනවා වගේ හැඟුනා. කතාවක් නැහැ. ඒ දොරත් ඒ පරපුරේම උන් වහාවිද කියලා සැකයි. 
     සිරිමලී ලියනගමගේගේ ලිපි මාරස කියවන්නේ ඇය ස්ත්‍රීවාදිනියක් හෝ මාක්ස්වාදිනියක් හෝ රැඩිකල් වාමාංශික කාන්තාවක් වූ නිසා නොවේමය. නමුදු 89 ජවිපේ භීෂණයෙන් ස්ත්‍රීත්ව ශරීර මනෝමූලයෙන් අර්ධයක් කැපකර එක්ස් කණ්ඩායමේ සිටි කාන්තාවක් වශයෙන් යම් කුහුලක් නොව ආදරයක්ද මාරසට තිබෙනවාය. කුසුමාට සුනිලාට පමණක් නොව කුමාරිලාටද ලංකලාටද සහ ඒ සනුහරයටම එවන් ආවේග ආදරයක් නැතිනම් ගිරිදේවිලා ,පශ්චිම රාජිනීලා, කුවේනිලා. පසක තැබුවහොත් තම තමුන්ගේ අම්මා ගැන කතාකරන්නේ කෙසේදැයි මාරසනම් දන්නේ නැත. 
        මේ සටහන මාරස ලියන්නේ ජවිපේ නොව මාලිමාව දිනා සිටින්නා සේ සිතන අවධියක නිශ්චිත නිමේශයකය. එදා 80 භීෂණ අවකාශයේ නලීන් සුවාරිස් නම් පණ්ඩිතයා කීවේ ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම පන්ති දේශපාලනය නියෝජනය කරන බවයි. ඒවා සමගම ජනතා විමුක්ති පෙරමුණ ‌අර සුගතපාලද සිල්වානන් කියනවා මෙන් කොට්ට උරයක් ලෙස කණ පිට පෙරලන ලදී. මේ ඡන්දය ගැන මාරස කිසිත් නොකියා කියමි. මේ වනාහී ජනාධිපති වරණයක් තියනවානම් ඊට කෙසේ මුහුණ දිය යුතුද යන්නත් නැතිනම් ජනමත විචාරනයකට යා යතුද යන්නත් නැතිනම් අර කලු ජූලියක් ඇති කර සියල්ල වෙනස් කර කුමක් කළ යුතුද යන්නත් ගැන හැදෑරීමක් වන් දෙයක් ලෙස සිතීම සැබෑවකි. ඒ උපාය වැරදුන හොත් වෙනත් උපායන් ගොඩක් ජ්‍යාතන්තරය කියනවා න‌ොඅනුමානය. අනේ ! මාරස නිවසේද බළලුන් හොල්මන් කරන්නේය. ඒකුන් තරම් උපායන් අදරය දිනන්න දන්නේ අන් කවුරහුද. 
        අනිවාර්යෙන්ම තවම ජේ. ආර් . ජයවර්ධන නැමති ප්‍රථම විධායක ජනාධිපති කීවා සේ විධායක ජනාධිපති ධූරයට නොහැක්කේ ගෑනියෙක් මිනිහෙක් කිරීමට පමණි යන්නද අද විලම්භිතය. මන්ද ශාරීරිකව කළ නොහැකි වුවද  මානසිකව අද ඒ කරන්නට දෙයක් නැත ඉබේ වෙනවා වගේය.
ඉතින් සමාරා පරණවිතාන සහෘදනිය කියන්නේ කුමක්ද?
සැබෑවටම මේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයයේ කන්‍යා සිවියේ යථ වන්නේ යථාර්තයේ නාමයෙන් ධනේශ්වරයේ ඉතිහාසයෙන්ම නිපන් පජාත දේශපාලනික ඇමක්ම වන්නේය. මේ ඇම නොගිලන්නයි කියා කියන මාරස නාඳුනන සමාරා සහෘදනියගේ පේස් බුක් සටහනට මාරස කාලයක් වැය කළ බව කිව යුතුය. මේ ලිපියේ පූර්ව භාගය සහ පශ්චාත් භාගය වෙන්කර කියවන්නා වූ අයට මේ සමරාගේ සැබෑ හෘර්දයේ ඇති දේශපාලන කම්පනය කුමක්දැයි මේ මැතිවරණයෙන් පසු නොව ඊට පසු සිදුවන සිද්දි දාමයන්ගෙන්ම කිව හැකි වනු ඇත. සමාරා යනු කවුදැයි මාරස නොදනිමි. සමාරාගේ ප්‍රකාශිත සැබෑවේ සැබෑ අංශු මාත්‍රයක ඇති දේශපාලනික සැබෑ ‌භාවයන් දුටිමි. නමුත් සමාරා පරණවිතාන සහෘදනියට කිව යුත්තේ දේශපාලන නමින් පෙනි හිටින ගන්දබ්බයන්ට අසු නොවී ඔබ මෙවන් අදහස් කෙලින් කටින් ප්‍රකාශ කරන්න අවස්තාව දිදුලියන් කියා නොව එසේ වන්නට කරපන් කියාය. ඉතිහාසයේ සිට එසේ වූ කාන්තාවන්ට වඩා පුරුෂයන්ට කමත්වා කියා කියන්නට ඇති දේව වාඛ්‍ය අවසාන කිරීමට සිරිමලියලාට සහ සමාරාලාට හැකිවෙනු නියතය.
https://bit.ly/3I1qjC7

ආදරයේ උල්පත වූ අම්මා
********************** මා ඔබගේ පුතු වූ ‍ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලී සඳ දිය කොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවූවා ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ‍ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලී තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැදී ගෙන දී දිවියට නව පන ලැබදී මා දැඩි කල අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ‍ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලී
https://youtu.be/fwvcfxvs42Y
https://youtu.be/fwvcfxvs42Y
"


Powered by Blogger.