- අබ්දුල් කලාම් ගේ ආසියාතික දේශපානයේ හැරවුම් ලකුණ - පරිවර්තනය කළ ජයරත්න රුබේරු සහෘදයාට ආදරයෙන්




                        අබ්දුල් කලාම් ගේ ආසියාතික දේශපානයේ                                                 හැරවුම් ලකුණ

                         පරිවර්තනය කළ ජයරත්න රුබේරු සහෘදයාට ආදරයෙන්

1988 වසරේ චැන්ඩියට ඇඳ පැලඳ ගත් මහත්මයෙක් මා හමුවට පැමිණි අයුරු මගේ මතකයේ තිබේ. කිසිදු කතා බහක් නැතිව ඔහු මා දන්නා නක්ෂත්‍ර ක්‍රමවේදය ගැන කතා බහ කළ අයුරු මා හට අමතක නොවන්නේ ඔහුගේ දෑත සහ උපන් දක්තයන් පමණක් මා සුරතට පත්කර පැයකටත් වඩා කාලයක් නිහඬව අසා සිටීම නිසා වන්නට පුළුවන.  සැබෑ ලෙසම අප කතාව පැය හතරක් පමන දිගු වන්නට ඇත 

       දක්ත විශ්ලේෂනය අවසාන වන තෙක් නිහඬව සිටි ඔහු ගෙන් මම පැනයක් ඇසුවෙමි. ඔබගේ නක්ෂත්‍ර දක්ත අනුව ඔබ ප්‍රසිදධ ලේඛකයෙක් බව මට දැනෙනවා. එය නිවැරදිද යන්න මට දැන ගත හැකිද යන්නයි ඒ. මා එදා එය විමසුවේ චතිකයකින් නොවන්නේද නොවේ. මම ඔහුගේ පිළිතුරින් පිනා ගියෙමි. නැවත මම නිහඬව ඔහුට ඇහුම් කම් දුනිමි. ජනදාස පීරිස් සහෘදයාගෙන් පසු “සෝවියට් දේශය” සඟරාවේ කතුවරයා තමා බව ඔහු කීවේ පුදුමාකාර නිරහංකාර කමකින් බව මට මතකයේ තිබේ.

   ඒ පිළිතුරෙන් මට සතුටක් මෙන්ම තව බොහෝ දේ සිතට නැගෙන්නට විය. සතුට නම් සෝවියට් දේශය සඟරාවෙන් මා එකල බොහෝ දේ ඉගගත් බව සිහිවිවීම නිසාමය. සෝවිට් සඟරා යම් පමනණක් මා සතුව තවමත් සුරක්ෂිතව ආරක්ෂා කරගෙන තිබේ. එකල මා  වැඩිමහල් සහෝදරයා ගෙනා සෝවිට් සහ චීන සඟරා කොටසක් මා මව පුච්චා දමන ලදී. ඉතිරිය මා සුරක්ෂිතව තබා ගතිමි

   එකල කිසිවෙකු කතා බහ නොකළ  නක්ෂත්‍රයේ භෞතික දාර්ශනික පදනම මා ඔහු සමග දොඩමලු වන කළ රුසියාවේ විප්ලවයෙන් පසුවද පාර මානසික අධ්‍යාපනික ආයතන පිහිටුවීමේ පදනමද ඔහු මා සමග කීවේ අමුතුම ආකාරයකට බව මතකයේ තිබේ. ඔහු සෝවියට් දේශයේ ගත කළ ජීවිතයත්, තමා කිසිදු සංවිධානයකට නොබැඳුන වගත් මා සමග පැවසුවා මතකයේ තිබේ. ඉන් පසු පියෙක් වශයෙන්ද, සහෘදයකු ලෙසද අපි බොහෝ විට සාහිත්‍ය ලොකයේ සුන්දර ගමනක් යන්නට පටන් ගතිමි. තවමත් ඒ ගමනේ කෙලවරක් නැත.  තාරුණ්‍ය පිඳඹඳ ඔහුගේ අදහස් උදහස්ද මට කිසිදා අමතක නොවේ. ඇතැම් අවස්ථාවල මා රෝද පුටුවක තබා පියෙක් මෙන් වෛද්‍ය ප්‍රතිකර සඳහා රෝහල් ගානේ රස්තියදු වූ අයුරු අමතක වන්නේ මා මල දාටය.

  පසු කාලීනව දැනට පවතින දේශපාලක ක්‍රමවේද පිළිඹද විරුද්ධතිවය දැක්වුවද පොත් පහක් ලියා ඇති අයෙකු වශයෙන් මා ලේක්හවුස් ආයතනයට රැකියාවට යා යුතු බව කියමින් ඔහු මට කරදර කරන්නට විය. අතුල ජයසංහ සහෘදයාගේ සහ ඔහුගේ ඉල්ලීමට මම කොන්දේසි තුනක් ඉදිරිපත් කළෙමි. ඒ මගේ දිගු රැවල නොකැපීමත් මහත්තයෙකු සේ ඇඳුම් ඇඳීමත් සම්බන්ධයෙනි. සැබෑවටට දන්නාදේ ලියන්නට ඒවා ප්‍රශ්නයක් නොවන වග ඔවුන්ගේ අදහස විය. සුදුසුකම් රහිතව නොව සහිතව මා ලේක් හවුසියට යන්නේ නම් ඔහුට නැවත මා කොන්දේසියක් නොව ප්‍රබල ඉල්ලීමක් කළෙමි. ඒ ජයරත්න රුබේරු නැමති ඔබද නැවත ලියන්නට පටන් ගැනීම මා බලා පොරොත් වන වගය. මා ඒ රැකියාට ගිය මුත් විවිධ හේතු කාරණා නිසා ලේක් හවුසිය අතහැර ආපසු ගෙදර පැමිණියෙමි.

එහෙත් මා නිසාම නොව රුබේරු සහෘදයාගේ කියවීම සහ අැඟේ අමාරුව නිසාදෝ ඔහු 2015 නොවැම්බර් 26 දින ඔහු විසින් ලියා පළ කළ සැලකිය යුතු නව පොතක් රැගෙන මා සොයා විත් පැය ගණනක්  ගත කළ ආකාරය මට පුදුමාකරය.

   අබ්දුල් කලාම්ගේ “අසියාතික දේශපලයේ හැරවුව් ලකුණ” (අබියෝග මැද ගිය ගමන) යන ග්‍රන්යථය මට දෝතින්ම පිළිගැන්වූයේ සැබෑවටම කළන මිතුරා යනු කවුදැයි යන්න මට පසක් කරමිණි. මම එක හුස්මට ඒ පොත කියවා නිම කළෙමි. තවද අත්පොතක් වශයෙන් එම ග්‍රන්ථය සුරක්ෂිතව තබා ගත්තේ අබ්දුල් කලාම්ද මා සිත් ගත්  ශුවිශේෂ චරිතයක් නිසාම වන්නට පුළුවන. මේ නිමේශයට පමණක් නොව ජීවිතට එහි ඇති ජීවින ධාරිතාවේ සුවඳ කියන්නට මේ වැකියෙන් පමණක් මේ සටහන අවසාන කිරීම කාලෝචිත බව දැනේ. එහෙත් වෘතීය දේශපාලනයේ නියැලෙන සියලු දෙනාම මෙය කියන්නේනම් මැනවැයි සිතේ. ඉන් අදහස් වන්නේ අනිකුත් රසිකයන්ට මෙය නුසුදුසු නිසා නොවන වගද ලියා තැබිය යුතුය


“මගේ ධූර කාලය තුළදී  දී බරපතළ තීරණ ගණනාවක් ගැනීමට මට සිදුවිය. නීති ක්ෂෙත්‍රයේ සහ අණ්ඩුක්‍රම ව්‍යවසථා පිළිඹඳ විශේෂඥයින්ගේ මත විමසීමෙන් පසු අතිශයින් අපක්ෂපාතීව කටයුතු කිරීමට මගේ මනස සහමුලිම යෙදුවෙමි. ඒ තීන්දු තීරණවල මූලික ව අරමුණ වූයේ අපේ අණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ශුද්ධවන්තභවය සහ ශකක්තිමත්භාවය අරක්ෂා කොට පෝෂණය කිරීම යි
                              -අබ්දුල් කලාම්-
                                  (167 පිට)
සටහන- ජගත් මාරසිංහ





Powered by Blogger.

Follow by Email