විනිවිදිමි කාලය


              

දිය බොන ලිදේ වැටුනම             

               අපි .............  මක්  කරමූ..................? 

             


ගහක් කොලක් නම් කප්අඅඅ ගොඩ               අදිමු
ලෙඩක් දුකක් නම් සද්දාදා අ බලි                  අරිමු                  
කෙනෙක් කලා නම් හද්දාඅඅඅ  පලි            ගසමු                    
දිය බොන ලිදේ වැටුනම අපි මක්              කරමුඋඋඋ 

 
           
 
                            ඔහු  සීපදය ගයන්නට ඇත්තේ  එක් වරක් පමණක් වීමට පුලුව. මහර විට පදයක් පමණක් ගයා ව්‍යාධ දේව අතුරු දහන් වන්නට ඇත. මම ගසකට නැග වට පිටාව හොදින් සෝදිසි කෙරුවෙමි. පණ ඇති සතාසීපාවෙක් හෝ අසලක නොවීය. නමුත් කවුදෝ තවමත් සීපදය ගයයි. වැඩි දුරක වන්නටත් පුළුවන් කමක් නැත. ඇසෙනේද කනට නොව පපුවටය. මේ නම් අද්භූත හඩක් ලෙස සිතන්නට කිසිසේත්ම නොහැක. මක් නිසාද මෙම සීපදය මා මීට පෙර අසා නැති පද පෙලකි. නමුත් එහි තේරුම මගේ ජීවිතයට ඉතා සමීපය. දැන් මට එය කටපාඩම්ය. මම ද සීපදය මුමුනමින් ඉදිරියට යන්නට පටන් ගතිමි. මට පුදුම දේවල් සිතේ. මම සිතින් කාලයට සාප කරන්නට පටන් ගතිමි. 
                           කාලය යනුවෙන් ක්‍රම වේදයක් මිනිසා ගොඩ නගා නො ගත්තේ නම් කොතරම් අපූරුදැයි මට සිතේ. කාලය සහ අවකාශය පිළිඹද ගැඹුරු බරපතල දෘෂ්ටි වාද වල මමද හිතේ හැටියට පැටලී තිබේ. කාලය පිළිඹද ගැඹුරුම දෘෂ්ටි වාද හමු වන්නේ ජ්‍යෝතිෂය අවබෝධ කරගැණීමේදී බව මා දැනුවත් කළේද ව්‍යාධයෝමය.  නුඹ කාලය ගැන ගැඹුරු දෘෂ්ටිවාද වල පැටලෙන්නේ ඔරලෝසුව අධිනිෂ්චය කරගෙන කියමින් ව්‍යාධයයෝ මට හූ කියමින් සිනාසෙන්නට වී. ඔරලෝසුව යනු සූර්යාගේ ගමනේ ප්‍රතිනිර්මානයක් බව මම වටහා ගත්තේ ඉන් පසුවය. කොටින්ම මිත්‍යාවක් ලෙස සිතා ජ්‍යෝතිශ්ශාස්ත්‍රය මම එකල හෙලා දැක්කෙමි.මම ඊට එකඟ  
නැති බව ඔහුට පැවසූවිට සතා සීපාවා පවා ග්‍රහ තරු වලට අනුගතව සිය වැඩ කටයුතු කරගන්නා ආකාරය ඔහු මට නොදරුවෙකුට මෙන් පැහැදිලි කරන්නට විය.
              සැබෑවටම ව්‍යාධයෝ දෙවියෙක් සේ මට දැනිනි. ඔහු නිවැරදිය. ඔරලෝසු කාලය යනු සෑම දෙයකම වෙනස්වීම මැනීමේ තවත් එක් මිම්මක් පමණි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය අවබෝධ කරගත් අයෙකුට එවැනි මිමි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඇති බව වැටහෙන්නට පටන් ගනී. එය මිනිස් ආධ්‍යාත්මයේ ගති විද්‍යාව බව ව්‍යාධ දේවයෝ මට පසක් කර දුන් සේක. කාලය ගැන සිතීමේ අවසානය කාලයද සම්මුතියක් බව වටහා ගැනීම බව සිතේ. කාලයේ සීමාව සූන්‍යයට අසන්න වන විට අවකාශයේ පැවැත්ම අර්බුදයකට ලක් වෙන බව මම ව්‍යාධට තේරැම් කරන්නට හිතා ගතිමි. එහෙත් ඊට පෙර කාලයක් නැතිවද සිතිවිලි වලට පැවැත්මක් ඇති බව වැටහෙන්නට විය. අප කොදෙව්වේ ගණිතය වැඩිදුර හදාරනන් ජාතික මත වාදය කරට ගන්නේ ගෞතම සිද්ධාරථයෝ නිසා බව ව්‍යාධයෝ මට අවබෝධ වන්නට ඉඩ දුන් අයුරු පුදුමාකාරය. මක් නිසාද යත් බුදුන්ගෙන් තොරව මෙරට ජාතික මත වාදය පිළිඹද කෙසේනම් කතා කළ හැකිද?  සිද්ධාර්ථයන් තරම් ගණිතය පිළිඹද ප්‍රශ්ණ කළ අයෙකු මිහිපිට සිටියේ දැයි  දැන් මට සැක සහිතය. ඒ කාරණයෙන්ම පමණක් සිද්ධාර්ථයෝ යනු බුද්ධම නොවේ දැයි ව්‍යාධයෝ මගෙන් විමසන්නට විය. කාල් මාක්ස් නම් ප්‍රායෝගික දාර්ශනිකයා දයලෙක්තික චින්තනය මතු  වන්නේ මිනිස් චිංතනයේ උසස්ම අවධීන් වලදී බව පවසමින් ඒ සඳහා උදාහරණයට ගන්නේ පුරාණ ග්‍රීකයන් සහ බෞද්ධයන්වය. පවතින සාධක අරමුණු කර ගනිමින් සිද්ධාරථයන් උපදින්නට අවුරුදු හය දහසකට පමණ පෙර යුරේනස්, නැප්චූන් සහ පුලූටෝ ගැන යථා වාදී සොයාගැනීම් කර ඇති කාකබුද්දන්ජර නැමති ඉර්ෂි වරයා කර්ම පල වාදය පිළිඹද ගැඹුරු කියවීම් කර ඇති හෙයින් දයලෙක්තික චින්තනයේ සීමාවන් ලකුණු කිරීම ලාංකේය මාක්ස්වාදීන්ගේ යුතුකමක් නමුත් එය කිසිදා සිදු නොවන වග ව්‍යාධගේ නිහඩතාවයෙන් මට අවබෝධ විය. මට ඊනියා මාක්ස් වාදීන්, යාන්ත්‍රික භෞතිකවාදීන් හේතුවාදීන්, කියාගන්නා සියල්ලන්වම සටනට කැදවීමට ආවේගයක් පහල විය. එකිනෙහිම මහ හඩින් ව්‍යාධයෝ මොර දෙන්නට වී. ''මේ කාලය නෙමේ'' කියමින් ඔහු එක දිගට  හඩ නගන්නට වී. මට ඔඩිසි නාටකයේ ඔඩිසිව සිහිපත් විය. සතුරන් සමග අනිසි කාලයක සටනට යන්නට සිය පුත්‍රයා ඉදිරිපත් විමේදේ ඔඩිසි වීරයා කියන්නේද ඒ වචන තුනමය. සැබෑවටම ව්‍යාධගේ හැඩ රුව සහ එඩිතර කමත් ඔඩිසිට ආසන්න වශයෙන් සමානය. සීපදය තවම නින්නාද වේ. මම නැවත ව්‍යාධව සොයන්නට පටන් ගතිමි.
                    අවසානයේදී අාධ්‍යාත්මික ගති විද්‍යාව වූ ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ඔස්සේ මහා සාස්ත්‍රඥයන් ලෙස පෙනී සිටින මාධ්‍ය සාස්තර තක්කඩියන්ව සටනට කැදවන්නට මම තීරණය කරගත්තේ බොහෝ දුර දිග සිතා බලා උවත් එවිටම සීපදයේ අවසාන පදය පමණක් එක දිගට නින්නාද නැගෙන්නට වී.

''දිය බොන ලිදේ වැටුනම අපි මක්   කරමූ..................?" 
             
                            කාලය ගැන සිතනවාටත් වඩා කිසිවක් හැදැරීම පසෙක තබා  තමුන් ගේ සීමාවට අයිතියක්  නැති නොදන්නා සීමා මායින් වලට පැමිණ සකල විද දැනුම හොරා කමින් මාධ්‍ය ලොක්කන්වද රවටා, දාර්ශනික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින තක්කඩි නඩය ගැන සිතන්නට ගොස් මානසික අාතතිය, හිස රදය දෙගුණ තෙගුණ වූ නිසාම බිම ඇන තියාගත් මා හිස පාත්කර මානසික අාතතිය අඩු කර ගැනීමට උත්සාහ කෙළමි. එහෙත් දිනෙන් දින මානසික ආතතිය ගුණෝත්තර ශ්‍රේණියක් සිහිගන්වමින් මා අඩ පන කරන්නට විය. මම දිය පොදක් බොන්නට නැගිටින්නට සිතුවා පමණි. ව්‍යාධ දේවයෝ කසිප්පු භාගයක් මා අතට දී අතුරු දහන් විය. භාගය තුනකට කඩා කොටස් දෙකක් සප්පායම් වූ මම නැවත නැගී සිටියෙමි. අදෝමයි, සීපදය තවම නින්නාද වේ.
                         මිනිසා මත් වූ විට කාලය අවකාශයට මොළයේ පවතින්නට පුංචි ඉඩක්වත් සොභාවයා ලබා දෙන්නේ නැත. රතිකෙලියටද එසේමය. ලිංගික ආදරයේද එසේ වන්නේ එයද මානසික රති කෙලියක් නිසාය. ජ්‍යෝතිෂය ක්‍රම වේදයේ අාදරයට පස් වැන්නත් විවාහයට හත් වැන්නත් ලෙස අංශක තිහක පමණ විශාලත්වයකින් ජ්‍යාමිතිකව ස්ථාන ගත කර තිබෙන්නේ සොභාවයට පිටුපා සත්‍ය මතු කර ගත නොහැකි නිසාය. ගෞතම සිද්ධාර්ථයෝ වෙනස් වීමත් වෙනස් වෙන බව දේශනා කර තිබෙන බව මා අසා කියවා තිබේ. අනිත්‍ය යනු මරණය පමනක්ම නොවන බවද සැබෑවකි. කිසිත් නැති බවේ ගුණයටත් විශාලත්වයක් තිබෙන බවද සැබෑවකි. කොටින්ම විශාලත්වයකින් තොරව අඩුම තරමින් එක් වචනයක් වත් කිසිම භාෂාවකින් සොයා ගත නොහැක. ජ්‍යෝතිෂය නොදැන කාලය ගැන කතා කිරීම වනාහී යෝනිය ගැන නොදැන ගර්භාෂය ගැන හදාරනවා වැනි ක්‍රියාවකි. ගණිතයෙන් තොරව බුද්ධ ධර්මයද අවබෝධ  කර ගැනීමට පහසු වූයේ නම් බද්දේගම විමලවංස හිමියන්ට බෞද්ධ සංඛ්‍යා ශබ්ද කෝෂයක් ලියන්නට සිදුවන්නේ නැත. නූතන විද්‍යාවේ  මිත්‍යා අර්ධය වටහා ගැනීමට සඳහා මිනිසුන්ව ගණිතයෙන් සිතන්නටද පුරුදු පුහුණු කළ යුතුය. විශේෂයෙන්ම බුද්ධිමය මාධ්‍ය සන්දර්ශන වල රඟ  පෑමේ නිරතවන වැඩ සටහන් මෙහෙය වන්නන් සහ බුද්ධිමය දායකත්වය සපයන්න් ගණිතය පිළිඹද සාම්‍යාන්‍ය ලෙස හෝ යථා ඉවකින් සන්නද්ධ කළ යුතුය. නැතිනම් එවැනි වැඩ සටහන් විකට වැඩසටහන් ලෙස ගිලිහී යනු අැත.
 
                      සීපදය තවමත් නින්නාද වේ. කරත්ත කාරයාට පැල් රකින්නාට කාලය බොහෝ දිගු වන්නට ඇත. ජන ගායනා තුල කාලයේ දිගු බව නිසා ඇතිවන හුදකලා අවකාශයට විසදුම් තිබුණි.ශබ්දය සහ කාලයේ අන්තර් සම්බන්දයද   අවබෝධ වන්නට ව්‍යාධයෝ මා හට මං පෙත් පදා තිබේ. මමත් මගේ මිතුරෙකුත් ජන කවියේ න්‍යෂ්ටිය සොයන්නට පටන් ගත් කාලය කොහෙත්ම සුන්දර කාලයක් නොවීය. ඔහුගේ ජීවිත කාලය ලිබර්ටි ප්ලාසා බිල්ඩිම යට ගෝනියකින් හිස වැසූ බිල්ලෙකු වී අවසන් වූ බව ව්‍යාධ මට රහසින් පවසන විට මා මහ  හඩින් ඉකිගසමින් හඩන්නට විය. නමුත් මරා දැමූ ඒ මිත්‍රයා මට තවමත් මුණ ගැසේ. ඒ ජන ගී ඇසෙන විශ්වීය අවකාශයේදීය. එවිට ජන කවියේ දයලෙක්තිකය නුඹ සොයාගත්තා දැයි  ඔහු මගෙන් විමසයි. එවැනි අවස්ථාවල මම කරබාගෙන මත් පැන් සොයා යමි. එය පෞරෂයේ ගැටලුවක් බව අති පණ්ඩිතයෝ පවසති. ඒ සියල්ලන්ගේ පෞරෂය ඇත්තේ කොහිදැයි අසුව  දශකයේ භීෂනය යුගයේදී මාගේ ඇස් දෙකින්ම දැක තිබේ. ව්‍යාධයෝ මේ විත්ති මා හට  ලියන්නට බල කරන්නේ  අද ජීවත්වන නොදන්නා අයගේ දැනගැනීම සදහා බව මම දනිමි.

                            එකම සීපදය තවමත් කොහෙදෝ නින්නාද වේ. එහෙත්  එය මට කිසිසේත්ම කරදරයක් නොවේ. මට කරදරයක් වී තිබෙන්නේ මගේ අක්මාව සහ පෙනහලු පමණි. අහෝ ඒ දෙදෙනා මට සිතේ විදිහට මත් වෙන්නට ඉඩ නොදෙනේ ඇයි දැයි මම ව්‍යාධගෙන් ඇසුවෙමි. එයද කාලයේ ප්‍රශ්නයක් නොවේදැයි ව්‍යාධ මගෙන් ඇසූ සඳ මා ඉබේම සමාධි ගත වී මරණ බයද කාලයට ඇති බියම බව වටහා ගත්තේ නිරායාසයෙනි. සීපදය මට දස වද විද මරා දමන ලද මගේ ජන ගී මිතුරාග් මතකය යලි යලිත් අවධි කරන්නට විය. ඔහු තාරක යන බොරු නමින් එකල පෙනී සිටියේය. ඔහුගේ පෙම්වතිය ගුරු ගීතය සිනමාවට නගන දිනකට ප්‍රධාන නිලියට කදිම බව මා ඔහුට කීවා මතකය. එවිට තව නොබෝ දිනකින් සමාජ විප්ලවය සිදුවන බව ඔහු මට පුනා කියන්නට විය. ඔහුගේ සිහිනය තුල ගුරු ගීතයේ ලාංකීය අධ්‍යක්ෂක වරයා මා විය. ඒ සිහිනය ඔස්සේත් ඔහු මගේ මධුබීම සහ දුම් ඉරීම  නතර කිරීමට නොගත් උත්සාහයක් නැත. මම මගේ ජීවිතයටත් වඩා මධු මතට ලොල් වූවෙකු වූයෙමි. අවසානයේදී මා පක්ෂය ඇතුලට නොගන්නා බවත් එහෙත් මා අත් නොහරිනා බවත් ඔහු පැවසුවේය. එදා සිට ඔහු මා ඇමතුවේ කලකන්නි සහෝදරයා නමිනි. මේ කිසිත් නොදත් ආණ්ඩුවේ බුද්ධි අංශ මා අත්අඩංගුවට ගත් අතර වසර දෙකකට අාසන්න කාලයක් මා මරණ බයේ දිග පළල අත් විදිමින් සිගරට් සහ ලෝකල් ගසමින් කල් ගත කරන ලදී. එහෙත් ඒ කාලයේද මගේ තනි නොතනියට ව්‍යාධ දේව මගේ රෙට්ටුවේම සැතපෙන්නට පැමිනියේ කෙසේදැයි මම නොදනිමි.කෙසේ නමුත් ඒ නිමේෂයේ මා මරණයෙන් ගලවාගත්තේ මගේ මධුලෝලත්වය විසින් බව මම දනිමි. මධු යනු ආත්මීය කාල පරාසයේ තීරණාත්මක සාධකයක් බව අමධ්‍යපයන්ට නම් කෙසේවත් වටහා ගත නොහැක. එයද කාල අවකාශ ප්‍රශ්නයේම ප්‍රකාශනයක් බව පමණක් දැනට සදහන් කර තැබීම ප්‍රමාණවත්ය.
                            සීපදය දැන්නම් ඇසෙනේ ඉතා කිට්ටුවෙන්  මෙන් දැනේ. මම ඉතිරි වී තිබි මධු උගුරත් කටේ හලා ගතිමි. තාරක සහෝදරයාගේ  පෙම්වතිය මේ කාලයේ  වින්දා වූ දුක මා දැක තිබේ. දරු ප්‍රසූතියේදීවත් ගැහැණියක් එවන් දුකක් නොවිඳිනා බව හගිමි. විප්ලවයෙන් පසු ජීවත් වුව හොත් ඇය අෑත පලාතක කුඩා දරුවන් සදහා ජීවිතය කැප කරන  බව ඇය මට පැවසුවාය. ප්‍රේමයේ යථාර්තය ගැන ඔවුන් ගේ දැක්මට එකල මමද ඇලුම් කලෙමි.
                          සීපදය ලතාවකට තවමත් එක දිගට ඇසේ. නමුත් කිසියම් වෙනසක් තිබෙන බවක් නොදැනෙනවා නොවේ. එය දැන් ඇසෙන්නේ රැප් කරන ලද සංගීතයත් සමගිනි. ඩිජිටල් සංගීතයේ කරච්චලය පුරාණ සීපදයක් බැවින් කරදරයක් නොවුනා සේය. එක් කාරණයක් මට වැටහින. මා මේ හිටගෙන සිටින්නේ පිටකොවේ බෝගස යටය. ව්‍යාධයෝ නම් අරුම පුදුම පුද්ගලයෙක්ම වූහ. මා බෝධීන් වහන්සේට නමස්කාර කර මගේ ව්‍යාධ දෙවියා ඉක්මනින් හමුවේවා කියා ප්‍රාර්ථනා කලෙමි.  
                               මේ වන විට භීෂනය සැඟවී වසර තිහකටත් වඩා වැඩි කාලයක් ගතවී තිබේ. භීෂනය සැඟවී කියා මා කියන්නේ බොහෝ දුර හිතා මතා බව කවුරු කවුරුත් දැනගත යුතුය. අද තාරක සහෝදරයා ජීවත්ව සිටියා නම් ව්‍යාධ දේවගේ ඩිජිටල් සීපද රාවයට උරණ වීම අනිවාර්ය බව මම දනිමි. අනිවා කියා මා අතින් නොලිය වෙන්නේ තාරක සහෝදරයාට ගරු කිරීමට නම් නොවේ. ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසාය. මම ව්‍යාධ එන තෙක් ඔහේ  බලා සිටියෙමි. ක්‍රමයෙන් සූර්යා මුදුන් වෙන්නට විය. නැත ගැලිලියෝ ගේ සිතීමට අනුව එය එසේ විය නොහැක. මොක වුනත් මට මොකෝ කියා කෑ ගසන්නට මට හිතේ. මක් නිසාද යත් සූර්යා හෝ පොළව මොක වටේ ගියත් කාලය ගැන සිතීමට කෝණය ප්‍රමාණවත් බව මම වටහාගෙන ඇති නිසාය. සියලු විද්‍යාත්මක සොයාගැනීම් කාලය පිළිඹද ගතානුගතික කියවීම් වලට යටත්ය. ඒ නම් ‍‍‌‌‍‍ජ්‍යෝතිශ්ශාසිත්‍රය පිළිඹද   නොදැනුමයි.
                          
                           අන්තරීක්ෂ රසායන විද්‍යාව වේගයෙන් ඉදිරියට යන බව හෝ බටහිර රට වල මේ වන විට ජ්‍යෝතිෂය සහ බටහිර විද්‍යාවේ අන්තර් සම්බන්දය ඉහල මට්ටමක තිබෙන බව තවම මේ කොදව් වැසියෝ නොදන්නවා සේ පෙනේ. සැබෑවටම දන්නවා නම් මැතිවරණ කුමක් වේදැයි විමසීමට ලෝකායත ජ්‍යෝතිෂය ගැන මෙලෝ මලදානයක නොදත් හැදෑරීමක් නැති මාධ්‍ය සාස්තර තක්කඩියන්ගෙන් ප්‍රතිපල විමසීමක් සිදු කිරීමට කිසිසේත්ම කිසිවෙකුට පුලුවන් කමක් නැත. රජය සහ ආණ්ඩුවේ වෙනසවත් නොදත් තමන්ගේ පෙකනියට පහලින් ඔරලෝසු කාලමානයටත් වඩා නිවැරදි කාලමානයක් ඇති බව පමණක් නොව රංගන කාර්යේ වටිනාකමද හරි හැටි තේරුම් නොගත් දේශපාලනය පිලිඹදව අවභෝධයක් නැති අඩනිරුවත් ලලනාවියන්ට ජ්‍යෝති  උපදෙස් දීමට සැබෑ සාස්ත්‍රඥයෝ කිසිදා ඉදිරිපත් නොවන බව කවුරු කවුරුත් වටහා ගත යුතුය. මෝඩ බාලයාට තැනක් නොතැනක් නැත. දිගක් පලලක් නැත. සඳ  මත මිනිසා පා තබන අවස්ථාවේදී ප්‍රවීනයන් සේ පෙනී සිටින කපටි සාස්තර කාරයෝ අනාවැකි කියන්නට පටන් ගත්හ.  චන්ද්‍ර කේන්ද්‍රීය ක්‍රමයට හෝ සූර්ය කේන්ද්‍රීය ක්‍රමයට සඳ  මත සිට කාලය තීරණය කරන්නේ කෙසේද? එවිට චන්ද්‍රයාට පොහොය ලබන්නේ කුමන ග්‍රහයෙක් පදනම් කරගෙනද? 
              මෙවැනි විකාර කාරණා පළිඹදව තක්කඩි සාස්තර කාරයෝ වග නොකියන බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. මේ තත්වය තක්කඩි මාධ්‍ය වේදීන්ටත් මරේ මරුය. නූතන පරිභෝජන සමාජයක ගොනාට ඇන්දවීම සහ ඇද ගැනීමත්, ප්‍රචන්ඩත්වයත් කරලියට පමිණීම අනිවාර්ය සිදුවීමකි. මාධ්‍ය භාවිතයේදී සිදුවන්නේද රටේ පවතින මෙම ක්‍රියාවලියේම ප්‍රකාශනයක් විනා අන් දෙයක් නොවේ. අන්දයෝ අදුරට කැමැත්තක් හෝ අකමැත්තක් නැත. මාධ්‍ය පාරිභෝගිකයන් මේ මොහොතේ අන්ද වී සිටිනවා සේය. මාධ්‍ය ඉදිරි පිට අපහාසයට පත් වූවත් සාස්තර තක්කඩියන් නම් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට අධික කැමැක්තක් දක්වයි. ඒ මක් නිසාද යන්න ලියා තැබීම මෙවන් ලිපියකට තරම් නොවේ.
                      
                  කවුදෝ විත් මගේ පිටට තට්ටු කලේය. මගේ දැහැන බිදිනි. මේ නම් ව්‍යාධ දේව විය යුතුය. මම හැරී බලුවෙමි. පුදුමයෙකි.මහත්තයා සාස්තරයක් බලනවාද අසමින් සාස්තර කියන ගැහැණියක් බිම බලාගෙන සිටී. මම අත් දෙකම දිගු කලෙමි. ඕ මලක නමක් සිතාගන්නා ලෙස මගෙන් ඉල්ලීමක් කළාය. මම  සිතා ගත්තෙමි. මම සිතාගත් මල් වර්ගය අැය දස වතාවක් පමන කියන්නට තැත් කළාය. අවසානයේ මොකක්ද මාත්තියා ඉතපු මෙල යයි මගෙන් ඇසුවාය. මා සිතාගත් මල කෙහෙල් මල බව මම ඇයට පැවසුවෙමි. කෙහෙල් මලත් මලක්ද අසමින්  මට නියවමින් කාරා කෙල ගසා මා නොදන්නා මලයාලම් භාෂාවෙන් බැන වදිමින් ඇය යන්නට ගියාය. අද දින මගේ චන්ද්‍රයා සිටින භාවය ගැන සිතමින් මම අෑත බැලුවෙමි. මා දන්නා අදුනන තරුණියක් තරණයෙකුගේ කරේ එල්ලී ඉදිරියට එන අයුරු මම දුටිමි. එහෙත්  ඒ කවුද කියා මට නිච්චියක් නැත. ක්‍රමයෙන් මගේ මතකය අවධි විය. ඒ අර මරා පුලුස්සා දමන ලද තාරක සහෝයාගේ අවංක විප්ලව වාදී  පෙම්වතියයි. ඒ අැය බව විශ්වාශ කිරීමට නොහැකි නිසා මම තව තවත් විපරම් කලෙමි. ඇගේ වම් අල්ලේ සුලැගිලි දෙකක් තිබේ. සියල්ල නිවැරදිය. මම එකල ඇගේ ආදර නාමය වූ  "අල්තීනා" කියමින් ඉදිරියට පැන්නෙමි. ඇය මා හදුනා ගත්තාය. ඉක්බිති රවා බලා බදාගෙන සිටි තරුනයා අමතා ''පිස්සෙක්" කියමින් පස්සට පැන්නාය. තරුණයාගේ අත මිට මෙලවෙනවා දුටු මා පන්සල තුලට පැන ගත්තෙමි. ඔවුන් දෙපල පාර පැන පානදුර බසයකට ගොඩ වෙනවා මම පන්සලේ කවුලුවෙන් බලා සිටියෙමි. මගේ හිස කරකැවෙන්නට විය. කොටින්ම මුලු පිටකොටුවම මා වටා කරකැවෙන්නට වී. මගේ දෙපා පැටලෙන තත්ත්වයක් ඇතිවිය. මම වහ වහා ඉදිරියට ගමන් කෙරුවෙමි. ඒ නිමේශය ලාංකේය සමාජයේ මිනිස්සම්බන්ධතා ගිලිහෙන්නට පටන් ගත් මොහොත බව පසු කාලයක මම අවබෝධ කර ගත්තෙමි. වේගයෙන් ගමන් කළ මා කොටුව දුම්රිය පොල ඉදිරි පිට අවන් හල තුලට ඉබේම යැවුනි. මගේ නාසය අවන් හල තුල ඇති මිහිරි මත් පැන් සුවද මට හොරා හදුනා ගන්නට ඇත. මම එහි කාඹරයට ඇතුලු වීමට පෙර දොර අස්සෙන් එබී බැලුවෙමි. මම පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. කාලයක් අතුරුදහන්ව සිටි මගේ ව්‍යාධදේවයෝ  එහි වැඩ සිටියෝය. මා වටා කරකැවෙමින් තිබි නගරය වහා නිසල විය. මට ක්ෂණිකයෙන් පියවි සිහිය ලැබුණි. මම උගුඩුවෙකු සේ මත් වතුර බොන්නට පටන් ගත්තෙමි. ව්‍යාධදේවයෝ එක මත් වතුර උගුරක්වත් මට පේන්නට පානය නොකළහ. මම ඇති පදන් ඔහුට බැන වැදුනෙමි. මගේ හිස තුල පැලපදියම් වී තිබි සිනමා ලෝකයේ ගැඹුරු සංකල්ප රූප රාමු සියල්ල ඒ සහෝදරීගේ පිස්සා වචනය මත සැගවෙන්නට ඇත. 
                        කාලයක් මා හැර ගොස් සිටි ව්‍යාධ මේ අවන් හලට පාත් වූයේ කෙසේදැයි මා හිතන්නට වූ කල  මට කාලය මහා වදයක් සේ තවදුරටත් දැනෙන්නට වී. කාලය වදයක් වන සෑම විටම සුරාව ඒ තුල බලය තහවුරු කරගැනීම සොභාවයයි. සුරාවේ සහ ලිංගික ආදරයේද‌ භාවනාවේද තිබෙන ඒකත්වය ගැන මට පුදුමයක් දැනෙන්නට වී. එහෙත් සුරාව, ආදරය, භාවනාව මේ නිමේශයේ සතුරු වෙස් ගෙන ඇත්තේ කුමන කාරනා පදනම් කරගෙනද යන්න මම ව්‍යාධගෙන් විමසුවෙමි. ඒ දේශපාලනයේ කුහක කම බව ව්‍යාධයෝ කරුණු සහිතව මට පැහැදිලි කරන්නට වූහ. දැන් නම් සීපදය  ඇසෙන්නේ මගේ හිස තුලින්ම බව මට දැනුනි.
              මම ජනේලයෙන්  අහස බැලුවෙමි. හිර මුදුන් වී තිබේ. එහෙත්  චන්ද්‍රයාද පසෙකින් පෙනේ. සුර්යා මත ගොඩ නාගා ඇති සංස්කෘතික විශ්වය කොදෙව් වැසියන්ට සම්පූරණයෙන්ම ආගන්තුක නොවේදැයි මම ව්‍යාධගෙන් විමසුවෙමි. පිළිතුරක් වෙනුවට ඔහු මත් පැන් උගුරක් පානය කර දෑස් පියා ගත්තේය. මම සිරගත කර සිටින විට අපේ රට පීතෘ භූමියක් ලෙස ඔහේලාගේ මාක්ස් වාදී නායකයා පවසන්නේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කලෙමි. ලංකාවේ මුල් යුගයේ සමාජය මාතෘ මූලික නොවන බවත්, පීතෘ මූලික බවත් එහෙයින් න්‍යායිකව ගත් කළ අප රට පීතෘ භූමියක් බවත් ඔවුහු පැවසූහ. එහෙත් උපාය මාර්ගිකව ඔවුන් ප්‍රචාරක කටයුතු සදහා මාතෘ භූමියක් ලෙස සලකන බව මට වැටහින. මේවා මේ ආකාරයෙන් සරලව  සැලකීම සම්බන්ධව මම විරුද්ධ තරක ඉදිරි පත් කිරීමේදී ඔව්හු මට බුද්ධි වාදියා කියා කොලාප්පන් කරන්නට වූහ. මා නම් අනාගතයේ භීෂණයක් ඇති වන වග දැන ගත්තේ ඒ දින වලදී බව ව්‍යාධට පවසන විට ඔහු කොක් හඩ ලා සිනාසෙන්නට වී. කාලය සම්බන්ධ සියලු නියාම සූර්යා මත නොන්ඩි ගසන්නේයයි කියමින් ව්‍යාධ තවත් මත් වතුර වීදුරුවක් හිස් කර දමා බඩ අල්ලන් සිනා සෙන අයුරු මම උපේක්ෂාවෙන් බලා සිටියෙමි. ඔරලෝසු කාලයට ඇත්තේ එක් මානයක් පමණි. ඒ සූර්යාගේ චලිත මානයයි. ‌‍ජ්‍යෝතිෂය ක්‍රම වේදයට සරලව ගත් කල කාල මාන නවයක් තිබේ. ගැඹුරින් ගත් කල තව බොහෝ කාල මානයන්  ගණනය කිරීමට ක්‍රමවේද බොහෝ තිබේ. අසූ නව සිත් ලෙස සිත  වර්ග කර එහි ආධ්‍යාත්මික චලිතය විස්තර කිරීමට සූර්ය කාලය පමනක් ප්‍රමානවත් නොවන බව ස්වභාවයෙන්ම හදාරා විවිධ ක්‍රමවේද ඔස්සේ මිනිස් අත්දැකීම් න්‍යාය ගත කරගත් මිනිසා අවිඤ්ඤාණයට විද්‍යාත්මක ප්‍රවේශයකින් ආසන්න වීමට තැත් කිරීම පසුගාමී චින්තනය හමුවේ අවිද්‍යාවක් වීම නොවැලැක්විය හැකි දෙයක් බව අපි දනිමු. අවිඤ්ඤාණය යනු අනාගතයේ ප්‍රකාශනයකි. මිනිසා මෙය ජය ගැනීමේ උත්සාහයේ ආරම්භය මිනිසා බිහිවීමේ ආරම්භය කරා දිව යයි. 

                           ආදි මිනිසා කඳු  උඩ, ගල් පර්වත උඩ සිය ආධ්‍යාත්මය අවධි කර ගැනීමට  මුල් පියවර තබන ලදී. කදු උඩ ගල් උඩ දිවි ගෙවීමට හේතු භූත වූ කරනා වෙනම කතාකළ යුතු දෙයකි. වංස කතා කරුවන් ගේ කියවීම් නැවත කියවීමකින් පසු එසේ කළ යුතුව තිබේ. සතුන්ගෙන්, ගින්නෙන්, සතුරන් ගෙන්, ජලයෙන් ආරක්ෂා වීමට මිනිසාට උස් ස්ථාන බොහෝ  ප්‍රයෝජනවත් බව අදටද සැබෑවකි. මිනිස් ආධ්‍යාත්මයේ අවිඤ්ඤාණයට අත්‍යාවශ්‍යය සාධකයක් ලෙස සූර්යා චන්ද්‍රයා ප්‍රමුක ග්‍රහ වස්තූන් තමන් ගේ ජීවිතයට ස්වභාවයෙන්ම බදිධ වී තිබේ. මිනිසා බුද්ධියෙන් දියුනු තත්ත්වයට පත් වෙන විට බොහෝ දේවල් දිනා ගත් බව සැබෑවකි. එහෙත් ව්‍යාධ දෙස බලන කළ මිනිසා බුද්ධියෙන් උසස් වන  විට බොහෝ වටිනා දේවල් අහිමි කරගෙන ඇති බවද සදහන් කළ යුතුය. කාලගුණය පිළිඹද පමණක් නොව අනාගතය පිළිඹද ඉව තිරිසන් සතුන්ට නම් තවමත් ඉතිරි වී තිබේ. මිනිසාටද මුල් අවධිවල එම තත්ත්වය විශාල වශයෙන් තිබි නමුත් අද වන විට එම කලින් යමක් දැකිය හැකි මිනිසාගේ ඤාණය පිළිඹද අදහස ඊනියා යාන්ත්‍රික හෞතික වාදීන් විසින් මිත්‍යා මතයක් ලෙස වර්ග කර  ඔවුන් මහා බුද්ධිමතුන් මෙන් පෙනී සිටී. මමද ව්‍යාධ හමුවීමට පෙර එවැනි මතවාද වලට දිගට හරහට පහර දුන් අයෙක් වෙමි. මම මේ ගැටලුව පිළිඹද විමසීමට ව්‍යාධ දෙස බැලු වෙමි. උන් වහන්සේ මධු මතින් ධ්‍යානයකට සම වැදී සිටිත්. උන් වහන්සේ ක්ෂණිකව නෙත් හැර මා හට නියවමින් මට අාවේශ වූවා සේය. 
   
                        කාලය විනිවිදින්නේ නැතිව යමෙකු සිතන සියලු දර්ශන, ධර්ම කලක් යන විට විකාරයක් බවටම පත් වෙයි. සියලු සිද්ධාන්ත න්‍යායන් ගොඩ නගා ඇත්තේ සූර්ය කාලය  මුදුනා කර ගෙනය. මිනිසා අභ්‍යාවකාශයේ සැරි සරන්නේද සූර්ය කේන්ද්‍රීය කාලයට සාපේක්ෂ ප්‍රවේගය නැමති මුක්කුව ගසාගෙනය.  එහෙත් අභ්‍යාවකාශයේදී ඒක මාන කාලය මත ගොඩනගා ගත් සියලු සංකල්ප බල රහිත බවට පත් වේ. මෑතකදී නිර්මාණය වූ "ග්‍රැවිටි"  නැමති බටහිර සිනමා පටය නැරඹීමෙන්ද මේ තත්ත්වය තරමක් දුරට වටහාගත හැකිය. සියලු විද්‍යා ප්‍රබන්ධ කරුවෝ මහා යානය, තන්ත්‍ර යානය පිස්සුවෙන් මෙන් සොයන්නට ගෙන ඇති බව ව්‍යාධයෝ මට පවසන්නේ අපහසයක් ලෙස බව මම දනිමි. ඉක්බිති ව්‍යාධදේවයෝ මගෙන් මෙසේ විචාරන්නට වී

"මහා යානයට පෑයූ සූර්යන් සිව්දෙනා සේ සලකන සංඝයා වහන්සේලා සිව් දෙනාගෙන් එක් අයෙකු වූ අරිය දේව හිමියෝ මේ කොදෙව් වාසියෙක් බව තොප දන්නෙහිද?'' 

''සියලු බෞද්ධ යානයන්ගේ පදනම ඇත්තේ තොප විසින් හරි හැටි හදාරන්නේ නැති  ත්‍රීපිටකයේම බව තොප දන්නෙහිද?"

"ලග්ගල යනු ඉලක්කගල යන්නම බවත් මේ කොදෙව්වේ හරි මැද වූ එහි නාලන්දා ගෙඩිගේ ගොඩ නගා ඇති බවත් හරියටම එය ඉලක්ක කර සූර්ය දිව්‍යය රාජයා ගමන් කරන බවත් බටහිරුන් එය හැදෑරීමෙන් පසු ග්‍රිනිච් කාල අපගමනයන යලි සංශෝධනයට ලක් කළ බවත් මේ වනවිටත් එහි සැබෑ තත්වය සගවා ඇතැම් ඊනියා විද්වතුන් ලෙස පෙනී සිටින්නෝ  කටයුතු කරන බවත් තොප දන්නෙහිද.''

''ප්‍රාග් බෞද්ධ යුගයේ කාලය පිළිඹද බොහෝ මතවාද ලියවී ඇති බවත්, ඒවා හැදෑරූ විද්වතුන් අද පවා ජීවත් වන බවත්, ඔවුන් පසෙකට වී නිශ්ශබ්දව කාලය පටලවා ගත් ඊනියා බුද්ධි වාදීන් දෙස උපේක්ෂාවෙන් බලා සිටින බව තොප දන්නෙහිද?"


''‍අභයගිරි සංස්කෘතික අවකාශය තුල කාලය පිළිඹද කියවීම් වලට තොප මහා ලොකුවට හිස මත තබා ගෙන සිටින කාලය සහ අවකාශය පිළිඹද මහා කියවීම් අන්ත අසරණ බව තොප දන්නෙහිද?''


''සිද්ධාර්ථයෝ විසින් අතික්ක්‍රමනය කල මහා වීරලා පවා වටහාගෙන සිටි ඉතිහාසය යනු ක්‍රියාවක් ඉදිරියට තල්ලු කිරීම බවත් අනාගතයේ සිරිත ඕනෑම ක්‍රියාවක් තමා දෙසට ඇදගැනීම බවත් ඒ තත්ත්වයන්ට හිරවී සිටින වර්තමානය ගැන තන්ත්‍රයානය උඩින් පල්ලෙන් කියවා විකාර කියමින් සමහර අහිංසක බටහිර සංකල්ප පවා බාල්දු කරමින් සවභාව විද්‍යාව පටලවාගෙන මිත්‍යා මත පතුරවන්නේ දැනුම සහ නොදැනුම තුල දේශපාලන අවුලක් නොව රත් පිත් උන්මාද තත්ත්වයේ ප්‍රකාශනයක් බව තොප දන්නෙහිද?
                  
                           එන  පොට හොද නැති බව මට වැටහින. ව්‍යාධගේ කටද එතරම් හොද නැත. මේ ප්‍රකාශ වැඩිදුර ගියහොත් බොහෝ දෙනෙකුගේ බඩේ පහර වැදීමටද ඉඩ ඇත. නැතිනම් මට පිස්සු වැටීමටද බැරි කමක් නැත. දැනටද ඔලුව කැරකෙන්නට පටන් ගෙන තිබේ. මේවා ගැන භාගෙට හදාරා පාලු ගෙවල් තුල වළං බිදින්නේ සමාජ තත්ත්වයක් ගොඩ නගා ගෙන සුර සැප විද ඉතිහාසයට විද්වතෙක් ලෙස එක් වී කොළඹ කනත්තේ මිහිදන් වෙන්නට සිහින දකින අහිංසකයන්ය. තන්ත්‍රයානය කියවා ඒ බව සඟවා කාල අවකාශ තත්ත්වයන් සාපේක්ෂක නියමයන්ට පටලවා නිර්මාන සාහිත්‍ය කටයුතු වල නියැලුන මහා විද්වතුන් සමග  ව්‍යාධයෝද ඇති පදම් මධු පානය කර තරක විතර්ක කළ අයෙකු බව මම දනිමි. එසේ නම් ඔවුන්ගේ වංදිබට්ටයන් යනු ව්‍යාධදේවට කුරුපුංචන් පමණි. ව්‍යාධ යනු ඉතිහාසය සේ දකින තලුලු කිරීමේ සිවභාවයේ ප්‍රාග් බෞද්ධ දෙවියෙකු බව මම විශ්වාස කරමි. එසේනම් වරතමානයේ ආධ්‍යාත්මයේ සලු පිලි වලට යට ඉන්නේ ඔහුමය. ආනයනය කළ අතීත කාමය යනු ව්‍යාධගේ හෙවනැල්ල මිස කාබනික ශරීරය විය නොහැකිය. එහෙයින්ම උන් වහන්සේ අනාගතය නැමැත් අදින්නාගේද හෘද ශාක්ෂියේ ජීවමාන අවතාරයයි. මම උන් වහන්සේට බිය වෙමි. එහෙයින්ම සංකල්ප සමග හැංගි මුත්තන් කිරීමට උන් වහන්සේගෙන් මට අවසර නැත. උන් වහන්සේට දුර්වල කම් දෙකක් තිබේ. එකක් නම් පවතින මොහොතේ දාරශනික පරිනාමයේ කුනු කන්දල් රැස් කර තබා ගැනීමේ අශාවයි. අනික නම් එහෙන් මෙහෙන් තට්ටු දාන්නට ගොස් මානසික ආතතිය මතු වුවහොත් කට මෙන්ම ලීවීමටද ලැජ්ජා නැති කමයි. උන්වහන්සේ ලජ්ජා නහරය විසංදිකරගත් අයෙකි. එහෙත් නිවැරදි දේ මෝඩයෙකුගෙන් උවත් දරුවෙකු සේ හැදෑරීම  උන්වහන්සේ්ගේ සිරිතයි. ලිවීමට තිත තබා සිටි මට මා විශ්වාස කර සිටි අලුත් පරපුර සැබෑව ලියනවා වෙනුවට  කොල මැල්ලුම් ලියන්නට දේශපාලන කුබ්බෑයම් වල  පොරකන අයුරු මම දුටුවෙමි. මට කලින් මේ තත්ත්වය ව්‍යාධ දැක මට නියවන්නට වන.
                       ව්‍යාධ නැවතත් සීපදයක් ගයන්නට සැරසේ.එහෙත් තවම පැහැදිලිව ඇසෙනේ නැත. අපේ මහ පොළවට සූර්යාට වඩා චන්දුයා එක් පසකින් බොහෝ වැදගත් බව දැනේ. කොටින්ම පරිසරයටත් ස්ත්‍රියටත් මිනිස් ආධ්‍යාත්මටත් චන්ද්‍රයා කොදේසි විරහිතව බලවත් බව සදහන් කල යුතුය. මුලු මහත් කෘෂිකර්මාන්තයම චන්ද්‍රයාගේ ගමන මත තේරුම් ගත හැකිය. චන්ද්‍ර කේන්ද්‍රීය කාලය මර්ධනය කරමින් සූර්ය කේන්ද්‍රීය කාලය රජ වන්නේ බලය සම්බන්ධ අරගලයක අතුරු ප්‍රතිපලයක් වශයෙනි. ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට සෘජුවම චන්ද්‍රයා සම්බන්ධය. ඔසප් වූ දින සිට චන්ද්‍රයා වටයක් චලිත වූ විට නැවත තමා ඔසප් වන බව එදා ස්ත්‍රීහු අත් දකීමෙන්ම දැන සිටියහ. මුලු පරිසර පද්ධතියම ඊට සමගාමීව චලිත වීම ස්වභාවයේ නියමයම වේ. කාල මානයක් වූ ස්ත්‍රී යෝනිය එදා ඍතු මාර්ගය ලෙස හැදින්වීය. පසුව සෘතු මග උතුමග හුතු මග ඔස්සේ හුත්ත බවට නාමකරනය වූ අකාරය මනරම් භාෂා චාරිකාවක් බවද සදහන් කළ යුතුය. අනාගත වගකීම සම්පූර්ණයෙන්ම දරා සිටින දරු මගට භාවිත කරන වදන් පවා කුනුහරුප වී අශිෂ්ඨ බවට පත් වන්නේ පුරුෂ මූලික දේශපාලන විශ්වය බලය තහවුරු කරගත්  පසුවය. ඒ මා අවෙබා්ධ කරගත් දේවල් සියල්ල ඉදිරියේදී ඔබ සමග බෙදා ගැනීමට මම බලාපොරොත්තු වෙමි.
                          පරිසරය සහ චන්ද්‍ර කේන්ද්‍රීය කාලය පරමාර්ථ සත්‍යය මත තබා අවබෝධ කරගත යුතුය. යක් යන්න වෙනුවට දෙව් යන්න යොදන්නට අපේ මුත්තන්ට සිදුවූයේ කවර කාලයකද එම කාලයේදීම චන්ද්‍ර කේන්ද්‍රීය කාලය මර්ධනය වන්නට ඇත. ව්‍යාධ යක් ව්‍යාධ දේව වන්නට ඇත. මියුගුණ සෑය, සමනල කන්ද, කැලනිය, කතරගම, දෙවිනුවර යන තැන් වලින් අපේ ආදි වැසියෝ එදා කරබාගන ඉවත් නොවන්නට ඇත. අපේ අදි වැසියෝ කල් යල් බලා බුදුන්වද තම ආගමට හරවා නොගත්තානම් වින කැපීමට බුදුනුවන් සම්බන්ධ වන්නට කිසිසේත්ම පුලුවන් කමක් නැත. දැඩිමුණ්ඩ යකා උපුල්වන් දෙවියන් බවට පත් කරගැනීමත් ඉන්ද නොනැවතී උපුල්වන් දෙවියන්ව විෂ්ණු දෙවියන් හා එකට පාස්සා ගැනීමත් කුහක දේශපාලන කුමන්ත්‍රණයක් නොවේදැයි මම ව්‍යාධගෙන් ප්‍රශ්න කලෙමි. කුහකත්වය යනු අද ඊයේ ඇති වූවක් නොවේ යයි පවසමින් ව්‍යාධයෝ මා අතට රණ පොරවක් දී අතුරු දහන් වූහ. රණ පොරව යනු ප්‍රාග් ඓතිහාසික යයි කියන යුගයේ ගල් නියන හෙවත් හෙන ගුලියේම විකාශනයකි. රණ පොරව ගල් කටස් එක වීම දක්වා  වූ කාලයේ දේශපාලනය නොදැන ලෝකායත ජ්‍යෝතිෂයෙන් නූතන අවධියේ දේශපාලන අවකාශය පිලිඹදව අනාවැකි කියන්නට යන්නේ සාසත්‍රඥයන් නොව හොර සාස්තර තක්කඩියන්ය. ජ්‍යෝතිෂය යනු කාලය පිළිඹද සිතීමේ විද්‍යාවක් බව ජ්‍යෝතිෂය හදාරන්නන්  සහ යාන්ත්‍රික ෙභෟතික වාදීන්ද දැන්වත් දැනගත යුතුය. එය පැරණි මලගිය විෂයක් නොව ජීවමාන විෂයකි. කාලය තුලින් සිතීමේදී අතීතයේ සිට විකාශනය වන දේශපාලන සමාජ චලනයන්ද  සිතීම සමග බද්ධ  වී ස්වභාවයට අනුරෑපව කදිමට  අනාවැකි  නිර්මාණය වේ. ඒතුල ජීවත් වීම ආවේශය වන අතර මේ කටයුත්තේදී ඒ නියමයන්  තුලම ජීවත්  වීම දිෂ්ටිය ලෙසද  සරලව වටහා ගත  හැක. මේ වචන පවා අද භාවිතයෙන් දුරස් වී ඇත්තේ සැබෑවටම එදා මේ කොදෙව්වේ සිවිල් සමාජය සංවර්ධානාත්මකව නිර්මාණය වීමට කොන්දේසි නොතිබූ නිසාය. මම වට පිට විපරම් කෙරුවෙමි. ව්‍යාධදේව නැවත අතුරු දහන් වී ඇත. එහෙත් ඈතින් ව්‍යාධයන්ගේ හිනා හඬ යටින් දැඩිමුන්ඩ උපතේ සීපදයක්  රාව නැගෙන්නට වී .

අසන්ඩ නන්දන සුරතල් කීව           එකෙන්දී
වවන්ඩ සුන්දර එසුගත් සස්න             වරන්දී
දරන්ඩ මුද්දර දිලිනිල් වේවැල්          බොන්දී
යකුන්ඩ  ගින්දර සෙනරත්           අදිකාරන්දී        

                                      MARAYA





ජගත් මාරසිංහ 







































  




Powered by Blogger.

Follow by Email